boy friend ඇත්තටම ඔයාට ආදරෙයිද කියල දැනගන්න කැමතියි ද?

September 2, 2017
12,498
Does your boy friend really love you?
ආදරේ විඳින්න ආදරේ කරන්න හැමෝම කැමතියිනේ. විශේෂයෙන් තරුණ වයසේ අය. එත් ඔයාගේ පෙම්වතා ඔයාට ඇත්තටම ආදරේ කරනවද කියලා දැන ගන්නේ කොහොමද? කියවලා බලන්න එයා ලඟත් මේ ලක්ෂණ තියෙනවද කියලා. එහෙනම් එයත් ඔයාට අවංකවම ආදරේ කරන කෙනෙක්.

1. එයාගේ ජිවිතේ මුල් තැන ඔයා.

එයාගේ ජිවිතේ ඔයාට දීල තියෙන තැන අනුව හොඳින්ම දැන ගන්න පුළුවන් ඔයාව එයාට කොයි තරම් දුරට වටිනවද, වැදගත්ද කියලා. හැම තැනකදීම, හැම වෙලාවකදීම එයා ඔයාට වටිනාකමක් දීල කතා කරනවා නම්, එයාට ඔයාව වටිනවා කියලා ඔයාට දැනෙන්න දෙනවා නම්, පවුලේ අය හෝ පිට අය ඉස්සරහදීත් ඔයාගේ ගෞරවය ගැන හිතනවා නම් එයා ඇත්තටම ඔයාට ආදරේ කරන කෙනෙක්.

2. හොඳම දේ ඔයා වෙනුවෙන්.

එයාට කරන්න පුළුවන් හොඳම සහ උපරිමය ඔයා වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා. ඔයාට සහය වෙන්න වෙන වෙලාවල් වලදී ඔයාට උදව් ඕන කරන වෙලාවල් වලදී කැමැත්තෙන්ම වගේම උපරිමයෙන් ඒ දේවල් කරනවා. නිතරම ඔයාගේ ළඟින්ම ඉඳගෙන කොන්දේසි රහිතව ඔයාට ශක්තියක් වෙන එක සැබෑ පෙම්වතෙක්ගේ ලක්ෂණයක්.

3. ඔයත් එක්ක අනාගතය සැලසුම් කරනවද?

ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් මුළු ජිවිත කාලයම ඔයා එක්ක ඉන්න කැමතියි නම් ඒ සඳහා අවශ්‍ය කරන අනාගත සැලසුම් අද ඉඳලම සිදු කරනවා. ඒ වගේම තමයි ඒ දේවල් ගැන ඔයත් එක්කත් කතා කරනවා. ඒවාට ඔයාවත් හවුල් කර ගන්නවා, ඒ වගේම ඔයාගේ අදහස් වලටත් ඉඩ දෙනවා. මොකද එයාට ඔයාව වැදගත් නිසා. එහෙම නැතුව එයා ඔයාල දෙන්නගේ අනාගතේ ගැන තියා එයාගේ හෙට දවස ගැන වත් කිසිම අදහසක් නැතුව ඉන්න කෙනෙක් නම් එහෙම කෙනෙක් එක්ක පවත්වාගෙන යන සම්බන්ධතාවය හරිම අවිනිශ්චිතයි.

4. හිතේ එකක් තියාගෙන තව දෙයක් කියන්නේ නැහැ.

එයාගේ ජිවිතේ ගැන එයාගේ අතීතය ගැන හැම දෙයක්ම ඔයා එක්ක කියල තියෙනවා නම් එයාගේ අවංක කම ඒකෙන්ම තහවුරු වෙනවනේ. අතීතයේ තිබුණු වෙනත් සම්බන්ධතා හෝ වෙන වෙන සිදුවීම් ගැන වගේම එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම open කතා කරන එක අවංක ආදරවන්තයෙක්ගේ ලක්ෂණයක්. සැක කිරීම්, ප්‍රශ්න කිරීම්, මත ගැටුම් ඇති වෙන්නේ ඔය හැංගි හොරා කරන වැඩයි කරපු වැඩයි හිතේ තියාගෙන පිටට වෙන මුණක් පෙන්නගෙන ඉන්න ගියහම තමයි.

5. එයා ඔයාගේ ආරක්ෂාව ගැන ගොඩාක් වද වෙනවා.

එයා ඔයාට ආදරෙයි. එයාට ඔයා ගොඩක් වටිනවා. ඒ නිසාම ඔයාව ආරක්ෂා කර ගන්න එයා මහන්සි වෙනවා. ඔයා යන එන තැන්, ආශ්‍රය කරන අය ගැන හොයල බලනවා. සමහර අය නම් මේ දේවල් ඕනෑවට වඩා හොයල බලන්නේ සැකය කියන දේ හිතේ තියා ගෙන. මේ කියන්නේ එහෙම හොයා බැලිල්ලක් ගැන නෙවෙයි.

6. ඔයාගේ හැඟීම් හොඳින් තේරුම් ගන්නවා.

ඔයා කැමති මොනවටද, අකමැති මොනවටද, ඔයාගේ බලාපොරොත්තු, සිතුම් පැතුම් ඒ හැම දෙයක්ම එයා හොඳින් තේරුම් ගන්නවා. දිගු කාලින බැඳීමක් ගෙනියන්න එකිනෙකා ගැන තියෙන අවබෝධය අනිවාර්යෙන් වැදගත් වෙනවා කියන එක එයා තේරුම් අරන් ඉන්නේ.

මේ කියන ලක්ෂණත් ඔයාගේ පෙම්වතා ළඟත් තියෙනවා නම් ඔහු ඇත්තටම ඔයාට ආදරය කරන අවංක ආදරවන්තයෙක් කියල කියන්න පුළුවන්. හැබැයි මේ ඒ ලක්ෂණ වලින් කීපයක් විතරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 397 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:44:34 PM
Script:/article/397/does-your-boy-friend-really-love-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:44:34 PM
Script:/article/397/does-your-boy-friend-really-love-you.html