තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න හිතන් ඉන්න අයට ශක්තිමත් අත්වැලක්

April 8, 2018
11,050
A helping hand to start your own business
 
පුද්ගලයෙක්ගේ සාර්ථකත්වය රඳා පවතින්න් ඒ පුද්ගයලාගේ උත්සාහය, කැප කිරීම් මත. උත්සාහය, උනන්දුව, කැප කිරීම් එක්ක තමන්ගේ ජීවිතය ජය ගත්ත අය මොන තරම් නම් අපි අතර ඉන්නවද? ඒ අය ඇත්තටම අනිත් අයට ආදර්ශයක්. ඒ සාර්ථකත්වයට යන ගමන බොහෝ දෙනෙක් ආරම්භ කරන්නේ ඉතාම පුංචි තැනකින්. ගොඩක් ප්‍රශ්න, ආර්ථික අපහසුතා, කඩා වැටීම්, අසාර්ථකවීම් එක්ක. ඒ දේවල් ඕනෑම කෙනෙක්ට වෙන්න පුළුවන්. එත් ඒ අසාර්ථක වීම් තමයි සාර්ථක පුද්ගලයෙක් බවට ඔහුව පත් කරන්නේ.

අද වෙද්දී ජීවිතය ගැටගහ ගන්නවා කියන එකත් හරිම අසීරුයි. ගොඩාක් දෙනෙක් ආර්ථක අපහසුතා වලින් මිරිකිලා. පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනාම රැකියාවක නිරත වෙලත් හම්බ කරන මුදල ඇතැම් වෙලාවට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වෙලාවට තමයි හිතෙන්නේ සල්ලි නම් ගෝනියක් තිබුනත් මදි කියලා. "ඔව්" අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක සල්ලි නම් කොච්චර හම්බ කරත් මදි. අද අතට එනවා. හෙට යනවා. ඒක තමයි ඇත්ත කතාව.

මේ වගේ වෙලාවට ඔයාට හිතිලා නැද්ද පොඩියට හරි තමන්ගේම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න? හිතිලා නම් ඇති ඕන තරම්. එත් පටන් ගන්නේ නැහැ. ඔයාට පුළුවන් විදියට සුළුවෙන් හෝ තමන්ගේම කියලා සුළු ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඇරැව් කලින් කිව්ව ආර්ථික ගැටළු වලට පොඩි හරි සහනයක් ලැබෙනවා නේද? 

සමහර විට ඔයා ගෘහනියක් වෙන්න පුළුවන්. සැමියා උපයන දේ පවුලේ අවශ්‍යතා වලට ප්‍රමාණවත් නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඉතින් ගෙදර දොරේ වැඩ කටයුතු අතරේ පොඩි හරි වෙලාවක් හොයා ගෙන ඔබටම කියලා ආදායම් මාර්ගයක් සකස් කර ගන්න. එයින් ඔබටත් තෘප්තියක් ලබන්න පුළුවන්. ඒ වගේම සැමියාටත් එය ලොකු සහනයක් වෙයි.

ඒ වගේම තමයි තමන්ගේම කියලා ව්‍යාපාරයක් පවත්වා ගන්න කෙනෙක්ට ඇති වෙන්න
පුළුවන් ගැටළු ගොඩාක් අඩුයි. මොකද ඔබේ ප්‍රධානියා වෙන්නේ ඔබමයි. ඔබට අණ  දෙන්න කෙනෙක් නැහැ, ඔබට අභියෝග කරන්න කෙනෙක්, ඔබව වට්ටන්න උත්සාහ කරන අය මේ රැකියාව තුල නැහැ. ඒ නිසා ඔබේ මනසත් නිරවුල්. උත්සාහයෙන්, කැප කිරීමෙන් ඉතා ඉක්මනින් සාර්ථකත්වය කරා ළං වෙන්න ඔබට අවස්ථාව තියෙනවා.

ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කැමති අයට උපදෙස්, වෘත්තීය පුහුණුව හා
මාර්ගෝපදේශය සලසන ආයතන ලංකාවේ තියෙනවා. ඒ වගේ තැනකින් ඔබට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ලබා ගන්න පුළුවන්. දැනුම මඟ පෙන්වීම ලැබුනත් පොඩියට හරි දෙයක් පටන් ගන්න සල්ලි ඕන කරනවා. "කෝ ඉතින් ඒකට සල්ලි" කියලා ඔයා හිතනවා ඇති.

ඔබ වැනි උත්සාහයෙන් නැඟී සිටින්න කැමති අයට අත්වැලක් වෙන්න NDB  බැංකුව සුදානම්. ඔබට අවශ්‍ය ණය පහසුකම් වගේම විශේෂිත වූ විශේෂාංග රැසකුත් ඒ හරහා ඔබට පිරිනැමෙනවා. NDB  බැංකුව මඟින් ඔබේ ව්‍යාපාරය සඳහා දින 7 ක් ඇතුලත රුපියල් මිලියන 10 ක් දක්වා ව්‍යාපාර ණය ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක වගේම උපදෙස් ළඟම ඇති NDB බැංකුවෙන් ලබා ගන්න තවත් ප්‍රමාද වෙන්න එපා. ඉක්මන් කරන්න. ඔබේ ජයග්‍රහණය, සාර්ථකත්වය කරා පිය නගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-01 00:00:00' and A.id <> 755 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 5:35:58 AM
Script:/article/755/a-helping-hand-to-start-your-own-business.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 5:35:59 AM
Script:/article/755/a-helping-hand-to-start-your-own-business.html