දිනපතා නෙල්ලි අනුභව කිරීමෙන් අධික තරබාරුව අඩු කර ගන්නේ මෙහෙමයි

October 7, 2020
3,663
Get rid of obesity with nelly
නෙල්ලි කියන්නේ විවිධ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරි ආහාරයක්. නෙල්ලි වල ඇති මෙම පෝෂ්‍ය පදාර්ථ සියල්ලම නිරෝගී දිවියක් ගත කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය අපිට ලබා දෙනවා. ඒ අතර බර අඩු කර ගැනීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් නෙල්ලි අපිට උපකාරී වෙනවා. කොරෝනා වෛරසය සඳහා තවමත් ස්ථීර එන්නතක් සොයාගෙන නැති නිසා අපිව ආරක්ෂා කර ගන්න පුලුවන් එකම ක්‍රමය වන්නේ අපේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක තබා ගන්න උත්සහ කරන එකයි.

අද හැඩකාරී අපි ඔයාට දිනපතා නෙල්ලි අනුභව කරනකොට ඔයාගේ ශරීරයට ලැබෙන වාසි ගැන කියලා දෙන්නම්. නෙල්ලි ඔයාගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වනවා පමණක් නෙමෙයි, ශරීරයේ අමතර බර අඩු කිරීමටද උපකාරී වෙනවා.

සමට සහ හිස කෙස් වලට ඉතා ගුණදායක ඖෂධමය පළතුරක් වෙන නෙල්ලි ඔයාගේ රුධිරගත සීනි සාන්ද්‍රණය පාලනය කිරීමට ද ක්‍රියා කරනවා. එමෙන්ම රුධිරයේ කොලේස්ටරෝල් මට්ටම අඩු කිරීමටද නෙල්ලි වලට හැකියාවක් පවතිනවා. තවද හදවත සුරක්ෂිත කිරීමට බෙහෙත් නෙල්ලි කියන්නේ හොඳ ඔසුවක්.

නෙල්ලි වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 
- නෙල්ලි විවිධ විටමින්, ඛනිජ හා තන්තු වලින් පොහොසත් නිසා නිරෝගී දිවියක් ගත කිරීමට උපකාරී වෙනවා.
- අඩු කැලරි ප්‍රමාණයක් සහිත අතර බර අඩු කර ගැනීම සඳහා යෝග්‍යයි.
- ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර එමඟින් ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වෙනවා.
- නෙල්ලි තන්තු වලින් පොහොසත් බැවින් ආහාර ජීර්ණය වැඩි දියුණු කරන අතර රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
- එමඟින් ඔයාගේ ශරීරය පිළිකා ඇතුළු විවිධ හෘද රෝග වලින් ද ආරක්ෂා කරනවා.

ඔයාගේ දෛනික ආහාර වේලට නෙල්ලි ඇතුළත් කිරීමට සරල ක්‍රම 5 ක්
- නෙල්ලි ස්නැක් එකක් වගේ කෑමට ගන්න.
හැම කෙනාම නෙමෙයි, සමහර අය නෙල්ලි වල ඇති ඇඹුල් රසයට කැමතියි. ඒ අයට නෙල්ලි ස්නැක් එකක් විදිහට කන්න පුළුවන්. නෙල්ලි කන්න කලින් සේදීමට මතක තබා ගන්න. පස්සේ ඒක කැබලි දෙකකට පලලා ලුණු සමග රස විඳින්න.

- චට්නි
රසවත් නෙල්ලි චට්නි එකක් කියන්නේ අපගේ නිතිපතා ආහාර වේල සමඟ එකතු කරගන්න පුලුවන් පරිපූර්ණ අතුරු කෑමක්. නෙල්ලි සමඟ කොත්තමල්ලි, ඉඟුරු, සුදු ලූණු, මිරිස් සහ මින්ට් කොළ වගේ වෙනත් අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කරලා ඔයා සාමාන්‍යයෙන් චට්නි සාදන ආකාරයට සකස් කරගන්න පුලුවන්.

- අච්චාරු
නෙල්ලි වලින් අච්චාරුවක් හදන්න. නෙල්ලි කන්න අකමැති අයටත් අච්චාරුවක් හදාගත්තම නෙල්ලි කන්න ආස හිතෙයි.

- සම්බෝලයක්
ඔයාට ලුණු, මිරිස්, ගම්මිරිස් ටිකක් එකතු කරලා, නෙල්ලි වලින් පොඩි සම්බෝලයක් පිළියෙළ කර ගන්න පුලුවන්. සිහින්ව කපාගෙන හෝ තලා ගෙන මෙය සකස් කරගන්න පුලුවන්. ඔයාට බත් හෝ රොටී සමඟ මෙය ආහාරයට ගන්න පුලුවන්.

- ජූස් එකක්
ඇට ඉවත් කරලා, ලුණු, සීනි, වතුර, අයිස් කැට දාලා රසවත් ජූස් එකක් සාදා ගන්නත් පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1858 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:45 AM
Script:/article/1858/get-rid-of-obesity-with-nelly.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:35:46 AM
Script:/article/1858/get-rid-of-obesity-with-nelly.html