Lipstick එකක් ලස්සනට ආලේප කරන්න tips 08 ක්(පියවරෙන් පියවර)

August 7, 2018
26,085
8 tips to apply lipstick(Step by Step)
ඔයා නිවසෙන් පිටතට යන ඕනෑම වේලාවක ඒ කියන්නේ පාටියකට එහෙමත් නැත්තම් ඔෆිස් එකට යනකොට ලස්සනට ඇඳලා පොඩි මේකප් එකක් දාලා යන්න ගොඩක් කැමතියිනේ. ඉතිං අද බොහෝ කාන්තාවන් වගේම යුවතියන්ද දෙතොලේ ලිප්ස්ටික් ආලේප කරන්න අමතක කරන්නේ නෑ. ලිප්ස්ටික් එකක් ආලේප කරන එක ලස්සන වුණත් ඒක කරන්න ඕන හරි පරිස්සමෙන්. මොකද මුහුණට ගැළපෙන විදිහේ ලිප්ස්ටික් එකක් තෝරා ගත්තේ නැති වුණොත් ඔයාගේ තියෙන ලස්සනත් නැති වෙනවා. ඉතිං ලිප්ස්ටික් එකක් ගාලා ලස්සනට ඉන්න කැමති ඔයාට ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න ටිප්ස් ටිකක් කියලා කියලා දෙන්න අපි තීරණය කළා. මේ ලිපිය කියෙව්වට පස්සේ ලිප්ස්ටික් එකක් ගාන්න කලින් මේ tips ටික කරන්න ඔයා කවදාවත්ම අමතක කරන එකක් නම් නෑ.

දෙතොල්වල මැරුණු සම ඉවත් කරන්න



ඔයා හැමදාම උදේට දත් මදිනවානේ. ඉතිං කුඩා දත්බුරුසුවක් අරගෙන ඔයාගේ දෙතොල් මත මෘදුව එහා මෙහා කිරීමෙන් ඔයාගේ දෙතොල්වල මැරුණු සම ඉවත් කරන්න උපකාරී වෙනවා. මෙමගින් ඔයාගේ දෙතොල් සිනිදු වන නිසා ලිප්ස්ටික් ගැල්වීම වඩාත් පහසු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ලිප්ස්ටික් එක ලස්සනට පේනවා.

තෙතමනය පවත්වා ගන්න



දෙතොල් වියළීම නිසා ඔයාට හොඳ ලිප්ස්ටික් එකක් සාර්ථකව ආලේප කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං තෙතමනය පවත්වා ගන්න ඔයාට සදහා ලිප් බාම් එකක් එකක් ගැල්වීම කළ හැකියි. මෙමගින් දෙතොල්වල ඉරි තැලීම් වැසී යන අතර දෙතොල් සුමුදු බවට පත් කරනවා.

ෆවුන්ඩේෂන් එකක් ආලේප කරන්න



ලිප්ස්ටික් එකේ වර්ණය වඩාත් කැපී පෙනෙන විදිහට පෙන්වන්න ෆවුන්ඩේෂන් එකක් තොල්වලට භාවිත කිරීම ඉතාමත් වැදගත්. ඔයාගේ දෙතොල් මත මේකප් ස්පොන්ච් එක භාවිතයෙන් දෙතොල් දාර වටා ෆවුන්ඩේෂන් ස්වල්පයක් ආලේප කරන්න. එතකොට ඔයාගේ දෙතොල් ආලේපනයේ වර්ණය වඩාත් කැපී පෙනෙන එකක් බවට පත් වෙනවා.

Lip Liner භාවිත කරන්න



ලිප් ලයිනර් එකකින් ඔයාගේ දෙතොල්වල ලිප්ස්ටික් ආලේප කිරීමෙන් ක්‍රමවත් බවක් දෙතොල්වලට එකතු වෙනවා. දෙතොල්වල දාර පාට කර ගතත්ට පස්සේ ඔයා දෙතොල් වර්ණ ගැන්වීම කළ යුතුයි.

දැන් ලිප්ස්ටික් ආලේප කරන්න



ලිප් ලයිනර් එක ආලේප කරාට පසුවයි ඔයා ලිප්ස්ටික් එක ආලේප කළ යුත්තේ. එවිට ක්‍රමවත්ව ඔයාට දෙතොල් වර්ණ ගන්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

Blot & Powder කරන්න



මේ දේ නම් ඔයා මීට කලින් කරලා නැතුවත් ඇති. මෙතැනදි ඔයා කරන්න ඕන ලිප්ස්ටික් ආලේප කරාට පස්සේ ටිෂු එකක් අරගෙන දෙතොල් මත තියලා තරමක් මහත බ්‍රෂ් එකකට ෆවුඩර් ස්වල්පයක් අරගෙන ඒ මත ආලේප කිරීමයි. දැන් ඔයාට මුළු දවස පුරාම දෙතොල්වල ආලේප කරපු ලිප්ස්ටික් එක තියා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා කෑම කෑවත්, වතුර බිව්වත් ඔයාගේ ලිප්ස්ටික් එක නම් ලේසියෙන් තොල්වලින් ඉවත් වෙන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1004 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:47 PM
Script:/article/1004/8-tips-to-apply-lipstick-step-by-step.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:47 PM
Script:/article/1004/8-tips-to-apply-lipstick-step-by-step.html