දෙනෙත්වල සුන්දරත්වයට අක්ෂි කාච පළදින ඔබට

June 23, 2018
12,233
For whom who wear contact lenses
තප්පරයක් තප්පරයක් පාසාම ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම කුමන ආකාරයේ හෝ දියුණුවක් වගේම සංවර්ධනයක් සිදු වෙනවා. නූතන තාක්ෂණය හා විද්‍යාවේ දියුණුව සමග යන්ත්‍ර සූත්‍ර වගේම නිෂ්පාදන ක්ෂේත්‍රයෙන්ද වෙළෙදපොළට නව නිෂ්පාදන ඒකරාශි කරන ආකාරය දක්නට පුළුවන්. විශේෂයෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ගත්තම එහි දියුණුව අද වන විට හිතා ගන්නවත් බැරි තරම්. ඒ තරමට අද වන විට රූපලාවණ්‍ය ක්ෂේත්‍රය දියුණුවට පත් වෙලා. දිනෙන් දින ලෝකයේ විලාසිතා කලාව දියුණුවට පත් වෙන අතර විවිධ සංස්කෘතීන්ට අනුව විලාසිතාවන් එකිනෙකට වෙනස් වන අතර වර්තමානයේ විලාසිතා කලාවේ දක්නට ලැබෙන්නේ විවිධ සංස්කෘතීන්වල මුහුවීමක්.

නව යොවුන් වියේ සිටින හෝ නව යොවුන් විය පසු කරමින් සිටින කාන්තා ඔබ රූපලාවණ්‍ය කටයුතු සිදු කිරීමේ අවධානය යොමු කරන විලාසිතාවක් පිළිබදව අපි අද කතා කරන්න සුදානම්. අක්ෂි කාච අලංකරණ විලාසිතාවට ඔබ ඇලුම් කළත් ඇතැම් විට ඒ පිළිබදව ප්‍රමාණවත් කියවීමක් හෝ දැනුම්වත් බවක් ඔබ තුළ නොවන්නට පුළුවන්.

අක්ෂි ආබාධ සදහා පමණක් නොව කාන්තාවන් බහුතරයක් විලාසිතාවක් ලෙසද අක්ෂි
කාච භාවිත කිරීමේ ප්‍රවණතාවක් වර්තමානයේදි දක්නට ලැබෙනවා. ඔබ දැනටමත් අක්ෂි කාච පළදිනවා නම්, මේ කරුණු පිළිබදව දැනුවත්ද බලන්න. ඔබ දැනුවත් නොමැති නම් අක්ෂි කාච භාවිත කිරීමේදී පහත සදහන් උපදෙස් කෙරෙහි අවධානය යොමු කරන්න. පළමුව ඔබ අක්ෂි හා සම්බන්ධ වෛද්‍යවරයෙක් වෙත යොමු වී ඔබගේ ඇස්වල සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරගන්න. ඔබගේ දෙනෙත්වල යම් රෝගී තත්ත්වයක් පවතී නම් අක්ෂි කාච පැළදීමෙන් මදක් වැලකී සිටින්න. ඒ වගේම ඔබේ දෙනෙත්වලට ගැළපෙන අක්ෂි කාචය තෝරාගත් පසු අක්ෂි වෛද්‍යරයෙකුට පෙන්වා ඔබට එම කාචය භාවිත කිරීමට සුදුසුද යන්න පරීක්ෂා කරගන්න. අලංකරණය සදහා අක්ෂි කාච මිලදී ගැනීමට වඩාත් සුදුසු ස්ථානයක් වෙත පමණක් යොමු වෙන්න.

1. පිරිසිදු අතින් කාචය අල්ලන්න

ඔබේ දෙනෙත්වල ආරක්ෂාව ඉතාමත් වැදගත් වන බැවින් අක්ෂි කාචය ඉතා පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන්න. කාචය මත පහසුවෙන් බැක්ටීරියා වර්ධනය විය හැකි බැවින් එය පරිහරණයේදි පිරිසිදුභාවය වැදගත් වන අතර කාචය පැලදීමේදී හෝ ගැලවීමේදී පිරිසිදු ඇගිලි තුඩුවලින් එය සිදුකිරීමට වගබලා ගන්න. කාචය පිරිසිදු කිරීම සදහා විෂබීජහරණ කාරකයක් භාවිත කරන්න. කාචය පැළදීමේදී හා කාචය ගැලවීමේදී පිරිසිදු ඇගිලි තුඩුවලින් එය සිදුකළ යුතු අතර පිරිසිදු කාරක දියරය නැවත නැවත භාවිත කරන්න එපා.

2. කාචය වියළි තත්ත්වයෙන් තැබීම

කාචය තෙතමනය රහිතව තැබීමට කටයුතු කරන්න. මොකද තෙතමනය සහිතව කාචය මත පහසුවෙන් බැක්ටීරියා වර්ධනය විය හැකියි. එවිට අක්ෂි කාචයේ විවිධ ආබාධ පැන නැගිය හැකියි. එම නිසා විෂබීජ හරණය කරන ලද අක්ෂි කාචය මද පවනේ වියළවා තබා ගැනීම වැදගත්.

