ඔබගේ සිරැරේ බර අඩු කර ගැනීමට හොඳම ඉඟි 15 ක්

November 11, 2021
7,801
15 best weight loss tips
ජලය වැඩිපුර පානය කරන්න
ජලය වැඩිපුර පානය කිරීම මගින් සිරැරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන අතර ශරීරය වියළීමකින් තොරව පවත්වා ගැනීමට හැකිවනවා.

සිනී සහිත පාන වර්ග සීමා කරන්න
පළතුරු යුෂ හෝ වෙනත් සීනි සහිත පාන වර්ග දිනපතා පානය කිරීම මගින් සිරැරේ බර අධික ලෙස ඉහළ නංවනවා. එමනිසා අධික සීනි සහිත පානයන් සීමා කිරීම බර අඩුකර ගැනීමට ඉතා වැදගත් වනවා.

ඇල්කොහොල් පානය සීමා කරන්න
ඉඳහිට ඇල්කොහොල් පානයන් ගැනීම මගින් ඔබගේ සෞඛ්‍යය තත්ත්වයට ප්‍රතිලාභයන් ගෙන දුන්නත් දිනපතා ඇල්කොහොල් පානයන් ශරීරයට නුසුදුසු වනවා.

ආහාර ප්‍රමාණය සිමා කිරීම
දෛනික ආහාර වේල් තුල ඔබ ආහාරයට ගනු ලබන ආහාර ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් සමබර ආහාර වේලක් ගැනීමත් කැලරි ප්‍රමාණය සීමා කිරීමත් වැදගත් වනවා.

නිවසේ සකසන ආහාර ගැනීම
සෑම ආහාර වේලක් සඳහාම නිවසේ සකසන ආහාර ගැනීම අපහසු වුවත් සෑම විටම අධික මේදය සහ සීනි අඩංගු ආහාර නිරන්තරයෙන් ගැනීම සිරැරේ බර ඉහල යාමටත් සෞඛ්‍යය තත්ත්වය නරක් කිරීමටත් හේතුවනවා.. එමනිසා හැකි සෑම විටම නිවසේ සකස්කරන ලද ආහාර ගැනීම සිරැරේ බර අඩුකර ගැනීම සඳහා වඩාත් වැදගත් වනවා.

දෛනික ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිකරන්න
ප්‍රෝටීන් දෛනික ආහාර වේලේ තිබිය යුතු අනිවාර්‍ය අංගයක් වන අතර එමගින් නිතර ආහාර ගැනීමට වන අධික ආහාර රුචිය පාලනය කිරීම ද සිදුවනවා. මස් වර්ග, මාලු, බිත්තර වැනි ප්‍රෝටීන් අඩංගු ආහාර ගැනීම මගින් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකියි. එමෙන්ම ඔබ නිර්මාංශික නම් ඔබට ටෝෆූ වැනි සෝයා ආශ්‍රිත නිශ්පාදන ගැනීම මගින් ප්‍රෝටීන් ලබාගත හැකියි.

එළවලු සහ පළතුරු වැඩිපුර ආහාරයට එක්කර ගන්න
නැවුම් එළවලු සහ පලතුරු වල අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වන අතර එමගින් ඔබගේ ශරීරයේ බර වැඩිවීමේ අවධානම පහළ නංවන අතර ශරීරයට අත්‍යවශ්‍ය‍ය විටමින් සහ ඛනිජලවණ රාශියක් අන්තර්ගත වනවා.

පිෂ්‍ඨය සීමා කරන්න
එදිනෙදා ආහාර වේල තුල ඔබ කොපමණ පිෂ්ඨය ප්‍රමාණයක් අන්තර්ගත වනවාද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ඔබ එතරම් ක්‍රියාශීලි දිවියක් ගත නොකරන්නේ නම් පිශ්ඨය බහුලව ආහාරයට ගැනීම ඔබගේ ශරීරයේ බර වැඩි වීමට බලපානු ලබනවා. එමනිසා ව්‍යායාම් හි නිරත වීමත් පිශ්ඨය අඩංගු ආහාර සීමා කිරීමත් සිරැරේ බර අඩුකර ගැනීමට නම් අනිවාර්‍යෙන් ඔබ කල යුතුවනවා.

