Toggle navigation
Beauty Tips
Child & Me
Fashion & Style
Love & Marriage
Health
Food & Cooking
Lifestyle
නිවසට අළුත් එළියක් ගෙන එන්න මේ පොඩි පොඩි වෙනස් කම් කරන්න
December 3, 2021
5,650
Share this article
Tweet this article
නත්තලත් අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවා.. ඒ නිසා නත්තලට නිවසට එන ඔබේ නැදෑ හිතමිතුරන් පිළිගන්න ඔබේ සිතෙත් බොහෝ බලාපොරොත්තු ඇති.. විශේෂයෙන් ඔබගේ නිවස සහ එහි අභ්‍යන්තරය මෙන්ම ඇතුළු කාමරවල ඒකාකාරි ස්වරූපය මගහැර වෙනසක් එක්කිරීමට ඔබට විවිධ දේ කල හැකියි..
එසේනම් මෙන්න ඔබගේ නිවසටත් අලුත් පැහැයක් ලබාගැනීමට ඔබට සිදුකල හැකි පහසු පියවර කිහිපයක්..
ඔබට මේ සති අන්තයේදීම ඒ සඳහා උත්සාහ කල හැකියි.
කලාත්මක දෑ එක්කරන්න
නිවස අභ්‍යන්තරය අලංකාර කිරීමට යොදාගත හැකි සාර්ථක උපායමාර්ගයක් ලෙස කලාත්මක භාවය එක්කිරීම හැදින්විය හැකියි. ඒ සඳහා ඔබට කලාත්මක රූප , කැටයම්, බිත්ති පින්තාරු ආදි දෑ සිදුකල හැකි අතර එමගින් විසිත්ත කාමරයේ හෝ කාමරයක පෙනුම සහ එළිය ඉහළ නංවනවා පමණක් නොව පිටතින් පැමිණ එය නරඹන්නකුගේ ආකර්ශනයද දිනාගනු ලබනවා.
සුදුසු ලෙස දර්පන භාවිතය
දර්පණ නැතහොත් කන්නාඩි මගින් ආලෝකය පරාවර්තනයය කරන අතර කුඩා ඉඩක් වුවද විශාල කර පෙන්විමට එමගින් හැකියාව ලැබෙනවා.. ඔබගේ නිවසේ එතරම් ආලෝකය නොලැබෙන කාමරයක ජනේලය හරහා දර්පණයක් තැබීමෙන් වැඩි ආලෝකයක් එක් ගත හැකියි.. විශේෂයෙන් නිවාස අලංකරණයේ දී බොහෝවිට දර්පණ භාවිතා කරනවා..
උපක්‍රමශිලි ලෙස බිත්ති වලට වර්ණ තෝරා ගන්න
ඕනෑම අවකාශයකට දීප්තිමත් පැහැයක් ලබාගැනීමට නම් ලා වර්ණ වෙත යොමුවිය යුතුයි.. විශේෂයෙන් නිවස අභ්‍යනතර බිත්ති පින්තාරු කිරීමේදි ඔබ වඩාත් උපක්‍රමශීලි විය යුතුයි. නිවස ආලෝකමත් කරගන්න බොහෝ දෙනා සුදු පැහැය තෝරා ගන්නා අතර, ඇතැමුන් ආලෝකය පරාවර්තනය වන තැන් වලට කහ, රතු පැහැයන් හෝ තැඹිලි වැනි උණුසුම් වර්ණයන් තෝරාගනු ලබනවා.
ඝන කර්ටන්ස් ඉවත් කරන්න
ඕනෑම අවකාශයකට අඳුරු පෙනුමක් ලැබීම ආලෝකය පැමිණෙන ස්ථාන අවහිර කිරීමෙන් සිදුවනවා. එමනිසා ඝන අඳුරු පැහැ තිර රෙදි වෙනුවට ලා පැහැති සැහැල්ලු රෙදි වලින් මසන ලද තිර රෙදි තෝරා ගැනීම සුදුසු වනවා.
දිලිසෙන සැරසිලි තබන්න
කාමරවල අඳුරුම මුල්ලෙන් දිලිසෙන පෙනුමක් සහිත විසිතුරු භාණ්ඩ තබන්න.. ඒවා මගින් ආලෝකය පරාවර්ථනය වීමෙන් කාමර වලට වැඩි දීප්තියක් ලැබෙවි.
ගස් කප්පාදු කරන්න
නිවසට ලැබෙන ආලෝකයට බාධා වන අයුරින් වැඩී ඇති ගස්වල අතු කපා මට්ටම් කිරීමෙන් වැඩි ආලෝකයක් නිවස අභ්‍යන්තරයට ලැබෙනු ඇත.
