COVID-19 අතරතුරදී ඔබේ ජීවිතයෙන් කපා හැරිය යුතු පුරුදු 5 ක්

October 22, 2020
4,952
5 things to get rid of while covid-19
ලෝකය පුරා පුලුල්ව පැතිරුණු කොරෝනා වයිරසය අපේ කායික සෞඛ්‍යයට තර්ජනයක් වුණා වගේම ඒක ශාරීරිකව විතරක් නෙමෙයි අපේ මානසික සෞඛ්‍යයට ද බලපෑවා. තවමත් ඒ සඳහා ස්ථීර ප්‍රතිකාරයක් හොයාගෙන නෑ. ඒ නිසා අපි අපේ සමාජ දුරස්ථභාවය පුහුණු කරනවාට අමතරව හොඳ සෞඛ්‍යයක් සහ ශක්තිමත් ප්‍රතිශක්තියක් පවත්වා ගැනීම අද කාලයට ඔබින අවශ්‍යතාවයක් වෙලා තියනවා. තාමත් සමාජයේ පවතින COVID-19 වසංගතය තුළ යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා ඔබ විසින් කපා හරින්න ඕනේ කරුණු පහක් මෙන්න...

1. සීනි
සීනි කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිය යටපත් කිරීමට ප්‍රධාන හේතු සපයන ආහාරයක්. එක් වරකට අපි ගන්න පිරිපහදු කළ සීනි විශාල මාත්‍රාවකින් හානිකර බැක්ටීරියා සහ වෛරස් වලට එරෙහිව සටන් කිරීමට වග කියන අපේ ශරීරයේ සුදු රුධිරාණු වලට පහර දෙනවා. ඒක පැය කිහිපයක් පුරා පවතින ඔබේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාවයෙන් සියයට 50 ක් විනාශ කරනවා.

2. මත්පැන්
අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් ඔබේ බඩවැල් වල දැවිල්ලක් ඇති කරවනවා. ඒ වගේම ඔබේ යහපත් සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කරන සහ ආසාදන අවදානම අඩු කරන බඩවැල් වල සිටින සෞඛ්‍ය සම්පන්න ක්ෂුද්‍ර ජීවීන් ද මත්පැන් නිසා විනාශ වෙනවා. මෙමඟින් ඔබේ ශරීරයට ආසාදන වලට එරෙහිව සටන් කරන්නට හැකියාව නැති වෙනවා. එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා ඔබව රෝගාබාධවලට ගොදුරු වීමේ හැකියාවද වැඩි වෙනවා.

3. සැකසූ ආහාර
සැකසූ හා ඇසුරුම් කරන ලද ආහාර නිෂ්පාදනය කරද්දී ඒවායේ ආයු කාලය වැඩි කිරීම සඳහා එම ආහාර දැඩි ලෙස පිරිපහදු කරනවා. පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය මගින් තන්තු සහ සමහර වැදගත් විටමින්, ඛනිජ ලවණ හා එම ආහාරයේ පෝෂක ඝනත්වය විශාල වශයෙන් අඩු කරනවා. බොහෝ විට ඒ වගේ ආහාර වල අන්තිමට ඉතිරි වෙලා තියෙන්නේ අවම පෝෂක වටිනාකමක් ඇති කැලරි සහිත ඝන ආහාරයක් විතරයි.

4. මේද ආහාර
මේවායින් ඔබේ බර වැඩි කරනවාට අමතරව බැදපු සහ මේද ආහාර නිසා බඩේ දැවිල්ල ද වැඩි කරනවා. ආතතිය ඇති කරවන හෝමෝන නිපදවීම ද ශරීරය තුළ වැඩි වෙනවා. ශරීරයේ බඩවැල් වල වැඩෙන යහපත් බැක්ටීරියා වෙනස් කරවනවා. මෙම සියලු සාධක ඔබ තුළ දුර්වල ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් ඇති කරන්නයි දායක වෙන්නේ.

5. මාධ්‍ය
ඔබ ඔබේ අවට ලෝකයේ සිදුවීම් පිළිබඳව හොඳින් දැනුවත් වෙන එක වැදගත්. ඒ වුණත් හැම වෙලාවේම විවිධ මාධ්‍ය එක්කම ඇලිලා ඉන්න එක හරහා ඔබේ මනසෙ විනාශයක් ඇති වෙන්න පුලුවන්. කලබලකාරී මාධ්‍ය වාර්තා, මිනීමැරුම් හා අසුභදායී පුවත් වගේ මනසට පීඩනයක් වෙන පුවත් උදේට බැලුවම මුළු දවස පුරාම ඔබව ආතතියට පත් වෙන්න පුලුවන්. ඒවායින් ඇති වෙන මානසික ආතතිය හා සාමකාමී නොවන නින්ද නිසා ඔබේ ශරීරයේ සටන් යාන්ත්‍රණයට ද බලපෑම් ඇති වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1882 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:43 AM
Script:/article/1882/5-things-to-get-rid-of-while-covid-19.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:43 AM
Script:/article/1882/5-things-to-get-rid-of-while-covid-19.html