දවසක් දෙකක් හරි  වැඩියන් ජිවත් වෙන්න ඕන නම් මෙන්න කන්න ඕන කෑම list එක

June 12, 2018
26,799
List of food to consume to enjoy a long life









"මම නම් මැරෙන්න බය නෑ" කිය කියා ගොඩාක් දෙනෙක් ඒ ගැන පම්පෝරි ගැහුවට මොනවා හරි දෙයක් වෙලාම බලන්න ඕන ඔය කියන අය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. පොඩි ලෙඩක් හැදුනත් ඇති ඔය කියන කට වැහෙන්න. මැරෙන්න කවුද බය නැත්තේ. හැමෝම බයයි මැරෙන්න. විහින් මැරෙන්න ගිය අය පවා නොමැරී බේරුනාම කියන්නේ "අනේ මාව බේර ගන්න, ඉස්පිරිතාලෙට අරන් යන්න" කියලා. 

ජීවිතය ඒ තරමට වටිනවා. මරණ ඇඳේ ඉන්න කෙනෙක් වුනත් බලන්නේ තව දවසක් හරි වැඩියෙන් ජිවත් වෙන්න. දිගු කාලයක් ජිවත් වෙන්න එහෙම නැත්තන් දිර්ඝායුෂ විඳින්න හැමෝම අපේක්ෂා කරනවා. ලෙඩ ඇඳේ ඉදන් දිර්ඝායුෂ විඳලා වැඩක් නෑ . ඉන්න ටිකේ ලෙඩක් දුකක් නැතුව ඉන්න එක තමයි වෙන්න ඕන. අපේ ජිවන රටාවට අමතරව අපි පවත්වාගෙන යන ආහාර රටාව අනිවාර්යෙන්ම ඒ සඳහා බලපෑමක් කරනවා. නිවැරදි හා පෝෂ්‍යදායි ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න කියන එක අපි හැමදාමත් ඔයාට මතක් කරන්නේ ඒකනේ. 

දිර්ඝායුෂ විඳින්න නම් නැතුවම බැරි ආහාර ටිකක් තමයි මේ. මේ දේවල් අදම අහාර වේලට එකතු කර ගන්න අමතක කර ගන්න එපා. 

හෘද ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශාල බලපෑමක් ඇති කරන්න රතු ළූණු වලට පුළුවන්. රතු ලූණු වල අඩංගු පෝෂණ  ගුණයන් පිළිකා හා දියවැඩියා නාශකයක් විදිහට ක්‍රියා කරනවා. විශේෂයෙන් රතු ළූණු වල අන්තර්ගත quercetin නිසා පිළිකා සෛල මර්ධනය සිදු වෙනවා. ලූණු කියන්නේ අම්ලපිත්ත රෝගයට කදිම විසඳුමක් . අපි ඔය කියන්නේ ගැස්ට්‍රයිටිස් කියලා. ඒ නිසා වැඩිපුර රතු ළූණු ආහාරයට එකතු කර ගන්න.

බෝංචි ඔබේ දිර්ඝායුෂ වර්ධනය සඳහා ඉතාමත් වටිනා ආහාරයක්.  බෝංචි දිනපතා ආහාරයට එක් කර ගැනීම බොහෝ රෝග වලින් ඔබව ආරෂා කරන බව සඳහන් වෙනවා. ඔස්ට්‍රේලියාව, ජපානය, ස්වීඩනය යන රටවල සිදු කරන ලද පර්යේෂණ වලින් ඒ බව සනාත වෙලා තියෙනවා.

තන්තු බහුලව අඩංගු කොළ පාට එළවලු වල පෝෂණ ගුණය වැඩියි. කැලරි සංඛ්‍යාව අවමයි.එළවලු 500gක, කැලරි 100ක් පමණ අඩංගු වෙනවා .මේ නිසා සිරැරේ බර අඩු කරන්න, අක්ෂි දුර්වලතා නැති කර ගන්න, දියවැඩියා අවදානම පාලනයට, කොලෙස්ටරෝල් අවම කර ගන්න රුධිර වාහිනී වල ආරක්ෂාවට කොළ පැහැති අහාර විශේෂයෙන් තන්තුමය ආහාර හොඳ විසඳුමක්.

ඛනිජ ලවණ, ප්‍රෝටීන්, මේද, ඔක්සිකාරකයන්, ඔමේගා 3 හා පිළිකා නාශක කැල්සියම්, යකඩ, සින්ක්, විටමින් E වැනි පෝෂක කොටස් අඩංගු රටකජු, ආමන්ඩ්, කඩල, මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වල අන්තර්ගතයි.  මේ ආහාර හදවත් රෝග, දියවැඩියාව, ඇඟේ බර පාලනයට උපකාරී වෙනවා 

සුදුළූනු කියන්නේ පිළිකා සෛල වර්ධනය පාලනය කරමින් ඔබව පිළිකා අවදානමෙන් ආරක්ෂා කරන ආහාරයක්. ඒ වගේම කොලෙස්ටරෝල් වැනි භයානක බෝ නොවන රෝග වලින්  ආරක්ෂා කරමින් ඔබව නිරෝගී කරන ආහාරයක්.

ඒ වගේම මේ කියන බොහොමයක් බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න තියෙන  රසකාරකයක්, ඖෂධයක් විදියට කරපිංචා හඳුන්වන්න පුළුවන්. ඕනෑම ගෙදරක ආහාර රසවත් කරන්න ගන්න කරපිංචා කියන්නේ දිව්‍යමය ඖෂධයක්.

ඒ වගේම තමයි කහ, තක්කාලි, අලිගැටපේර, කෝපි, චොක්ලට්, වැනි ආහාරත් ඔබව සෞඛ්‍ය සම්පන්නව තබන ගමන් බට දිර්ඝායුෂ විදින්න අවස්ථාව සලසනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 875 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:49:39 AM
Script:/article/875/list-of-food-to-consume-to-enjoy-a-long-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:49:40 AM
Script:/article/875/list-of-food-to-consume-to-enjoy-a-long-life.html