වීදුරු ගෘහ භාණ්ඩ තෝරා ගන්න
ආලෝක පරාවර්තන පෘෂ්ඨ මගින් එලිය වැඩිකර පෙන්වන නිසා නිවස අභ්‍යන්තරයට වීදුරු ගෘහ උපකරණ තෝරාගන්න.
ජනෙල් පිරිසිදු කරන්න
ජනෙල් වීදුරු මත දූවිලි කුණු පැල්ලම් පහසුවෙන් බැඳෙන බැවින් එමගින් නිවසට ඇතුළුවන ආලෝකයට බාධා පැමිණේ.. එමනිසා සතියකට වරක් හෝ හොඳින් ජනේල, වීදුරු පිරිසිදු කරන්න.
ක්‍රිස්ටල් විදුලිපහන්
දර්පණ භාවිතාවෙන් මෙන්ම ක්‍රිස්ටල් විදුලි පහන් භාවිතාවෙන් ද ආලෝකය පරා පරාවර්තනය කර ගත් හැකියි.. ආලෝකය නොලැබෙන විසිත්ත කාමරය ආලෝකමත් කිරීමට ඔබට ක්‍රිස්ටල් විදුලි පහන් භාවිතා කරන්න පුළුවන්.
ලා පැහැති පොළොව මතුපිට
පොළව මතුපිට අඳුරු පැහැති ටයිල් හෝ ලී පොළොවවල් භාවිතාව මගින් වඩාත් අඳුරු පැහැයක් නිවසට ලැබෙනවා.. ඔබේ නිවස දීප්තිමත් කිරීමට අවශ්‍ය නම් ඔබ ලා පැහැති ටයිල් හෝ ලී තෝරා ගත යුතුයි.
බිත්ති අඩු කරන්න
විවෘත අවකාශයන් නිවසට වැඩි ඉඩක් ආලෝකයක් එක් කරනු ලබනවා.. එමනිසා ඔබට හැකි නම් ගැලපෙන ආකාරයට නිවසේ අනවශ්‍ය බිත්ති ඉවත් කර අවකාශයන් සකසා ගන්න.
පඩිපෙළ විවෘතව තබන්න
පඩිපෙළ බිත්තියක් මෙන් තිබීමෙන් වැඩි ඉඩක් සහ අඳුරු ස්වභාවයක් ගන්නා බැවින් පඩිපෙළ විවෘතව තබන්න.
ගෘහ භාණ්ඩ උපාය මාර්ගිකව තෝරාගන්න
නිවසක පෙනුම වැඩි කිරීමට ඒ සඳහා තෝරා ගන්නා ගෘහ භාණ්ඩ වලට හැකියාව තිබෙනවා.. එමනිසා සෑමවිටම නිවසේ විවිධ ස්ථාන සඳහා සුදුසු ආකාරයට ගෘහ භාණ්ඩ තෝරා ගන්න. විශේෂයෙන් නිවසට ආලෝකය ලැබෙන කවුළු ආවරණය වන ලෙස ගෘහ භාණ්ඩ තැබීමෙන් වළකින්න.
Related Articles
11,352
මෙන්න මේ කදරකාරයෝ පස්දෙනා පුළුවන් තරම් අතේ දුරින් තියාගන්න
27,660
කාන්තාවන්ට මැරු කැඳවන වැරදි පුරුදු
8,398
“අපි මෙහෙම දුක් විඳපු අය නෙවෙයි” ඕපනායක ජනක සමන් කුමාරගේ කතාව
Featured Articles
16,322
Sex කියන්නේ හැමදාම කරන්න ඕනේ දෙයක් ද?
50,877
මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි
6,970
හෑන්ඩ් සැනිටයිසර් භාවිතා කරන්නේ මේ දේවල් හරියට දැනගෙන ද?
Trending Articles
19,271
සෞඛ්‍යයට හිතකර ග්‍රීන් ටී දැනගෙන පානය කරන්න
14,438
බ්ලැක් ජීන්ස් වලට ලස්සනට පේන්න මේ විදිහට top එක අඳින්න
12,863
වැඩිපුර හිසකෙස් වැටීමට හේතු වෙන්නේ මේ කාරණා 4 යි
Hadakari.com
අපේ ජනප්‍රියම ලිපි
6,866
57
බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම
ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
Read More
54,171
35
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Read More
47,061
18
ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්
නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Read More
41,170
17
මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා
කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Read More
18,103
16
දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?
ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි
Read More
Latest Articles
ඔබට විටමින් ඌණතාවයක් ඇති බව අඟවන ලකුණු
එක ගවුමකින් එක එක දවසට එක එක ලුක්ස් වලින් අඳින්නෙ මෙහෙමයි
අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!
ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. මේ ක්‍රම ටික අත්හදා බලන්න
බර අඩු කරගත්තත් පවත්වගෙන යන්න අමාරුද? මේකයි පිළිතුර..
ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න
Most Viwed
ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්
ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්
කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්
බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න
මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්