එයා තවමත් ඇස් වලට කඳුළු ගේනවද? හිත හදා ගන්නම බැරිද ? හිත හදා ගන්න උදව් කරන්න අපි ලෑස්තියි

February 28, 2018
10,150
Cannot forget him? Let us help you
ආදරේ කරන්න පටන් ගනිද්දිම එයාව තමන්ගේම කර ගන්න අදහසින් ළං වුණාට කාලයක් යද්දී ඒ අදහස් වෙනස් වෙනවා. නොයෙකුත් ප්‍රශ්න, බාධක ජය අරගෙන ආදරේ හිමි කර ගන්න අයට වඩා ආදරෙන් පරාද වෙලා දෙපැත්තට වන අය වැඩියි. මොකද ඉරණම කියල දෙයකුත් තියෙනවනේ. මේ විදියට ප්‍රේම සම්බන්ධයක් අවසන් වෙලා දෙන්න දෙපැත්තට වුණහම ඇති වන සිත් තැවුල මැකී යන්න, හිත හදා ගන්න, ඒවා අමතක කරන්න සැහෙන්න කාලයක් ගත වෙනවා.

මේ වගේ දෙයක් වුණාම ඇතැම් අය ජිවිතේ ගැන තිබුණු හැම බලාපොරොත්තුවක්ම අතාරිනවා. සමහර අයට එහෙම හිත හදා ගන්න බැරි වුනහම ජිවිතෙන්ම සමු ගන්න අවස්ථා ඕනේ තරම් තියෙනවා. ඒත් ඔබ ඒ තරම් දුර්වල කෙනෙක් නෙවෙයි කියලා අපි දන්නවා. අන්න ඒ නිසයි ඔයාගේ හිත ශක්තිමත් කර ගන්න උදව් වෙන දේවල් ටිකක් ගැන කියන්න හිතුවේ.

කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ විනෝදාංශ වලට වැඩි කාලයක් යොමු කරන එක. ඔයා ආසාවෙන් කරන දේවල් එක්ක දවසේ වැඩි කාලයක් ගත කරන්න. එතකොට ඔයාටත් නොදනිම ඔයාගේ දවස ගෙවිලා යාවි. ඒ වගේම තව දෙයක්, හිටපු පෙම්වතාගේ පෙම්වතියගේ මිතුරු මිතුරියන්ට කතා කරලා ඔහුගේ තොරතුරු ගැන හොයන එක නවත්තන්න. ඒ දේ කරනකන් ඔයාට එයාව අමතක කරන්න බැහැ. ඔයා එහෙම කරනවා කියන්නේ ඔයා එයාව අමතක කරලා නෑ කියන එකනේ. ඒ වගේම ඒක ඔයාගේ වේදනාව තවත් වැඩි වෙන්න හේතුවක්.

ඔයාගේ හිතේ වේදනාව තවත් වැඩි කරන ගීත අහන්න එපා. ආදර සම්බන්ධයක් අතරමඟ නතර වුන ගමන් ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි මේක. ආදරයේ විරහව ගැන කියන සින්දුම අහ අහා තව තවත් අඩනවා. ඒ සින්දු මටම කියපු ඒවා වගේ කියලා හිතනවා. එහෙම කරද්දී වෙන්නේ ඔයා අමතක කරන්න හදන කෙනාව තව තවත් මතක් කරන එකනේ.

කඳුළු පෙර පෙරා ගේ මුල්ලට වෙලා ඉන්නේ නැතුව ටිකක් එලියට පහලියට බහින්න. යාළුවො, හිතවතුන් එක්ක කාලය ගත කරන්න. බඩගින්නේ හුල්ලන්නේ නැතුව හොඳට කන්න, නිදි නැතුව මුළු රෑම tv, radio දාන්නේ නැතිව හොඳට නිදා ගන්න. එහෙම නොවුනොත් ගිය දේවල් ගැන හිතලා ඔයාගේ තියෙන ලස්සන නැති වෙයි.

එයා ඔයාට දුන්නු ආදර තිලිණ අයෙත් අරන් බලන එක, ඔයාල දෙන්න අතර හුවමාරු වූ කෙටි පණිවුඩ, ලිපි ආදිය නැවත නැවත කියවීම නවත්තලා දාන්න. ඒ දේවල් වලින් ඔයාගේ දුක අඩු වෙනවා වෙනුවට තවත් වැඩි වෙනවා. ඒ නිසා ඔයාට එයාව නිතර මතක් කරන දේවල්, සිදුවීම් වලින් ඈත් වෙන්න.

යාළුවො එක්ක පරණ ප්‍රේම සම්බන්ධය පිළිබද මෙන්ම, පෙම්වතා ගැන කතා කරන එක නතර කරන්න. මොකද එහෙම කරා කියල වෙන්නේ ඔයාගේ හිත තවත් රිදෙන එක විතරයි. ෆේස්බුක් එකේ එයාව හොයන වාර ගණන අඩු කරන්න. එක නවත්තලාම දානවා නම් තමයි වඩා හොඳ. එයා ගැන ඔයාට දැන ගන්න ලැබෙන සමහර අලුත් තොරතුරු ඔයාව තවත් දුකට පත් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයාව ඔයාගේ friend list එකෙන් අයින් කරන්න, එයාගේ phone numbers ඔයාගේ phone එකෙන් delete කරලා අදාන්න පුළුවන් නම් ඔයාට ඉක්මනින්ම ඔයාගේ ජිවිතේ නැවත ගොඩනගා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 680 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:47 AM
Script:/article/680/cannot-forget-him-let-us-help-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:30:48 AM
Script:/article/680/cannot-forget-him-let-us-help-you.html