ඔයාව නිතර පීඩාවට පත් කරන හිසරදයට පිළියම්

September 15, 2020
6,387
Home remedies for headaches
මානසික ආතතිය හා පීඩනය වගේම හිසරදයට බලපාන හේතු රාශියක් තියෙනවා. හිසරදය ඇති වුණාම වේදනාශක පෙති බොන්න තමයි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ. කොහොම වුණත් නිවෙස්දීම කරන්න පුලුවන් පිළියම් භාවිතයෙන් හිසරදය සුව කර ගන්න ඔබටත් දැන් පුළුවන්. හිසරදය සුව කිරීමට උපකාරී වන නිවෙස් පිළියම් ගැන දැනගැනීමට මෙ ලිපිය උපකාරී වේවි.

අද ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි හිසරදය කියන්නේ. ඔලුවේ කැක්කුම නිසා අද පීඩා නොවිඳින කෙනෙක් හොයා ගන්නවා කියන්නේත් අමරු දෙයක්. මොකද වයස් භේදයක් නැතුව ගොඩක් දෙනෙක් හිසරදය නිසා පීඩා විඳිනවා. ප්‍රධාන වශයෙන් හිසරදය වර්ග තුනක් තියෙනවා. එනම්:

* හිසරදය ආතතිය නිසා ඇති වන්නේ නම් ආතතිය වැඩි වන විට පුද්ගලයාට වැඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේ ආකාරයේ හිසරදයක් පවතින විට බෙල්ලේ පිටුපස සිට වේදනාව දැනෙන අතර හිසෙහි ඉහළ හා ඉදිරිපස දක්වා දිගටම පවතී.

* ඉරුවාරදයෙන් ඇති වන හිසරදය පාරම්පරිකව එන තත්ත්වයක් වන අතර මෙය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ දක්නට ලැබෙනවා. ස්නායු අසාමාන්‍යතා මෙන්ම කම්පනය, ශෝකය, මානසික චිත්තවේගයන්, ආමාශ ආන්ත්‍රික අසාමාන්‍යතා සහ තවත් බොහෝ දේවල් මෙයට බලපානවා. 

* නිතර නිතර හැදෙන හිසරදය සාමාන්‍යයෙන් ඇති වන්නේ මත්පැන් සහ දුම් පානය නිසයි. 

ඔයා කුමන ආකාරයේ හිසරදයක් අත්විඳියත්, සමහර රෝග ලක්ෂණ සහ හේතු පොදුයි.

හිසරදයේ පොදු රෝග ලක්ෂණ;

හිස, බෙල්ල සහ ඇස් වල වේදනාව
මානසික අවපීඩනය
දේවල් බැලීමේ අපහසුතාව
ව්‍යාකූල මනස

හිසරදයට පොදු හේතු;

ආතතිය සහ පීඩනය
අක්ෂි ආබාධ 
අසාත්මිකතා
අඩු රුධිර පීඩනය, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය හේතුවෙන්
මලබද්ධය හෝ විජලනය
අධික සීතලකට හෝ උෂ්ණත්වයකට හදිසියේ නිරාවරණය වීම
කුසගින්නේ සිටීම
නින්ද නොයාම

හිසරදය සඳහා නිවෙස් පිළියම්:

- ඔයා නිතර නිතර හිසරදයෙන් පෙළෙනවා නම්, දිනපතා හිස් බඩට, ලුණු ඉස ඇපල් ගෙඩියක් අනුභව කරන්න. පස්සේ උණුසුම් ජලය හෝ කිරි වීදුරුවක් පානය කරන්න. වඩා හොඳ ප්‍රතිඵල සඳහා මෙය දින 10 සිට 15 දක්වා අඛණ්ඩව පරිභෝජනය කරන්න.

- ඔයාට සයිනස් හිසරදයක් තිබේ නම්, නැවුම් හෝ වියලන ලද ඉඟුරු කුඩු යොදා තම්බා ගත් ජල වාෂ්ප ආශ්වාස කරන්න පුලුවන්.

- නිදන්ගත හිසරදයෙන් මිදීමට, රාත්‍රියේ නින්දට යාමට පෙර ඔයාගේ කකුල් උණු වතුරේ තබන්න. දින 15 සිට 20 දක්වා නොකඩවා දිගටම කරන්න.

- කපුරු තෙල් බින්දු කිහිපයක් උණු වතුරට දාලා එම වාෂ්ප ආශ්වාස කරන්න.

- කුරුඳු පේස්ට් එකෙන් තේ හැඳි 1/2 ක් අරන් ඔයාගේ නළල මත ආලේප කරන්න.

- ලෙමන් පොත්තක් කුඩු කරලා පේස්ට් එකක් සාදා ගන්න. මෙම ඝන පේස්ට් එක නළලේ ආලේප කරන්න.

- නිවිති යුෂ 200ml ක් සහ කැරට් 300ml ක් මිශ්‍ර කරලා නිතිපතා පානය කරන්න. මෙය ඉරුවාරදය, හිසරදය සුව කිරීමට උපකාරී වෙනවා.

හිසරදය වළක්වා ගන්නේ කොහොමද?

- නියමිත වේලාවට නිතිපතා ආහාර අරගෙන ඔබේ පෝෂණය ගැන අවධානය යොමු කරන්න.
- ඔයාට බොහෝ විට හිසරදය ඇත්නම් කෙසෙල් අනුභව කරන්න.
- ආතතියෙන් තොර ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන්න.
- හිසරදය අත්විඳින විට, ක්ෂණික සහනය සඳහා සීනි තේ හැන්දක් හෝ මිහිරි දෙයක් අනුභව කරන්න. මිහිරි හා මෘදු රසයන් හිසරදය සඳහා ප්‍රතිකාරයක් ලෙස සලකනවා.
- වතුර ගොඩක් බොන්න.
- බැදපු ආහාර කෑමෙන් වළකින්න.
- හොඳ නින්දක් ලබන්න. ඒක බොහෝ සෞඛ්‍ය ගැටළු වලින් මිදීමට උපකාරී වනවා.
- චීස්, රතු මස් සහ චොකලට් වැනි ආහාර වලින් වළකින්න.
- පලතුරු සහ එළවළු ඇතුළත් කර ගනිමින් ඔබේ ආහාර වේලට පුලුවන් තරම් තන්තු එකතු කර ගන්න.
- ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් සී, විටමින් බී 12, විටමින් ඩී බහුල ආහාර අනුභව කිරීම වැඩි කරන්න
- හිසරදය වළක්වා ගැනීමට කිරි නිෂ්පාදන ද උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1826 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:55:52 AM
Script:/article/1826/home-remedies-for-headaches.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:55:53 AM
Script:/article/1826/home-remedies-for-headaches.html