විවෘතව කථා කිරීම නිසා විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ මෙහෙමයි

November 17, 2019
9,331
This is how your marriage will be successful when you talk open
අද සමාජයේ විවාහයක් සිදුවෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආදර සම්බන්ධතාවයකින් විවාහ වීම. අනෙක් එක තමයි යෝජනාවකින් විවාහ වීම.  කුමන හෝ ආකාරයකට විවාහ ජිවිතයක් පටන් ගත්තද හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුව සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන එක. විවාහ ජිවිතයේ ඇති වන ගැටළු වලට ප්‍රධානම හේතුව සන්නිවේදනයේ දුර්වලකම කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නේ තමාගේ සිතේ ඇති වන හැඟීම් සහ සිතුවිලි හංග ගන්න. ආදරය කරන කාලයේ වරු ගණන් ෆෝන් එකෙන් කතා කර කර හිටපු අය විවාහයෙන් පස්සේ පැය කාලක්වත් තමන්ගේ අදහස් බෙදා ගන්න කාලයක් වෙන් කරන්නේ නැහැ. අද හැඩකාරී අපි ඔයාට විවෘත කථා කිරීම නිසා විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් කියලා දෙනවා.

ශක්තිමත් සන්නිවේදන රටාවක් තිබීම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් වන අතර ගැටළු විසඳීම, ගැටුම් නිරාකරණය සඳහා ද දායක විය හැකිය. සන්නිවේදනය සඳහා ඵලදායි ඉඟි අතරට විවෘත බව, නිතර නිතර කථා කිරීම, ක්‍රියාශීලීව සවන් දීම, ශරීර භාෂාව, වෙනත් වාචික නොවන සංවාද කෙරෙහි අවධානයෙන් සිටින්න. සහකරු හා සහකාරිය අතර ඇති වන ගැටළු විවෘතව සන්නිවේදනය කිරීමෙන් ඇත්තෙන්ම විසඳාගත හැකියි. විවෘතව අදහස් ප්‍රකාශ කිරීමේ දී ඔයා  අනෙකාට අවංක විය යුතුයි.

කතා බහකට කාලය වෙන් කරන්න

ඔයාලා දෙදෙනා හැම දවසකම ඔයාගේ වටිනා කාලය පුංචි කතා බහක් සඳහා වෙන් කරන්නම ඕනේ. විවාහක යුවලක් වුණාම කතා බහක් නැතුව, යන්ත්‍ර වගේ ජිවත් වෙන පුරුද්ද්දෙන් මිදෙන්න ඕනේ. ඒ කතා බහ සරළ, සුන්දර කතා බහක් වෙන්නත් ඕනේ. ඔයාගේ මේ ආදරණිය සංවාදය එදිනෙදා පුංචි සිදුවීම් ගැන කතා වෙන, සිනහවද ඇතුළත්, ආදරණිය විහිලු සහිත කතා බහක් වෙන්න ඕනේ.

නිවසේ ගැටළු ගැන කතා කරන්න

නිවසේ ගැටළු, දරුවන්ගේ ගැටළු ඔයාලා දෙදෙනා බෙදා ගන්න ඕනේ. ඒ වගකීම් එක්කෙනක් විතරක් ඔලුවේ පටවාගෙන ඉඳීම සුදුසු නැහැ. ඒත් හැම මොහොතේම ප්‍රශ්න ගැන කතා කරන්නත් එපා. සැමියා ගෙදර ආපු ගමන් ඔයා පුරුද්දක් විදිහට ප්‍රශ්න පෝලිමක් ඉදිරිපත් කරනවා නම්, ඒකත් එතරම් හොඳ පුරුද්දක් නෙවෙයි. ගෙදර තිබෙන ප්‍රශ්න ගැන කියන්න ගැලපෙනම වෙලාව දෙදෙනාම විවේකයෙන් ඉන්න වෙලාවයි.

වචනයෙන් නොකියූ දේවල් වටහා ගන්න

ඔයාගේ බිරිඳගේ උපන්දිනය, විවාහ සංවස්තර දිනය, දෙදෙනා මුලින්ම මුණ ගැසුණු දිනය මතක තියාගෙන ඉඳියි කියලා ඔයාගේ බිරිඳ බලාපොරොත්තු වෙනවා. නමුත් ඇය ඒ බව ඔයාට කියන්න එන්නේ නැහැ. ඔයා එය අමතක කලොත් දුක් වෙනවා. ඇය ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ පුංචි සුභ පැතුමක් විතරයි. එත් ඔයාට පුළුවන් නම් ඒ දිනය මතක තබාගෙන ඉඳලා ඇයට තෑග්ගක් දීලා ඇයව පුදුමයට පත් කරන්න, ඒක ඔබේ සබඳතාව වර්ධනය කර ගන්න හොඳ මාර්ගයක් වෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1447 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:11 AM
Script:/article/1447/this-is-how-your-marriage-will-be-successful-when-you-talk-open.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:51:11 AM
Script:/article/1447/this-is-how-your-marriage-will-be-successful-when-you-talk-open.html