මුරුංගා කොළවල රස දන්නව උනාට මේ ගුණ ගැන දැනන් හිටියද?

December 13, 2019
14,531
Did you about the qualities of drumstick leaves?
මුරුංගා කොළ කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ එහි සෞඛ්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් ප්‍රශංසාවට ලක් වූ ශාකයක්. ඖෂධ සෑදීම සඳහා ඒවායේ කොළ, පොතු, මල්, බීජ සහ මූල භාවිතයට ගන්නවා. මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩියි. ඒ වගේම ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාවද මුරුංගා කොළ වල පවතිනවා. අද හැඩකාරී අපි ඔයාට මුරුංගා කොළ මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා. 

ඉතා පෝෂ්‍යදායී

මුරුංගා ගස උතුරු ඉන්දියාව නිජබිම කරගත් තරමක් විශාලව හැදෙන ගසක්. මුරුංග‍ා එළවළුවක් ලෙසත් නම් කරනවා. මුරුංගා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමක් ගෙන දෙන ශාකයක්. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් පෝෂණ ගුණ නොඅඩුව ලබාගත හැකියි. 

   මුරුංගා පත්‍ර වල අඩංගු පෝෂණ ප්‍රමාණය                          දිනකට නිර්දේශිත මාත්‍රාව 
                    ප්‍රෝටීන්                                                                                  2g 
                    විටමින් බී 6                                                                          19%
                    විටමින් සී                                                                             12%
                    යකඩ                                                                                    11%
                    විටමින් A                                                                                9%
                    මැග්නීසියම්                                                                           8%

බටහිර රටවල මුරුංගා කොළ වියළා කුඩු කර හෝ කැප්සියුල ආකාරයෙන් නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කරනවා.

ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්

මුරුංගා කොළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්. එහි අඩංගු බීටා කැරොටින්, විටමින් C හා විටමින් E ප්‍රධාන ප්‍රති ඔක්සිකාරක විටමින් ලෙස සැළකෙනවා. ප්‍රතිඔක්සිකාරක ස්වභාවිකව එළවළු හා පළතුරු වල බහුලව තිබෙනවා. මුරුංගා කොළ වල ප්‍රතිඔක්සිකාරක ශාක සංයෝග කිහිපයක් සොයාගෙන තිබෙනවා. මුරුංගා වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක නිසා රුධිර පීඩනය අඩු කිරීමට හැකි වන අතර ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම මධ්‍යස්ථ කිරීමට උපකාරී වෙනවා. මුරුංගා කොළ සාරය ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙසද භාවිතා කළ හැකියි. 

දැවිල්ල අඩු කරයි

දැවිල්ල කියන්නේ ආසාදන හෝ තුවාල වලට දක්වන ස්වාභාවික ප්‍රතිචාරයයි. දිගින් දිගටම පවත්නා දැවිල්ල, හෘද රෝග හා පිළිකා ඇතුළු බොහෝ නිදන්ගත රෝග සඳහා මුරුංගා විසඳුමක්.

කොලෙස්ටරෝල් අඩු කළ හැක 

මුරුංගා කොළ මගින් අධික කොලෙස්ටරෝල් නිසා ඇති වන හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා. බොහෝ ශාක ආහාර මගින් කොලෙස්ටරෝල් අඩු කළ හැකියි. උදාහරණයක් ලෙස හණ ඇට, ඕට්ස් සහ ආමන්ඩ් මේවාට ඇතුළත්. 

මුරුංගා කොළ ඇස් වලට නිරෝගී බව ගෙන දෙන අතර සමෙහි සහ අස්ථි වලට නිරෝගී බව මෙන්ම සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට ද දායක වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   71,015
   26

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,597
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,505
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,019
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed