කෝපි කාලේ කතා අදටත් ගැලපීම

July 5, 2020
6,753
How coffee help our health
කෝපි ගැන කෝපි කාලේ කතාවක් තිබෙනවා. ඉතියෝපියාවේ කඳුකර ප්‍රදේශයේ ජිවත්වුන පුජකවරයෙක් තමා යටතේ සිටි පුජකයන් බොහොම නිදිමත ගතියෙන් සිටිනවා දැක්කා. නමුත් වට පිට බලන විට ඔහු දුටුවේ එලුවන් යම් කොළ වර්ගයක් ආහාරයට ගන්නා අතර මේ එලුවන් බොහොම ප්‍රාණවත්ව සිටින අන්දමයි. පුජකවරයා තමන්ගේ දේවස්ථානයේ සිටි පුජකවරුන්ගේ කැඳ සඳහා මේ ශාඛ පත්‍ර යොදා ගත්තා. පුජකවරුන් ප්‍රබෝධයෙන් සිටින අන්දම දුටු පුජකවරයා එතැන් පටන් විවිධ අන්දමින් කෝපි තමන්ගේ දේවස්ථානයේ ආහාර වෙනුවෙන් එක් කර ගත්තා.

මේ විදිහේ අතුරු කතාන්දර වගේම කෝපි කෝප්පයේ ගුණ ගැනත් රසවත් තොරතුරු දැන් සමාජගතව තිබෙනවා. කිරිටක ධමණීන් අවහිරවිම නිසා හෘදයවස්තුවට රුධිර ගමනාගමනය නිසි පරිදි සිදු නොවිම හෘදයාබාධ තත්වයන්ට හේතු වෙනවා. කොරියාවේ පමණක් වසරකදි වයස අවුරුදු 41 ක පරාසායේ පුද්ගලයන් ස්ත්‍රි පුරුෂ භේදයක් නොමැතිවම 25,000 ක් පමණ දෙනා මරණයට පත් වෙනවා. මේ තත්වය ලෝකයේ සෑම
රටකටම පොදු තත්වයක්.

කොරියාවේ සිදුකරන ලද අධ්‍යනයකට අනුව පෙන්වා දෙන්නේ දිනකට කෝපි කෝප්ප තුන සිට හතරක් අතර පානය කිරිමෙන් හදවත් රෝග සංකුලතාවයන් බොහෝ දුරට අවම කර ගත හැකි බවයි.

ස්විස්ටර්ලන්තයේ විද්‍යාත්මක තොරතුරු ආයතනය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ කෝපි පානය මගින් දියවැඩියා රෝග තත්වයෙන් ආරක්ෂාව ලබා ගත හැකි බවයි. අඛණ්ඩව වසර හතරක් පුරා දිනකට කෝපි කෝප්ප හතරක් පානය කිරිමෙන් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝග තත්වයෙන් රෝගි තත්වය 11%කින් අඩු කර ගත හැකි බවයි. ඒ වගේම දිනකට අවම වශයෙන් කෝපි කෝප්පයක්වත් පානය කරන්නේනම් සම ආශ්‍රිත පිලිකා තත්වයෙන් නිදහස් විමේ හැකියාව ලැබෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා.

ඒ වගේම අල්සයිමර් රෝග තත්වය වෙනුවෙන්ද කෝපි මගින් ලබා දෙන සහනය විශිෂ්ටයි. මේද බහුල ආහාර මගින් මොළය සහ ප්‍රධාන රුධිර සැපයුම අතර ඇති වෙන අවහිරතාවය කෝපි පානයෙන් වලක්වා ගත හැකියි. රුධිර ධාරාවන් ඔස්සේ සංසරනය වෙන හානිකර රසායන ද්‍රව්‍යන්ගෙන් ප්‍රධාන ස්නායු පද්ධති ආරක්ෂා කරන්නේ රුධිර මොළ බාධකය නම් පෙරණය මගින්. කොලස්ටරෝල් මගින් සිදු වෙන කාන්දුව නිසා මොළ බාධකයට හානි සිදු වෙන අතර කෝපි පානයෙන් මෙම තත්වය ආරක්ෂා වෙන බව ඇමරිකාවේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා
දෙනවා. මෙම අධ්‍යනයේ ප්‍රධානී ජොනතන් ගෙයිජර් සඳහන් කරන්නේ කෝපි මගින් ලබා දෙන මෙම රැකවරණය අල්සයිමර් වැනි රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව ලැබිමට මිනිසා ලද ආශිර්වාදයක් බවයි.

- පිලිකාවෙන් ආරක්ෂාවට
කෝපි පානයෙන් අක්මාව,මුඛ පිලිකා,සම ආශ්‍රිත පිලිකා වගේම ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත පිලිකා වැළදීමේ අවදානම අඩු කර ගත හැකියි.

හැබැයි කෝපි පානය කිරීමේදී මධ්‍යස්ථ උණුසුමින් පානය කිරිමෙන් වගේම පමණට වඩා නිවිලා ඇල් වුනාම බිමෙන් අදාල ප්‍රතිඵල නොලැබෙන බැව් පර්යේෂකයන් සඳහන් කරනවා.

- එහෙමනම් කොහොමද බොන්නේ..
කෝපි විතරක් නොවෙයි, ඕනෑම පානයක් ෆැරන්හයිට් අංශක 149 කට අධික උෂ්ණත්වයකින් යුක්තව පානය කිරීමත් සුදුසු නැති බව ඔවුන් සඳහන් කරනවා.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1681 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:30:12 AM
Script:/article/1681/how-coffee-help-our-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:30:13 AM
Script:/article/1681/how-coffee-help-our-health.html