මේ සිසේරියන් සැත්කමකින් පසුව මවක් අමතක නොකර කළ යුතුම දේවල්

April 6, 2018
28,302
Mom must dos after a c-section
දරුවෙකුට උපත දෙනවා තරම් වේදනාවාක්, දුෂ්කර කාර්යක් මේ ලෝකේ තවත් නැහැ. ඒක මොන තරම් වේදනාවක් වුනත් හැම අමමා කෙනෙක්ටම ඒ වේදනාව උහුලා ගන්න තරම් කායික, මානසික ශක්තියක් තියෙනවා. මොකද මොනතරම් වේදනාවක් වින්දත් ඒක දරු සම්පත තරම් ලොකු නොවන නිසා. දරුවෙකු ලැබීමෙන් පසුව මවකගේ සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යෙන් යහපත්ව තිබිය යුතුයි. මොකද මවගේ සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යෙන් දරුවාටත් බලපෑම් කරනවා.

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කළ මවක් සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දුන් මවකට වඩා වැඩියෙන් තමන්ගේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. ඒ වගේම වර්තමානය වෙද්දී බොහෝ මව්වරු දරු ප්‍රසුතිය සඳහා සිසේරියන් සැත්කම තෝරා ගන්නවා. ඒ නිසා අද කියන්නේ සිසේරියන් සැත්කමකින් පසු කාන්තාවක් අවධානය යොමු කළ යුතු ප්‍රධානම කාරණා කිහිපයක් ගැන.

1. නිර්දේශිත වේදනා නාශක නිසි පරිදි ලබා ගන්න

සිසේරියන් සැත්කමකින් පසුව වේදනාව ටික කාලයක් යන තුරු පවතිනවා. එය සාමාන්‍ය දරු උපතකට මුහුණ දුන් මවකගේ වේදනාවක් මෙන් දින කිහිපයකින් අඩු වී යන්නේ නැහැ. ඒ නිසා මේ වේදනාව අවම අකිරීමට වෛද්‍යවරයා විසින් ලබා දෙන වේදනා නාශක නිසි පරිදි ලබා ගැනීම කල යුතුයි. ඒ වගේම ටික කාලයක් ගත වී යන තුරු බර වැඩ හා තුවාලයට හානි සිදු වන ආකාරයේ ක්‍රියාවල නිරත වෙන්න එපා. එහෙම වුනොත් එයින් ඔබව තව තවත් අපහසුතාවයට පත් වෙනවා වගේම තුවාලය සුව වීමට තවත් කල් ගත වෙනවා.

2. ඇවිදීම ආරම්භ කරන්න

ඔබගේ අවදානම් කාල සීමාව පහු වුනු බවට වෛද්‍යවරයාගේ නිර්දේශය ලැබීමෙන් පසුව හිමින් ඇවිදීම ආරම්භ කරන්න. ඇවිදීමෙන් ඔබේ රුධිර සංසරණය වැඩි වෙනවා වගේම ක්‍රමවත්ව සිදු වෙනවා. රුධිර කැටි ඇසීම වර්ධනය වීමේ අවදානම අඩු වෙනවා. විශේෂයෙන් සිසේරියන් සැත්කමකින් පසුව ඇති වන අතුරු ආබාධ වළක්වා ගැනීමට ක්‍රියාකාරී දිවියක් පවත්වා ගැනීම නැවත ආරම්භ කල යුතුයි. පවුලේ අයගේ සහාය ඇතිව දිනපතා ඇවිදින්න, සුළු සුළු ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.

3. හොඳින් විවේක ගන්න. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

සිසේරියන් සැත්කමකින් පසුව ඔබේ ශරීරයට නැවත සුව වීමට හා යතා තත්ත්වයට පත් වීමට විවේකය අවශ්‍ය කරනවා. ඒ නිසා නිතරම සිරුර මහන්සි නොකර අවශ්‍ය විවේකය ලබා දෙන්න. එය ඉක්මනින් ඔබව යථා තත්ත්වයට පත් කිරීම සඳහා උදවු වේවි.

රාත්‍රී නින්ද පැය හතක් හෝ අටක් පමණ ලබා ගැනීමට උත්සාහ කරන්න. නින්ද මගින් ඔබේ තුවාලය සුව කිරීමට උපකාර වන පටක වර්ධනය වීම දිරිගන්වනවා. ඒ වගේම සිසේරියන් සැත්කමකින් පසුව මව තුල ඇති වන ආතතිය අඩු කිරීමටත් උදවු වෙනවා. රාත්‍රී නින්දට අමතරව දිව කාලයේදීත් කෙටි නින්දක් ලබා ගැනීම වරදක් නැහැ.

4. මලබද්ධය සමඟ සටන් කරන කෙඳි සහිත ආහාර මඟහරින්නම එපා

මේ කාලසීමාවේදී මලබද්ධය වැනි තත්ත්වයක් ඇති වුනොත් ඔබව එයින් තව තවත් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා ආහාර පාන පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. මලබද්ධය ඇති වීමෙන් ඔබව ආරක්ෂා කරන තන්තු බහුල ආහාර දිනපතා ආහාරයට එක කර ගන්න. ඕට්ස්, කැරට්, බෝංචි, දඹල, බ්‍රකෝලි , ස්ට්‍රෝබෙරි, අලිගැටපේර, පෙයාස් වැනි ආහාර වලින් තන්තු අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්.

5. වතුර තරම් ඔබ සුව කරන වෙන කිසිවක් නැහැ

දිනපතා වැඩිපුර වතුර බොන්න නම් කොහෙත්ම අමතක කරන්න එපා. වතුර වලින් ඔබේ ගැටළු වලින් බහුතරයකට විසඳුම් ලැබෙනවා. ඒ වගේම විජලනය වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙනත් තියෙන එකම විසඳුම තමයි වතුර කියන්නේ . ඊට අමතරව පලතුරු යුෂ, එළවලු යුෂ, ඖෂධිය පාන වර්ග පානය කරන්න.

නිවැරදි ආහාර හා නිසි වෙලාවට ආහාර ගන්න. ඒ වගේම මව් කිරි වර්ධනය වීමට ඉවහල් වන ආහාර වැඩි වශයෙන් ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 751 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:50:38 PM
Script:/article/751/mom-must-dos-after-a-c-section.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:50:39 PM
Script:/article/751/mom-must-dos-after-a-c-section.html