3. කාචය දිනපතා පිරිසිදු කරන්න

කාචය හා කාච බහාලුම දිනපතා පිරිසිදු කරන්න. බැක්ටීරියා, විෂබීජ, කුණු, දූවිලි හා ඇස මතුපිට එක්රැස් වන ප්‍රෝටීන වර්ග කාචයේ රැදීමට ඇති ඉඩකඩ වැඩියි. එවිට කාචයේ දිගුකල් පැවැත්ම හා ඇස්වල ආරක්ෂාවට ගැටලුවක් වන බැවින් දිනපතා කාචය පිරිසිදු කර තබන්න. කාචය මුව තුළට දැමීමෙන් වැළකිය යුතුයි. බොහෝ අය කාචය ගලවා මුව තුළට දැමීම සිදු කරනවා. නමුත් මේ තුළින් සිදු වන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වර්ධනය වීමයි.

4. දිගු වේලාවක් කාචය පැළද සිටින්න එපා

දෙනෙත්වල නිරෝගී බවට විවේකය අත්‍යාවශ්‍යයි. කාචය දිගු වේලාවක් පැළදීමෙන් තොරව කටයුතු කරන්නේ නම් වාතාශ්‍රය ඇසට හොදින් ලැබෙනවා. වාතාශ්‍රය දෙනෙත්වල නම්‍යශිලී පැවැත්මට අත්‍යාවශ්‍ය වන බැවින් වැඩි වේලාවක් කාච පැළදීමෙන් වැළකි සිටින්න. එසේ නොමැති වුවහොත් ඇසේ අකර්මණ්‍යතා පවා ඇති විය හැකියි. නින්දේ දී කාච පැළදීමෙන් ඔබ වැළකී සිටිය යුතුයි. මන්ද නින්ද ඔබේ ශරීරයට වගේම දෙනෙත් වලටද ලබාදෙන ව්වේකයක්.

5. අක්ෂි ආලේපන කාචයේ තැවරීමෙන් වළකින්න

මස්කාරා වැනි ආලේපන වර්ග කාචය මත තැවරීමෙන් වගබලා ගන්න. අත්වැරදීමකින් හෝ කාචයේ තැවරුණහොත් ගලවා පිරිසිදු කර යළි පැළදීමට කටයුතු කරන්න.

6. ඇස් ආසාදන ඇති විට කාච පැළදීමෙන් වළකින්න

විවිධ හේතු සාධක මත ඔබගේ ඇස්වලට විවිධ ආසාධිත තත්ත්වයන් ඇති විය හැකියි. ඇස් රතුවීමකදී හෝ ඇස්වලින් කදුලු ගැලීමකදි පවා කාචය ඉවත් කර පිරිසිදු කරන්න. කාචය පැළදීමේදී ඔබගේ ඇස්වලට දැවිල්ලක් හෝ අනවශ්‍ය අපහසුතාවක් ඇති වේ නම් කාචය ගලවා තැබීම වඩාත් සුදුසුයි. පිරිසිදුකාරකයේ හෝ පිරිසිදු ජලයේ කාචය මද වේලාවක් තබා විෂබීජ හරණය කර ගැනීමෙන් අනතුරුව නැවත කාචය භාවිත කිරීමට කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ පළදින අක්ෂි කාච වෙනත් අයට භාවිත කිරීමට ඉඩ දෙන්න එපා.

7.ජලයට බැසීමකදී කාච පැළදීමෙන් වළකින්න

ජල ක්‍රීඩාවකදී, නාන තටාකයකදී, නාන කාමරකයකදි හෝ ස්නානය කරන විට පළමුව කාච යුගය ගලවා ඉවත් කර ගන්න. හැකි සෑම අවස්ථාවකම කාචවලට ජලය එක් නොවීමට කටයුතු කරන්න. අක්ෂි කාච සමග නෑමට හෝ ජල ක්‍රීඩා කිරීමට සිදුවුවහොත් නෑමෙන් පසුව කාචය පිරිසිදු කරගන්න.

8. කාචය සමග ඇස් අතින් පොඩි කරන්න එපා

ඇස් කැසීමකදී හෝ කදුලු ගැලීමකදී කාචය සමග අතින් දෑස් පොඩි කරන්න එපා. එසේ කළහොත් ඔබේ ඇස් තුවාල වීමකට හෝ සීරීමකට ලක්වීමට ඇති ඉඩකඩ බහුලයි.

අක්ෂි අලංකරණයට අක්ෂි කාච පැළදීමට ඔබ උනන්දු වන්නේ නම් මෙම කරුණු පිළිබදව අවධානය යොමු කිරීමට කටයුතු කරන්න. එවිට ඔබගේ අක්ෂිවල සුන්දරත්වය සමග දෙනෙත්වල සෞඛ්‍යය තත්ත්වයද සුරක්ෂිත වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 907 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:00:48 AM
Script:/article/907/for-whom-who-wear-contact-lenses.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:00:48 AM
Script:/article/907/for-whom-who-wear-contact-lenses.html