අවුරුදු දවස් වල තියෙන සතුට අවුරුද්දට පුරාවටම ළඟ තියා ගන්න කැමතියිද?

March 28, 2018
13,236
Save the happiness whole year through
 
අවුරුදු කාලය කියන්නේ එළඹෙන තුරු අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න කාලයක්. ඒ වගේම අපි හැමෝටම සතුට පිරුණු කාලයක්. අවුරුදු කාලෙට හැමෝගෙම හිත් වල තියෙන සතුට කියලා නිම කරන්න බැරි තරම්. ඒකට හේතු ගොඩක් තියෙනවා. මේ කාලේදී බිඳුණු හිතවත්කම් නැවත ඇති වෙනවා, පරණ නෑකම් අලුත් වෙනවා, තියෙන නෑකම් තව ශක්තිමත් වෙනවා, තව ගොඩාක් දේවල්... ඒ නිසා අලුත් අවුරුද්ද අපිට හරිම විශේෂයි. හරිම වැදගත්. එත් ඒක නෙවෙයිනේ කියන්න ගියේ... මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ අපි ළඟ තියෙන සතුට හැමදාම, අවුරුද්ද පුරාවටම රැක ගන්නේ කොහොමද කියලා තමයි කියන්න ගියේ. ඇත්තටම කොහොමද ඒක කරන්නේ කියලා බලන්න.

කලිනුත් කිව්වනේ අලුත් අවුරුද්ද කියන්නේ හිතවත්කම් අලුත් වෙන කාලයක් කියලා. එත් ඔබ හිතන්න මේ කාලේදී අලුත් වෙන හිතවත්කම් මුළු අවුරුද්ද පුරාවටම රැක ගන්නේ කීයෙන් කී දෙනාද කියලා. ගොඩක් දෙනෙක් මේ ඇති කර ගන්න, අලුත් කර ගන්න බැඳීම් රැක ගන්න මහන්සි වෙන්නේ හරිම අඩුවෙන්. බැඳීම් වල වටිනාකම හඳුනා ගන්නේ ඉතා සුළු පිරිසක් විතරයි. අවුරුදු කාලෙට විතරක් බොරුවට මුනිච්චාවට හිනා වෙලා ඊට පස්සේ ආයෙත් කලින් හිටියා වගේ හිත් අමනාපකම් ඇති කර ගන්නවාට වඩා ඒ බැඳීම් ආරක්ෂා කර ගන්න උත්සාහ කරනවා නම් අපේ ජිවිත් වල තියෙන ගොඩක් ගැටලුකාරී තැන් අවම කර ගන්න පුළුවන්. ඒකට තමන්ගේ ආකල්ප හා හිතන පතන විදියේ වෙනසක් හා බැඳීම් වල ස්වභාවය ගැන අවබෝධයක් ඇති කර ගන්න ඕනමයි.

විශ්වසනීයත්වය කියන්නෙත් අපේ සතුට තීරණය කරන තවත් වැදගත් කරුණක්. ඥාති, හිතමිත්රාදීන් තුළ ඔයා ගැන විශ්වාසය ගොඩ නගා ගන්න. විශ්වාසය කියන්නේ හරිම ඉක්මනින් බිඳෙන්න බලන දෙයක්. ඒ නිසා හරිම පරිස්සමට රැක ගන්න ඕන. එහෙම නොවුනොත් අනිත් අය අතරින් ඔයාව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එහෙම වෙද්දී ඔයා කොහොමද සතුටින් ඉන්නේ. ඒ නිසා අවුරුද්ද පුරාවටම ඔයා ගැන අනිත් අය තුල ඇති කරලා තියෙන විස්වාසය පළුදු වෙන විදියේ දේවල් නොකරන්න මතක තබා ගන්න.

ඔයාගේ සතුට ඔයාටත් නොදනිම නැති වෙන්න හේතුවක් තමයි අනවශ්‍ය වියදම්.. අවුරුදු කාලය කියන්නේ වියදම් අධික කාලයක්. විශේෂයෙන් අනවශ්‍ය වියදම් අධික කාලයක්. මේ අනවශ්‍ය වියදම් අවම කර ගන්නේ කොහොමද කියලා ඔයාට කලින් ලිපියකිනුත් කිව්ව නිසා ඒ ගැන ආයෙත් කියන්න යන්නේ නැහැ. අවුරුදු කාලේදී විතරක් නෙවෙයි අවුරුද්ද පුරාවටම ඔබේ අනවශ්‍ය වියදම් අවම කර ගන්න හැකි තරම් උත්සාහ කරන්න.

ආර්ථික ගැටළු කියන්නේ අපේ සතුට උදුරා ගන්න පුළුවන් විතරක් නෙවෙයි අපේ මුළු ජීවිතේම අවුල් කරලා දාන්න පුළුවන් දෙයක්. ආර්ථික ගැටළු නිසා අවුල් වෙන ජීවිතය, නැති වෙන සතුට ආරක්ෂා කරන්න ඔබේ ඉතිරි කිරීම් පුරුද්දට පුළුවන්. ඉතිරිය අවුරුදු කාලය විතරක් නෙවෙයි ඔබේ ඉදිරියත් සුරක්ෂිත කරනවා. හැබැයි ඉතින් ඒකට සුදුසු හා විශ්වාසවන්ත තැනක් තෝරා ගත යුතුමයි. විශ්වාසය නැති වුනොත් හැම දේම විනාශ වෙනවා කියලා කලිනුත් කිව්වනේ. ඒ නිසා ඔබේ ඉතිරියට විශ්වාසවන්ත හා වටිනාකමක් ලබා දෙන NDB බැංකුව මේ අවුරුදු සමයේ ඔබ සිදු කරන තැම්පත් වෙනුවෙන් තෑගී භෝග රැසකුත් සුදානම් කරලයි තියෙන්නේ. ඉතින් මේ පාර NDB බැංකුව එක්ක අවුරුදු ගනුදෙනු කරන ගමන් ඔබේ ඉතිරියත්, ඉදිරියත්, සතුටත් අවුරුද්ද පුරාවටම රැක ගන්න.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 727 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:47 AM
Script:/article/727/save-the-happiness-whole-year-through.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:48 AM
Script:/article/727/save-the-happiness-whole-year-through.html