ක්‍රියාශීලි දිවියක් ගත කිරීම
නිරෝගි දිවියක් ගත කිරීමට නම් අනිවාර්‍යෙන් සතියකට විනාඩි 150ක් පමණ ව්‍යායාම් හි නිරත විය යුතු බව පැවසෙනවා.. එමනිසා ඔබ දිනකට අවම විනාඩි 15ක් 20ක් අතර ප්‍රමාණයක් ශාරිරිකව ක්‍රියාශීලි ව්‍යායාම් හි නිරත වීම වැදගත් වනවා.. ඒ සඳහා ව්‍යායාම්ගාරයකට (ජිම්) යාමම අත්‍යාවශ්‍ය වන්නේ නැහැ.. ඒ සඳහා ඔබට කාලය නොමැති නම් නිවසේ කටයුතුවල නිරත වීම, තණකොල කැපීම, මල්වලට වතුර දැමීම, ඇවිදීම වැනි ක්‍රියාකාරකම් හි නිරත විය හැකියි.. අවශ්‍ය වන්නේ ඔබ ඒ සඳහා උනන්දු වීම පමණයි.

ප්‍රමාණවත් නින්ද
කාර්‍යබහුල දිනයක් අවසානයේ සුව නින්දක් ලැබීම අත්‍යාවශ්‍ය‍ වන අතර දිනකට පැය 7 - 9ත් නින්දක් ලබාගත යුතු බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ.. එමගින් මානසික ආතතියෙන් තොරව ප්‍රබෝධමත්ව කාලය ගත කිරීමට හැකිවන අතර ප්‍රමාණවත් නින්දක් නොලැබීම සිරැරේ බර වැඩිවීමටද හේතුවනවා.

කැෆේන් අඩංගු පාන සීමා කරන්න
දිනකට කැෆේන් මිලිග්‍රෑම් 400 ක් පමණ ගැනීම සුදුසු වුවත් එම ප්‍රමාණය ඉක්මවා කැෆේන් අඩංගු පානයන් ගැනීම ශරීර සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන අතර සිරැරේ බර වැඩිවිම කෙරෙහිද බලපානු ලබනවා.

කඩල ඔබගේ ආහාර වේලට එක්කර ගන්න
රනිල කුලයට අයත් කඩල ප්‍රෝටීන් බහුල ආහාරයක්.. විශේෂයෙන් ඔබ නිර්මාංශ අයෙක් නම් ඔබගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගත හැකි සාර්ථක ක්‍රමයක් ලෙස කඩල ආහාරයට ගැනීම හැඳින්විය හැකියි. විශේෂයෙන් කැලරි අඩු ආහාරයක් බැවින් ඔබගේ සිරැරේ බර අඩුකර ගැනීමට වඩාත් සුදුසු ආහාරයක් ලෙස හැඳින්විය හැකියි.

බිත්තර වැඩි වශයෙන් ආහාරයට ගන්න
සම්පූර්ණ ආහාරයක් ලෙස සැලකිය හැකි බිත්තර ආහාරයට ගැනීම ඔබගේ ආහාර රුචිය පාලනය කරන අතර ඔබට අවශ්‍ය හිතකර මේදය ලබාදෙනවා. එමෙන්ම පහසුවෙන් ආහාරයට ගැනීමටත් හැකි අඩු මිලකින් යුතු පෝෂණයෙන් ඉහළ ආහාරයක්.

සීනි සීමා කරන්න
සීනි ආහාරයට ගැනීම ශරීරයේ බර ඉහල යාමටත් විවිධ ලෙඩ රෝග සඳහාත් බලපානු ලබනවා. එමනිසා හැකි සෑමවිටම සීනී සීමා කිරීම වඩාත් යෝග්‍ය වනවා.

අලිගැටපේර වැඩිපුර ආහාරයට එක්කර ගන්න
අලිගැටපේර ආහාරයට ගැනීමෙන් හෘදයට හිතකර අසංතෘප්ත මේදය ලබාදෙන අතර එහි බහුලව විටමින් C, K සහ විටමින් B 6 අඩංගු වනවා. එමෙන්ම සිරැරේ බර අඩුකර ගැනීමටත් සහය වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2092 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:10:39 PM
Script:/article/2092/15-best-weight-loss-tips.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:10:39 PM
Script:/article/2092/15-best-weight-loss-tips.html