AC ඔයාගේ සමට හිතකරද?

July 16, 2018
8,673
Is AC good for your skin?
අපේ රට වියළි කලාපයේ රටක්. දේශගුණය වගේම කාලගුණයත් එතරම් සෞම්‍යය තත්ත්වයකින් යුක්ත වටපිටාවක් අපේ රටේ නෑ. ඌෂ්ණාධික බව එක්ක අද ගොඩක් දෙනෙක් විවිධ අපහසුතාවන්ට පත් වෙනවා ඉතාමත් වැඩියි. අධික උෂ්ණත්වය එක්ක ඔෆිස් එකක වැඩකටයුතු වගේම කිසිම රාජකාරි කටයුත්තක් කරන එක නම් ලේසි වෙන්නේ නෑ. ඒ නිසා අද ආයතනවල වගේම බොහෝ දෙනෙක් නිවෙස්වල AC මැෂින් සවි කරනවා. අද AC කාර්යාලයට වගේම නිවසටත් නැතුවම බැරි උපකරණයක්. AC එකකින් ඔයාගේ ශරීරයට දහඩිය දැමීම හෝ ශරීරයට උණුසුම් බවක් නොදැණුනත් AC ඔයාගේ සමට වගේම හිසකෙස්වලට නම් හිතකර වෙන්නේ නෑ. අද මේ ගැන www.hadakari.lk වෙතින් ඔබව දැනුවත් කරන්න අපි තීරණය කළා.

AC  සමේ උෂ්ණත්වයට අහිතකරයි

සමේ උෂ්ණත්වයට වායු සමීකරණය හිතකර වෙන්නේ නෑ. සමේ උෂ්ණත්වය වෙනස් වෙන්න වායු සමීකරණය ප්‍රබලව බලපානවා. ශීත කාලගුණය, වායු සමීකරණ මගින් ඔබේ සමේ උෂ්ණත්වය වෙනස් කරනවා. සමාන්‍යයෙන් අපේ සමේ ඇති තෙතමනයට උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. සම මතුපිට ඇති ජලය වාෂ්ප වෙන්නේ ඉතාමත් හෙමින්. ඊට අමතරව අපේ සම වියලීමට ලක් වීමේදී සම මගින් දහඩිය පිට කිරීම නිසා සමේ තෙතමනය ආරක්ෂා වෙනවා. ඒත් වායු සමීකරණය තුළ මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නෑ. මොකද වායු සමීකරණයක් තුළ ඔබ සිටින විට ඔබේ ශරීර උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 21 - 26 අතර පමණ. එම අගයේදී ඔබේ ශරීරයට දහඩිය දැමීමක් සිදු වෙන්නේ නෑ. වායු සමීකරණය තුළ සිටින විට ඔබේ සම මගින් උත්පාදනය කරන තෙල් ගතිය අඩු වීම නිසා සම ඉක්මනින් විජලනයට සහ හානී වීම් වලට ලක් වෙනවා. AC එකක් ඇතුළේ ඉන්න එක ශරීරයට හරිම සනීප වුණාට ඔයාගේ සමට හිතකර නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අපේ රටේ තියෙන කාලගුණය හා දේශගුණය නිසා AC එකක් නැතුව වැඩ කරන්න අසීරුයි. මේ තුළින් ඔයාගේ සමට වෙන අහිතකර බලපෑම අවම කර ගන්න සිදුකළ හැකි ප්‍රතිකර්මය වෙන්නේ AC එකක ඉන්නවා නම් වතුර බොන්න අමතක කරන්න එපා. වතුර පානය කිරීම තුළින් ඔයාගේ සම විජලනය වීම අවම කර ගන්න පුළුවන්.

AC නිසා ඇති විය හැකි රෝගී තත්ත්වයන්

ඔයා වායු සමිකරණය කරන ලද පරිසරයක නිතර කටයුතු කිරීමෙන් ඔයාගේ ජල මට්ටම අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ සම විජලනයට පත් වෙන්න පුළුවන් ඉක්මනින්. එවිට සම රැලි වැටීම වේගවත්ව සිදු විය හැකියි. එමගින් ඔබේ සම ඉරි තැලීම් නිසා විෂබීජ ආසාදන තත්ත්වයන් වැඩියෙන් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වේලාවට මේ අසාදනය වන විෂබීජ ඇති වෙන්නේ පිරිසිදු නොකරන ලද වායු සමීකරණ ෆිල්ටර් නිසා වෙන්නත් පුළුවන්.

මේ පිළිබදවත් ඔබේ අවධානය යොමු කරන්න

වෙන් වෙන් වශයෙන් වායු සමීකරණ යන්ත්‍ර සවි නොකර අවම වශයෙන් කාමර 03 කට වත් සෑහෙන පරිදි වායු සමීකරණ සවි කිරීම වැදගත්.

වායු සමීකරණ යන්ත්‍ර පිරසිදු කරන්න.

වායු සමීකරණ ෆිල්ටරය පිරිසිදු කරනන. එමගින් වායු සමීකරණය නිසා ඇති වන විෂබීජ ආසාදනවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

දිනපතා වායු සමීකරණය තුළ සිටිනවා නම් සමේ තෙතමනය ආරක්ෂා කරන ආලේපනයක් භාවිත කරන්න.

ඉදහට හෝ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කරන්න.

වායු සමීකරණය තුළ වැඩි වේලාවක් රැදී සිටිනවා නම් මෘදු සබන් වර්ගයක් ස්නානයේදී භාවිත කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,452
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,838
   34

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,847
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Milk Toffee Recipe
   125,045
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed