ඔයත් මේ දේවල් කරනවා නම් නිරෝගීව ඉන්න වයස ප්‍රශ්නයක් නෙවෙයි

October 19, 2017
5,185
Age is not a matter to be healthy if you do these
අවුරුදු 30ක් 40ක් වෙද්දී ගොඩාක් දෙනෙක්ට තියෙන තරම් ලෙඩ ඔක්කොම වැළඳෙන එක අද සුලබ දෙයක් වෙලා. මොකක්ම හරි ලෙඩක් වැළඳිලා නැති කෙනෙක් නැති තරම්. ඇහුවොතින් හැමෝටම කියන්න මොකක්ම හරි දෙයක් තියෙනවා. එත් එහෙම වෙලා තියෙන්නේ අපේම වැරදි නිසා. නිවැරදි ජිවන රටාවක් පවත්වා ගෙන යන්න පුළුවන් නම් නිරෝගිව ඉන්න වයස කියන එක කොහෙත්ම බලපාන්නේ නැහැ. ඒ නිසා ඔයත් අදම ඔයා තුල මේ කියන වෙනස් කම් ඇති කර ගන්න උත්සාහ ගන්න.

1. වතුර නැති නිරෝගී බවක් නැහැ

අපේ නිරෝගී බවට අත්‍යාවශ්‍ය ප්‍රධානම සාධකය වෙන්නේ වතුර. ඔයාගේ ශරීරයේ වතුර ප්‍රමාණය අඩු වෙද්දී සම රැලි වැටීමට ලක් වෙනවා. ඒ නිසා ඔයා තවත් වයස් ගත වෙලා පෙනෙන්න ගන්නවා. ඒ වගේම වතුර හිඟ කම නිසා ඔයා ටිකෙන් ටික විජලනයට පත් වෙනවා. එයින් ඔයාගේ ශක්තියත් ටික ටික හීන වෙන්න ගන්නවා. ඒ නිසා දිනකට ඔයාගේ ශරීරයට අවශ්‍ය කරන ජල අවශ්‍යතාව නිවැරදිව සම්පුර්ණ කරන්න.

2. උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න

උදේට රජෙක් වගේ කන්න ඕන කියල කියලා තිබුනට දරාගන්න බැරි තරමට කන්න එපා. එහෙම වුනොත් දවසම කම්මැලි කමෙන් තමයි ගෙවන්න වෙන්නේ. ඒ නිසා සියලුම පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විත සමබල ආහාර වේලක් උදෑසන අහාර වේලට එකතු කර ගන්න. බඩට දරා ගන්න පුළුවන් තරමට කෑවනම් තමයි වඩා හොඳ.

3. ටිකක් පයින් එහෙම ඇවිද්දට ඇති වරදක් නැහැ

කලින් කිව්වා වගේ බඩට දරා ගන්න පුළුවන් තරමට කන්න කිව්වට ගොඩක් දෙනෙක්ට ඒක කරන්න බැහැ. මොකද කට පරිස්සම් කර ගන්න බැහැනේ. ඒ නිසා තමයි ව්‍යායාම අපේ ශරීරයට අනිවාර්යෙන්ම අවශ්‍යයි කියන්නේ. බරපතල දේවල් ඕන නැහැ. බයිසිකල් පැදීම, පිහිනීම, ඇවිදීම වගේ පොඩි පොඩි ක්‍රියාකාරකම් ඔයාගේ ශරීරයේ ඇති අනවශ්‍ය කැලරි දහනය කරන්න උදවු වෙනවා. මේ කියන දේවල් වලට ඔයාට කාලය ප්‍රශ්නයක් නම් සතියකට දවසක් දෙකක් වත් වත්තේ පිටියේ ටිකක් ඇඟ වෙහෙසන වැඩක් කරන්න.

4. නිවැරදි ඉරියව්

ඔයා විශ්වාස නොකරනවා ඇති සිට ගැනීම, හිඳ ගැනීම ඇතුළු හැම ඉරියව්වක්ම ඔයාගේ ශක්ති මට්ටමට සහ ඔයාගේ ආත්ම විශ්වාසයට බලපෑමක් ඇති කරනවා කියලා. එත් මේවායින් ද ඔයාගේ ශක්තියට වගේම නිරෝගී බවට බලපෑම් ඇති කරනවා. වැරදි ඉරියව් නිසා ඔයා ඕන තරම් අපහසුතා වලට පත් වෙලා ඇති. සරලවම කියනවා නම් පුටුවක වැරදි ඉරියව්වකින් වැඩි වෙලාවක් වැඩි වෙලා හිටියොත් අපිට වේදනාවක් ඇති වෙනවා. මේ ඉරියව් දිගු කාලයක් පවත්වාගෙන යාම ඔයාව ලෙඩ කරන්න හේතු වෙනවා.

5. තේ, කෝපි නැතුවම බැරිද?

තේ, කෝපි වල වැඩි වශයෙන් කැෆේන් අඩංගු වෙනවා. ඒ වගේම කැෆේන් වලින් අපිට ශක්තිය ලබා දෙනවා. නමුත් මේවා නිතර පානය කිරීම ශරීර සෞඛ්‍යට අහිතකරයි. ඒ වගේම නින්ද අඩු කරන්නත් කැෆේන් මුල් වෙනවා. නින්ද මද කම හේතුවෙන් ඔයාට මානසික ආතතිය වගේම තවත් ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා සීමාවක් ඇතුව භාවිතය තමයි වඩාත් නුවණට හුරු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 460 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:13 PM
Script:/article/460/age-is-not-a-matter-to-be-healthy-if-you-do-these.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:13 PM
Script:/article/460/age-is-not-a-matter-to-be-healthy-if-you-do-these.html