උදරයේ තෙල් තට්ටුව වැඩි වීමට හේතුවන ඔබ නොසිතතූ හේතු 5ක්

March 6, 2022
8,589
5 everyday habits that lead you to abdominal fat
belly fat හෙවත් visceral fat සිරැරේ හැඩය පිළිබඳව සිතනා බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්.. අක්මාව සහ අග්න්‍යාශය වැනි උදරීය ප්‍රදේශයේ අනවශ්‍ය මේදය තැන්පත් වීම සිරැරේ හැඩය කෙරෙහි මෙන්ම ඔබගේ සෞඛ්‍යය තත්ත්වය කෙරෙහිද අහිතකර ලෙස බලපානු ලබනවා.. එය අඩු කිරීමට නම් ඔබ දෛනිකව පරොභෝජනය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට උත්සාහ කිරීම වඩාත් සුදුසු වනවා.

උදරයෙ අනවශ්‍ය මේදය තැන්පත්වීමට ඔබගේ එදිනෙදා පුරුදු මගින්ද බලපෑම් එල්ලවන බව දැනගැනීම ඇතැම් විට ඔබ පුදුමයට පත්කල හැකියි.

1.ප්‍රමාණවත් පරිදි නින්ද නොලැබීම


සෑම රාත්‍රියකම පැය පහක් හෝ ඊට අඩුවෙන් නිදා ගන්නා පුද්ගලයන් තුල ප්‍රමාණවත් නින්දක් ලබන පුද්ගලයන්ට වඩා 2 1/2 ගුණයකින් උදරීය මේදය තැන්පත්වීම ඉහළ බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඔවුන්ට අනුව ඔබ ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් ආහාර රුචිය පාලනය කරන හෝමෝන දෙකක් වන ලෙප්ටින් සහ ග්‍රෙලින් නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එමෙන්ම දුර්වල නින්ද ආතති හෝමෝනය වන කෝටිසෝල් නිපදවීම වේගවත් කරන අතර එම හෝමෝනය උදරය වටා මේදය තැන්පත් කරගැනීමට ශරීරයට පවසනවා.


2.Diet Soda


කැලරි අඩු සීනි රහිත, කෘත්‍රිමව පැණි රස කළ කාබනීකෘත බීම Diet Soda ලෙස හඳුන්වන අතර ඩයට් සෝඩා පානය කරන පුද්ගලයන්ගේ ඉණ වට ප්‍රමාණය සෝඩා පානය නොකළ අයට වඩා සියයට 70 කින් වැඩි බව පර්‍යේශනයක් මගින් සොයාගෙන තියෙනවා. කෘත්‍රිම රසකාරක අඩංගු මෙවැනි පානයන් මගින් සිරැරට වැඩි කැලරි ප්‍රමානයක් අපේක්ෂාව සඳහා උත්තේජනය කරනු ලබන අතර එම හේතුවෙන් අධික ආහාර රුචියක් වර්ධනය වීම සිදුවනවා.


3.මානසික ආතතිය


අධික ආතතිය නිසා ශරීරය වැඩිපුර කෝටිසෝල් නිෂ්පාදනය කරන අතර එමගින් ඇතිවන බලපෑම හේතුවෙන් උදරය වටා මේදය තැන්පත් වීම සිදුවනවා.. එමනිසා ඔබ නිතර මානසික ආතතියට පත්වනවා නම් එය වළක්වා ගැනීමේ පියවරයන් අනුගමනය කල යුතු වනවා.


4.ටින් කෑන් වල ඇති ආහාර


උදරයේ මේදය තැන්පත් වීම කෙරෙහි සැලකිලිමත් වන ඔබ, ආහාරයට ගන්නා දෙයට අමතරව එම ආහාර ඇසුරුම් කර ඇති කෑන්වල Bisphenol A, හෝ BPA වැනි රසායන අඩංගු වනවාදැයි සැලකිලිමත් විය යුතුයි.. විශේෂයෙන් ඇලුමිනියම් කෑන්වල BPA නමැති රසායන ද්‍රව්‍යය අඩංගු වනවා.. හාවඩ් විශ්ව විද්‍යාලය මගින් කරන ලද අධ්‍යනයකට අනුව මුත්‍රාවල BPA සාන්ද්‍රණය ඉහළම අගයක් ගන්නා පුද්ගලයින්ගේ ඉණ සැලකිය යුතු ලෙස විශාල වන අතර 25%කින් පමණ තරබාරුවිමේ අවධානමක් ඇතිකරන බව සොයාගෙන තිබෙනවා.


5.ප්‍රමාණවත් පරිදි ප්‍රෝටින් නොලැබීම


දෛනිකව ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ඔබගේ දෛනික ආහාර වේලේ අඩංගු වීම උදරයේ මේදය තැන්පත් වීම හා ප්‍රතිලෝම වශයෙන් සම්බන්ධ වන බව අධ්‍යනයකින් තහවුරු වී තිබෙනවා.. එයට අනුව ප්‍රෝටීන් අතිරේකයක් සහ මද වශයෙන් කැලරි සීමා කරන ලද ආහාර වේලක් ගත් පුද්ගලයන් තුල උදරයේ මේදය තැන්පත්වීම අඩු බව තහවුරු වී තිබෙනවා.. ප්‍රෝටීන් අතිරේකය හේතුවෙන් බඩවැල්වල ක්ෂුද්‍ර ජීවීන් සක්‍රිය වීමටත් හේතු වන බව සොයාගෙන තිබෙනවා. එමනිසා ඔබගේ දෛනික ප්‍රෝටින් ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2139 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:42 AM
Script:/article/2139/5-everyday-habits-that-lead-you-to-abdominal-fat.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:42 AM
Script:/article/2139/5-everyday-habits-that-lead-you-to-abdominal-fat.html