ඔබ පෙම්වතියක් බිරිඳක් වෙන්න පුළුවන්. පෙම්වතියක්ව ඉන්න කාලයේදී අපි හරිම ආසයිනේ ඔහු එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉන්න. එක එක ප්‍රශ්න අහන්න. ඉතින් එහෙම අහන ප්‍රශ්න ගොඩ අතරේ මේවත් තියෙනවද බලන්න. එතකොට ඔහුව හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වේවි ඔබට.
01. පරණ සම්බන්ධතාවෙන් ජීවිතේට ඉගෙන ගත්ත ලොකුම පාඩම් මොනවද?
02. දවසක් ලස්සනටම ගත කරනවානම්, එදාට මොනවද කරන්න ඕනේ? කොහෙටද යන්න ඕනේ?
03. කාලෙකට කලින් මෙන්න මේ දේ ඉගෙන ගෙන තිබුනා නම් හොඳයි කියලා හිතෙන දෙයක් තියෙනවද?
04. අනිත් මිනිස්සු කරනවා දකින්න අකමැතිම මොන වගේ වැඩද?
05. අනිත් මිනිස්සු ළඟ නැති ඔයා ගාව විතරක් තියෙන හොඳම ගතිගුණය කියලා ඔයාට හිතෙන්නේ මොකක්ද?
06. අනිත් අයව අපහසුතාවයට පත් කරන විදිහේ නරක පුරුද්දක් ඔයාට තියෙනවද?
07. සමහරක් මිනිස්සු උවමනාවට වඩා ඔයා ගැන අගය කරන හරි, ඔයාව පහත් කරන හරි කාරනාවක් තියෙනවද?
08. හිතට දරාගන්න බැරි දුකක් කනගාටුවක් ඇති වෙලා තියේනම්, ඒ මොකක්ද?
09. අනිවාර්යයෙන් කරන්න ඕනේ කියලා හිතේ තියාගෙනම ඉන්න හැබැයි තවම කරපු නැති මොකවත් තියේද?
10. ඔයාව හදපු විදිහෙන් අම්මයි තාත්තයි ගැන වැඩියෙන්ම ආදරේ හිතෙන්නේ මොන දේ ගැනද?
11. වයසට ගියහම මොනවද කරන්න කැමති?
12. ඔයාගේ ලොකුම දුර්වලතාවය මොකක්ද?
13. අනිත් අයට වඩා ඔයා වෙනස් කෙනෙක් වෙන්නේ කොහොමද?
14. ජිවිතේ කරපු ලොකුම වැරැද්ද මොකක්ද?
15. වැඩියෙන්ම ජිවත් වෙන්න කැමති මොන රටේද?
16. දැනට හම්බවෙලා තියෙන නරකම පුද්ගලයා කව්ද?
17. වැඩියෙන්ම තරහ යන්නේ මොන වගේ දේවල් වලටද?
18. කොයි වගේ පොත්ද කියවන්න කැමති?
19. ඔයාව අපහසුතාවයට පත් කරන්නේ මොනවගේ දේවල්ද? සිද්ධීන්ද?
20. සුරතල් සතෙක් ඇති කරන්න කැමතිද?