ඔබේ නිදන කාමරයට ‍රෝයල් ලුක් එකක් ලැවෙන්ඩර් වලට දෙන්න පුළුවන්

October 3, 2019
12,174
Give a royal look to your bedroom with lavender
ලැවෙන්ඩර් කියන්නේ රාජකීයයන් භාවිතා කරන වර්ණයක්. කොටින්ම ඔබේ නිවසට තේජාන්විත බවක්, රාජකීය බවක් ආරෝපණය කරන්න අවශ්‍ය නම් ඒ සඳහා ගන්න පුළුවන් හොඳම තීරණයක් තමයි ලැවෙන්ඩර් කියන්නේ. විශේෂයෙන්ම ඔබේ නිදන කාමරයට ලැවෙන්ඩර් භාවිතා කරන්න පුළුවන් මොන විදිහට ද කියලා අපි බලමු...

නිදන කාමරය ඔබේ විවේක ස්ථානයයි. ඒ වගේම ඔබේ ආත්මයට සුවයක්, සන්සුන් බවක් සහ සන්සුන් කම්පනයක් දැනවීමට වර්ණවලට හැකියාවක් ඇති අතර එමඟින් ඔබට ප්‍රබෝධයක් සහ නැවත ඉපදීමක් සිදු වෙයි. හැමතිස්සෙම ඒ සන්සුන්කම කාමරයෙන් ඔබට දැනෙන ඕනේ. ඔබේ නිදන කාමරයේ මෙම සුවපහසු සන්සුන් වාතාවරණය සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳම ක්‍රමවලින් එකක් වන්නේ සුදුසු වර්ණ භාවිතා කිරීමයි. වර්ණ වලට පුළුවන් ඔබේ ආතතිය හා කාංසාව අඩු කරන්න, විවේකය ප්‍රවර්ධනය කරන්න සහ ඔබේ අවකාශය වඩාත් පුළුල් ලෙස පෙනෙන්නට සලස්වන්න.

ලැවෙන්ඩර් කියන්නේ අද කාලේ ගොඩක් දෙනෙක් භාවිතා කරන ට්‍රෙන්ඩින්ග් වර්ණයක්. අපි කවුරුත් දන්න දම් පාටට නෑකම් කියන "ලැවෙන්ඩර්" කියන්නේ රෝස පැහැයේ මිහිරි බව, දම් පැහැයේ ශක්තිය සහ නිල් පැහැයේ සිසිල් බව එක් වූ ආකර්ෂණීය වර්ණයක්. සමහරවිට ඔබේ නිදන කාමරය අලංකාර කිරීම සඳහා ලැවෙන්ඩර් භාවිතා කිරීම සමහර විට ප්‍රාථමික පැහැයක් විදිහට ඔබට හිතෙන්න පුළුවන්. නමුත් එය තරුණියන්ගේ, කුඩා දැරියන්ගේ නිදන කාමර වලට ගැළපෙනම වර්ණයක්. මොකද ගෑණු ළමයි කොහොමත් ලා වර්ණයන්ට ආසයිනේ. ඒ වගේම ඔබ නොදන්නවා වුණාට දම් පාට සහ ලැවෙන්ඩර් කියන්නේ රාජකීයයන් භාවිතා කරන වර්ණයක්. කොටින්ම ඔබේ නිවසට තේජාන්විත බවක්, රාජකීය බවක් ආරෝපණය කරන්න අවශ්‍ය නම් ඒ සඳහා ගන්න පුළුවන් හොඳම තීරණයක් තමයි ලැවෙන්ඩර් කියන්නේ. විශේෂයෙන්ම ඔබේ නිදන කාමරයට ලැවෙන්ඩර් භාවිතා කරන්න පුළුවන් මොන විදිහට ද කියලා අපි බලමු...

* නිදන කාමරයට






ඔබ සාමාන්‍යයෙන් සම්ප්‍රදායෙන් එපිටට හිතන කෙනෙක් නම්, තරමක් සරල නිදන කාමරයකට කැමති නම් කාමරය අලංකාර කරන්න හොඳම වර්ණයක් තමයි ලැවෙන්ඩර් කියන්නේ. විශේෂයෙන්ම බොහීමියානු මෝස්තරයේ බොහෝ විට දක්නට ලැබෙන ශක්තිමත් වර්ණයක් වන මෙය, දම් වෙනුවට ආදේශ කරන්න පුළුවන්.

* ලැවෙන්ඩර් ඔම්බ්‍රේ බිත්ති (Lavender Ombre Walls)





ඔබට අවශ්‍ය ඔබේ විදිහටම අනන්‍ය වූ නිදන කාමරයක් නම් "ඔම්බ්‍රේ" විලාසිතාවට යොමු වෙන්න පුළුවන්. ඔබේ ප්‍රියතම වර්ණ තුනක් හෝ වැඩි ගණනක් තෝරගන්න. නැත්නම් තීන්ත සාම්පල් තීරුවක වර්ණ භාවිතා කර එය අත්හදා බලන්න. නමුත් විශාල තීරු සිට හීනි ඉරි රටා දක්වා මෝස්තර කාමරයට යොදන්න එපා. එවිට ඔබට අලංකාර ඔම්බ්‍රේ ආචරණයක් අහිමි වේවි.

*ලැවෙන්ඩර් ආකර්ෂණීයයි



කුඩා නිදන කාමරයක් ඔබට තිබෙනවා නම් හෝ නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම්ඒ සඳහා ලැවෙන්ඩර් වර්ණය යෙදීමෙන් එය මනස්කාන්ත කාමරයක් කරගන්න ඔබට පුළුවන්. මෘදු ලැවෙන්ඩර් ආලේපිත කාමර බිත්ති කියන්නේ පොකුරු පහනක්, විදුලි පහනක් හෝ සුන්දර හෙඩ් බෝර්ඩ් එකක් සඳහා කදිම පසුබිමක්. එහෙම කාමරයක් හරිම ලස්සනයි.

*ලැවෙන්ඩර් නිදන කාමරයකට ලෝහමය භාණ්ඩ






උණුසුම් ලෝහමය ගෘහ භාණඩ හෝ කාමර සැරසිලි මඟින් ලැවෙන්ඩර් බිත්තිවලට අමුතුම නව්‍යතාවයක් එක් කරනවා. ඒ වගේම ඔබේ නිදන කාමරයේ සෑම අවකාශයක් සඳහාම ශක්තිමත් දීප්තියක් සපයනවා.

*ලැවෙන්ඩර් නිදන කාමර බිත්ති









ඔබ නිදන කාමරයට ලැවෙන්ඩර් පසුබිමක් භාවිතා කරන්න අවශ්‍ය නම් කාමරයේ අවකශයට ගැළපෙන විදිහට අනෙකුත් භාණ්ඩ හා ද්‍රව්‍ය වලට එම ස්පර්ශය ලබා දෙන්න. උදාහරණයක් විදිහට ඔබේ ඇඳේ බ්ලැන්කට්ටුව සහ කොට්ටය ලැවෙන්ඩර් වර්ණය සමඟ යා වෙන විදිහට වර්ණ තෝරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1404 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:26:43 PM
Script:/article/1404/give-a-royal-look-to-your-bedroom-with-lavender.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:26:43 PM
Script:/article/1404/give-a-royal-look-to-your-bedroom-with-lavender.html