ආත්මාභිමානය නැත්නම් කවුරු ඔයාව අගය කලත් වැඩක් නැහැ

February 15, 2018
9,395
Nothing is worth if you don't have your self-confidence
 
තමන්ට තමන් ගැන තියෙන අභිමානයට අපි ආත්මාභිමානය කියලා කියනවා. තමන් තමන් ගැන තෘප්තිමත් වෙන විදිය අනුව එකිනෙකා තුළ ඇති වෙන ආත්මාභිමානය එකිනෙකාට වෙනස් වෙනවා. ඔබට ඔබ ගැන කිසිම තෘප්තිමත් භාවයක් නැත්තම්, ඔබ ඔබ ගැන සෑහීමකට පත් වෙන්නේ නැත්තන් ඔබට ඔබ ගැන හිතලා සතුටු වෙන්න අපහසුයි නම් ඔබේ ආත්මාභිමානය තියන්නේ කොතනද කියන එක ගැන ටිකක් හිතන්න ඕන දෙයක්.

විශේෂයෙන් කාන්තාවන් ගොඩක් වෙලාවට තමන් ගැන සෑහීමට පත් වෙන්නේ හරිම අඩුවෙන්. තවත් සමහර අයට ආත්මාභිමානය කියල දෙයක් ඇත්තෙම නැති තරම්. "අපි ඉතින් ගෑණුනේ, අපිට ඉතින් ගෙදර වැඩයි ළමයින්ගේ වැඩයි එක්ක ඔට්ටු වෙන එක මිසක් වෙන දෙයක් දෙයක් කොහෙද?" ගොඩක් දෙනෙක් හිතන්නේ මේ සීමාව දක්වා විතරයි. ඉන් එහා දෙයක් ගැන හිතන්න සහ කරන්න ගොඩක් කාන්තාවන් පෙළඹෙන්නේ නැහැ. තමන්ගේ සතුට, සිනහව,තමන්ගේ අභිමානය, තමන්ගේ තෘප්තිය තමන්ගේ පවුල මතම දිය කර හරිනවා. ඔබම තමයි ඔබේ ආත්මාභිමානය පහත හෙලා ගෙන තියෙන්නේ.

එත් ඔබ ඔබේ දහසකුත් රාජකාරි අතරේ ඔබ ගැනත් හිතන විනාඩි කිහිපයක් හෝ තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔබ ඔබ ගැනම හිතලා දුක් වෙනවා නේද? ඔබ ගැන හිතද්දී ඔබේ දෑසම තෙත් වෙනවා නේද? හැම වෙලාවෙම ඔබ, ඔබටම දොස් පවර ගන්නවා නේද? ඇයි ඔබ ඔබට දොස් පවර ගන්නේ ? ඇයි ඔබ ඔබට කිසිදු වටිනාකමක් ලබා නොදෙන්නේ? ඔබට ඔබ ගැනම තියෙන කළකිරීම, දුක, අතෘප්තිමත් බව මේ හැම දෙකින්ම ඔයාව එළියට ගන්න පුළුවන් ඔයාටම විතරයි. අපිට පුළුවන් ඔයාට ඒකට තල්ලුවක් දෙන එක විතරයි. මොකද මේ හැම දෙයක්ම තීරණය වෙනේ ඔබ හිතන විදිය අනුව වීම තමයි එකට හේතුව.

ඔයාගේ දරු පැටවුන්ට ඔයා හොඳ අම්ම කෙනෙක්, සැමියාට විශ්වාසවන්ත බිරිඳක්, ඔයාගේ අම්මාට තාත්තාට ඔබ ආදරණිය දියණියක්. ඒ හැම කෙනෙක්ම ඔබව අගය කරනවා. ඔයාගේ හොඳම කියනවා. ඒ හැමෝම ඔයාට ආදරය කරනවා. එත් ඔයාට ඔයාගේ අගය නොතේරෙනවා නම් මේ අගය කිරීම් මොන තරම් ලැබුනත් වැඩක් නැහැ, හැම දේකටම වඩා තමන් ආත්මාභිමානයයි වැදගත්.

ගොඩක් කාන්තාවන් කරන වැරද්දක් තමයි තමාව අනෙක් පුද්ගලයන් සමඟ සංසන්දනය කරන එක. තමන් ළඟ නැති දේවල් ගැන හිතලා දුක් වෙනවා. ඊට පස්සේ තමාටම දොස් නගා ගන්නවා. එත් ඇත්තටම වෙන්න ඕන එක නෙවෙයි නේද? ඔබ තුළ තිබෙන නරක, දුර්වලතා, පරාජය වීම් ගැන හිතලා මනසින් කඩා වැටෙන එක නෙවෙයි විය යුත්තේ. ඒ දේවල් වලින් තව තවත් ශක්තිමත් වෙන එක. තමන්ගේ දුර්වලතා හඳුනා ගන්න එක.තමන් ගැන හොඳ විශ්වාසයක්, තමාගේ හැකියාවන් දක්ෂතාවයන්, ජයග්‍රහණයන් ගැන හිතලා නිහතමානි ආඩම්බරයක් ඇති කර ගන්න එකයි විය යුත්තේ.

අපි කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ. එත් ඉතින් "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත.." කියල කතාවකුත් තියෙනවා. ඒ නිසා තමන් ගැන විශ්වාසය තියාගෙන වැඩ කරන්න. ඔබ ඔබ ගැන ගෞරවයක් ඇති කර ගන්න. ඔබට ඔබ ගැනම පසු තැවීමක් තියෙනවා නම් එයින් මිදෙන්න හොඳම විසදුම තමයි ඔබ ඔබ ගැනම ආදරයක් ඇති කරගැනීම සහ ඔබට ගැන ගෞරවයක් ඇති කර ගැනීම. අනෙක් අයගේ හිතේ ඔබ ගන ආදරයක් ඇති කිරීමට පෙර ඔබ ඔබට ආදරය කල යුතුයි. ඔබට ඔබ ගැන අභිමානයක් තිබිය යුතුයි. විශේෂයෙන් ඔබ දිරිය කාන්තාවක් වීම ගැන ඔබට උදම් ඇනීමට හැකියාව තිබිය යුතුයි. අන්න එකටයි ආත්මාභිමානය කියන්නේ.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 661 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:17:58 PM
Script:/article/661/nothing-is-worth-if-you-dont-have-your-self-confidence.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:17:58 PM
Script:/article/661/nothing-is-worth-if-you-dont-have-your-self-confidence.html