AC ඔයාගේ සමට හිතකරද?

July 16, 2018
11,420
Is AC good for your skin?
අපේ රට වියළි කලාපයේ රටක්. දේශගුණය වගේම කාලගුණයත් එතරම් සෞම්‍යය තත්ත්වයකින් යුක්ත වටපිටාවක් අපේ රටේ නෑ. ඌෂ්ණාධික බව එක්ක අද ගොඩක් දෙනෙක් විවිධ අපහසුතාවන්ට පත් වෙනවා ඉතාමත් වැඩියි. අධික උෂ්ණත්වය එක්ක ඔෆිස් එකක වැඩකටයුතු වගේම කිසිම රාජකාරි කටයුත්තක් කරන එක නම් ලේසි වෙන්නේ නෑ. ඒ නිසා අද ආයතනවල වගේම බොහෝ දෙනෙක් නිවෙස්වල AC මැෂින් සවි කරනවා. අද AC කාර්යාලයට වගේම නිවසටත් නැතුවම බැරි උපකරණයක්. AC එකකින් ඔයාගේ ශරීරයට දහඩිය දැමීම හෝ ශරීරයට උණුසුම් බවක් නොදැණුනත් AC ඔයාගේ සමට වගේම හිසකෙස්වලට නම් හිතකර වෙන්නේ නෑ. අද මේ ගැන www.hadakari.lk වෙතින් ඔබව දැනුවත් කරන්න අපි තීරණය කළා.

AC  සමේ උෂ්ණත්වයට අහිතකරයි

සමේ උෂ්ණත්වයට වායු සමීකරණය හිතකර වෙන්නේ නෑ. සමේ උෂ්ණත්වය වෙනස් වෙන්න වායු සමීකරණය ප්‍රබලව බලපානවා. ශීත කාලගුණය, වායු සමීකරණ මගින් ඔබේ සමේ උෂ්ණත්වය වෙනස් කරනවා. සමාන්‍යයෙන් අපේ සමේ ඇති තෙතමනයට උෂ්ණත්වය පාලනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. සම මතුපිට ඇති ජලය වාෂ්ප වෙන්නේ ඉතාමත් හෙමින්. ඊට අමතරව අපේ සම වියලීමට ලක් වීමේදී සම මගින් දහඩිය පිට කිරීම නිසා සමේ තෙතමනය ආරක්ෂා වෙනවා. ඒත් වායු සමීකරණය තුළ මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නෑ. මොකද වායු සමීකරණයක් තුළ ඔබ සිටින විට ඔබේ ශරීර උෂ්ණත්වය තියෙන්නේ සෙල්සියස් අංශක 21 - 26 අතර පමණ. එම අගයේදී ඔබේ ශරීරයට දහඩිය දැමීමක් සිදු වෙන්නේ නෑ. වායු සමීකරණය තුළ සිටින විට ඔබේ සම මගින් උත්පාදනය කරන තෙල් ගතිය අඩු වීම නිසා සම ඉක්මනින් විජලනයට සහ හානී වීම් වලට ලක් වෙනවා. AC එකක් ඇතුළේ ඉන්න එක ශරීරයට හරිම සනීප වුණාට ඔයාගේ සමට හිතකර නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අපේ රටේ තියෙන කාලගුණය හා දේශගුණය නිසා AC එකක් නැතුව වැඩ කරන්න අසීරුයි. මේ තුළින් ඔයාගේ සමට වෙන අහිතකර බලපෑම අවම කර ගන්න සිදුකළ හැකි ප්‍රතිකර්මය වෙන්නේ AC එකක ඉන්නවා නම් වතුර බොන්න අමතක කරන්න එපා. වතුර පානය කිරීම තුළින් ඔයාගේ සම විජලනය වීම අවම කර ගන්න පුළුවන්.

AC නිසා ඇති විය හැකි රෝගී තත්ත්වයන්

ඔයා වායු සමිකරණය කරන ලද පරිසරයක නිතර කටයුතු කිරීමෙන් ඔයාගේ ජල මට්ටම අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ සම විජලනයට පත් වෙන්න පුළුවන් ඉක්මනින්. එවිට සම රැලි වැටීම වේගවත්ව සිදු විය හැකියි. එමගින් ඔබේ සම ඉරි තැලීම් නිසා විෂබීජ ආසාදන තත්ත්වයන් වැඩියෙන් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වේලාවට මේ අසාදනය වන විෂබීජ ඇති වෙන්නේ පිරිසිදු නොකරන ලද වායු සමීකරණ ෆිල්ටර් නිසා වෙන්නත් පුළුවන්.

මේ පිළිබදවත් ඔබේ අවධානය යොමු කරන්න

වෙන් වෙන් වශයෙන් වායු සමීකරණ යන්ත්‍ර සවි නොකර අවම වශයෙන් කාමර 03 කට වත් සෑහෙන පරිදි වායු සමීකරණ සවි කිරීම වැදගත්.

වායු සමීකරණ යන්ත්‍ර පිරසිදු කරන්න.

වායු සමීකරණ ෆිල්ටරය පිරිසිදු කරනන. එමගින් වායු සමීකරණය නිසා ඇති වන විෂබීජ ආසාදනවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

දිනපතා වායු සමීකරණය තුළ සිටිනවා නම් සමේ තෙතමනය ආරක්ෂා කරන ආලේපනයක් භාවිත කරන්න.

ඉදහට හෝ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කරන්න.

වායු සමීකරණය තුළ වැඩි වේලාවක් රැදී සිටිනවා නම් මෘදු සබන් වර්ගයක් ස්නානයේදී භාවිත කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,166
   21

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,169
   17

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   19,671
   15

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
5 skin care tips for your neck
   67,687
   15

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Know about green tea
   21,471
   14

සෞඛ්‍යයට හිතකර ග්‍රීන් ටී දැනගෙන පානය කරන්න

ලෙඩ රෝගවලින් මිදෙන්න වගේම අධික තරබාරුව අවම කර ගන්නත් තියෙන හොඳ විසඳුමක් තමයි ග්‍රීන් ටී කියන්නේ

Latest Articles

Most Viwed