මකුණන් කෑම නිසා ඇතිවන තුවාල වලට නොවරදින අත් බෙහෙත්

November 29, 2017
9,068
Cure solutions for bed bug bites
මකුණෝ කරදරේ කියන්නේ බෝ වුණොත් ලේසියෙන් වඳ කරන්න බැරි කරදරකාර සත්තු විශේෂයක්නේ. මකුණන්ගේ ගැහැණු සතුන් වරකට සිය ගණනක් බිත්තර දානවා. ඒ වගේම මකුණන් වැඩි පුරාම ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී කාලයේදී. මේ විදියට ඇති වන මකුණු කරදරේ ලේසියෙන් අඩු කරන්න නම් බැහැ . අත්දැකීම් තියෙන අය ඒ ගැන දන්නවා ඇති.

මකුණන් කෑම නිසා ඇති වන වේදනාව, කුඩා බිබිලි, සුළු තුවාල, ආසාත්මිකතා, ඇතිවන ඉදිමීම වැනි තත්ත්වයන්ට නිවසේදී කල හැකි පොඩි පොඩි ප්‍රතිකාර කිහිපයක් තමයි මේ. මොන ප්‍රතිකාර කලත් මුලින්ම කරන්න ඕන මකුණන් කෑම නිසා ආසාදනයට ලක් වුණු ප්‍රදේශ සබන් දා හොඳින් සෝදා හරින එක. ඒ මඟින් කැසීම අඩු කිරීමට සහ සමේ ආසාදන ඇති වීම වළක්වා ගන්න පුළුවන්.

මකුණන් කාම නිසා ඇති වන ඉහත තත්ත්වයන්ට කරන හොඳම ස්වාභාවික පිළියම් කිහිපයක් තමයි මේ.

1. අයිස්

අයිස් කැටයක් පිරිසිදු රෙදි කැබැල්ලක ඔතා මකුණන් කෑම නිසා ඇති වුනු ඉදිමුම සහ ගැටිති විනාඩි 10ක් පමණ හොඳින් තවන්න. ඒ මඟින් ඉදිමුම අඩු කර ගන්න වගේම වේදනාවත් අඩු අර ගන්න පුළුවන්. වේදනාව, කැසීම සහ රතු පැහැ බිබිලි සුව වන තෙක් දිනකට දෙතුන් වතාවක් මෙසේ කරන්න.

2. බේකින් සෝඩා

බේකින් සෝඩා තේ හැඳි 1කට වතුර තේ හැඳි 3ක් එකතු කරලා අසාදනයට ලක් වුනු ප්‍රදේශ වල ආලේප කරන්න. විනාඩි 10-15ත් අතර කාලයක් තියෙනට හැර සෝදා හරින්න. සහනයක් ලබා ගන්නා තුරු දිනපතා 2 - 4 වරක් මෙය ආලේප කරන්න.

3. ලෙමන් යුෂ

ලෙමන් යුෂ මඟින් විෂබීජ විනාශ කරන නිසා මේ මඟින් වන හානිය අවම කර ගන්න පුළුවන්. ඒ වගේම වේදනාවත් අඩු වෙනවා. ලෙමන් යුෂ ස්වල්පයක් අසාදනයට ලක් වුනු ප්‍රදේශ වල අලේප කරන්න. විනාඩි 15කි පමණ සෝදා ඉවත් කරන්න. කුඩා රතු පැහැති බිබිලි ඉක්මනින් වියළීමට එය හොඳ ප්‍රතිකාරයක්.

4. කෝමාරිකා

කෝමාරිකා කියන්නේ සම මත ඇති වන බොහෝ ආසාදන හා ගැටළු වලට සාර්ථක ලෙස ප්‍රතිකාර කරන වටිනා ඖෂධයක්නේ. මකුණන් කෑම නිසා ඇති වන වේදනාව ක්ෂණිකව අඩු කරන්නත්, කැසීම, දැවිල්ල අඩු කරන්නත් කෝමාරිකා උදවු වෙනවා. කෝමාරිකා මදය සූරා අදාළ ප්‍රදේශ වල ආලේප කරන්න. විනාඩි කිහිපයකින් සෝදා ඉවත් කරන්න. දිනකට දෙතුන් වරක් දින කිහිපයක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

5. පිපිඤ්ඤා

පිපිඤ්ඤා වලිනුත් සමේ ගැටළු වලට සාර්ථක පිළිතුරු ලබා දෙනවා. පිපිඤ්ඤා පෙති හෝ යුෂ ආලේප කිරීම මඟින් මකුණන් නිසා ඇති වන කැසීම සහ ඉදිමීම් වලට සහනයක් ලබා දෙනවා. පිපිඤ්ඤා යුෂ ආලේප කර විනාඩි 20 ත් 30 ත් අතර කාලයක් ආසාදිත ප්‍රදේශ වල තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න.

6. ටී බෑග්

පාවිච්චි කරන ලද ටී බෑග් ආසාදනයට ලක් වුනු ප්‍රදේශ වල විනාඩි 15ක් පමණ වේලා තියෙන්නට හැර ඉවත් කරන්න. දිනකට දෙවරක් කිරීමෙන් අපහසුතාවයෙන් ඉක්මනින් මිදෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 547 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:10 PM
Script:/article/547/cure-solutions-for-bed-bug-bites.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:11 PM
Script:/article/547/cure-solutions-for-bed-bug-bites.html