වතුර ගැන කතා කරනකොට වතුර කියන්නේ අපේ ජීවිත වලට මොන තරම් වැදගත් දෙයක්ද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. මොකද පොඩි දරුවෙක්ගේ ඉදලා ඕනෑම වයසක කෙනෙක් දන්නවා වතුර කියන්නේ මොන තරම් වටිනා දෙයක්ද කියලා. හැබැයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ වතුර අපේ ජීවිත වලට කොච්චර වැදගත්ද කියලා දැනගත්තත් සමහර අය නම් වතුර පාවිච්චි කරන්නේ හරියට නොදන්නවා වගේ. මොකද අපි හැමෝම වගේ හිතන දෙයක් තමයි අපි බොන වතුර නිතරම පිරිසිදුයි කියන එක. හැබැයි ඇත්තටම හොයලා බැලුවොත් දැනගන්න පුළුවන් වතුර කියන්නේ අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි කියන එක. ඒ නිසා තමයි අද අපි ඔබට කියන්න හිතුවේ වතුර බොනවට වඩා පිරිසිදු වතුර බොන එකේ තියෙන වැදගත්කම.
1. ඔබේ ශරීරයට අවශ්‍ය කරන දියර ප්‍රමාණය සමබරව පවත්වාගෙන යනවා
අපේ ශරීරයේ 60% ක් තියෙන්නේ වතුර. අපේ මේ ශරීරයේ තියෙන වතුර අපේ පැවැත්මට අවශ්‍ය කාර්යන් විශාල ප්‍රමාණයක් දවසකට සිදු කරනවා. ආහාර ජීර්ණයට, රුධිර සංසරණයට, ඛෙටය නිපදවීම, පෝෂ්‍ය පදාර්ථ සිරුර පුරා ගෙන යාම, ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම වගේ දේවල් ඒ අතර විශේෂයි. අපේ ශරීරයේ තියන දියර ප්‍රමාණය වැඩි උනාම මොලය මගින් අපේ වකුගඩු වලට දැනුම් දෙනවා ඒ වැඩි වතුර ප්‍රමාණය ඉවත් කරන්න. ඒ වගේම තමයි අපේ ශරීරයේ වතුර ප්‍රමාණය අඩු උනාමත් මොලය අපිට තිබහ ඇති කරලා අපිට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබාගන්නවා. ඉතින් හිතන්නකෝ අපි බොන වතුර වලින් අපේ සිරුරේ වැදගත් කාර්යන් මෙච්චරක් සිදු වෙනවා නම් අපි බොන වතුර එකේ පිරිසිදුකම කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා.
2. සිරුරේ කැලරි පාලනය කරනවා
මේ කාලයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ තරබාරු කම කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට මුලිකම හේතුව තමයි අපේ සිරුරට ඇතුල් වෙන අනවශ්‍ය කැලරි. ඔබ හොදින් වතුර පානය කරන කෙනෙක් නම් ඔබට පුළුවන් පහසුවෙන්ම මේ අනවශ්‍ය කැලරි පාලනය කරගන්න. මොකද වැඩිපුර වතුර බොනවා කියන්නේ අපේ ශරීරයේ පරිවුර්තිය ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු වෙනවා. ඒ වගේම තමයි කෙටි කෑම වලට තියෙන අපේ කැමැත්තත් අඩු වෙනවා. හැබැයි ඉතින් මේ දේවල් හරියට වෙන්න නම් අපි බොන්න ඕනේ පිරිසිදු වතුර.
3. මාංශ පේශීන් ශක්තිමත් කරනවා
අපේ මාංශ පේශීන් වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වතුර ප්‍රමාණය හරියට ලැබුනේ නැත්නම් ඒවගේ ක්‍රියාකාරිත්වය හරියට සිදු වෙන්නෙත් නැහැ. ඔබ ව්‍යායාම කරන කෙනෙක් නම් ව්‍යායාම කරන්න කලින් වගේම ව්‍යායාම කරන අතරතුරත් පසුවත් ප්‍රමාණවත් තරම් වතුර පානය කරන්න ඕනේ. එතකොට ඔබට පුළුවන් ඔබේ මාංශ පේශීන් වලට හොඳ ක්‍රියාකාරිත්වයක් ලබා දෙන්න. හැබැයි වැදගත්ම දේ තමයි පිරිසිදු වතුර පානය කරන එක.
4. ඔබේ සම ප්‍රාණවත් කරනවා
කාන්තාවක් උනත් පිරිමියෙක් උනත් කැමති නිරෝගීව ලස්සනට ඉන්න. ඉතින් අපේ සම කියන්නේ අපේ නිරෝගී බවට වගේම ලස්සනටත් හේතු වෙන දෙයක්. අපේ සමට ප්‍රමාණවත් තරම් වතුර ලැබුනේ නැත්නම් සම වියලෙන්න පටන් ගන්නවා. මේ නිසා අපේ සමේ ලස්සන වගේම නිරෝගී බවත් නැති වෙලා යනවා. මේ නිසා සම නිරෝගිව තියාගන්න පිරිසිදු වතුර කියන්නේ අවශ්‍යම දෙයක්.
මේ වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා වතුර බොන එකෙන් අපිට ලැබෙන. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්ණේ තමයි අපි බොන වතුර ඇත්තටම පිරිසිදුයි ද කියන එක. ඇත්තටම වතුර උණු කරලා බිවුවා කියලාවත් පෙරලා බිවුවා කියලාවත් වතුර වලට නියම පිරිසිදු බවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම ඔබ බොන වතුර ඇත්තටම සරල නැහැ කියන කාරණාව ඔබට පෙන්නන්න Pureit කරපු අධ්‍යනයක වීඩියෝ එක තමයි පහලින් තියෙන්නේ. බලන්නකෝ ඔයාලටම පුදුම හිතෙයි ඒ වීඩියෝ එක බැලුවහම. ඒ වගේම ඔයාට ඇත්තටම දැන ගන්න පුළුවන් අපි පිරිසිදුයි කියලා හිතන වතුර ඇත්තටම පිරිසිදු නැහැ කියන කාරණාවත්.
VIDEO