Sanitizer වාහනේ තියලා යද්දී බලාගෙනයි

July 28, 2020
5,728
Be aware when you leave sanitiser in the vehicle
කොවිඩ්-19 වසංගත තත්වයෙන් ඔබ වගේම පවුලේ උදවියත් ආරක්ෂා වීමට අනුමතව තිබෙන්නේ බොහොම සරල පුරුදු කීපයක්. ඒ අතරින් එක් මාර්ගෝපදේශකයක් ලෙසින් විනාඩි 20 කට වරක් අත් සේදීම ගැන උපදෙස් ලබා දෙනවා. මේ අත් සේදීමත් තත්පර විස්සක කාලයක්, සබන් හෝ මද්‍යසාර අඩංගු සනීපාරක්ෂක දියරයක් යොදා ගෙන සිදු කිරීම අවශ්‍ය බැව් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් අනුදැන ඉදිරිපත් කරන උපදෙස් අතරට ඇතුලත්.

සබන් හෝ සේදුම් දියර නිතර සොයා ගැනීමට අපහසු නිසා දැන් බොහෝ දෙනා ඒ වෙනුවෙන් සනීපාරක්ෂක දියර (sanitizer) භාවිතා කරනවා. මේවා ඉක්මනින්ම වියලෙන නිසාත්, වැඩි ප්‍රතිශතයක් මද්‍යසාර අඩංගු නිසා වගේම තමන් සමග රැගෙන යෑමේ හැකියාව ඇති නිසා බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් යොමු වී තිබෙනවා. ඒ වගේම අපි සුපිරි වෙළඳසැලකට යන හැම අවස්ථාවකදීම එහි දොර ස්පර්ශ වෙනවා. ඒ වගේම අවශ්‍ය දේ මිළට ගැනීමට ට්‍රොලියක් භාවිතා කිරීමේදී එහි ප්ලාස්ටික් කොටස් ස්පර්ශ වෙනවා. මේවායේ කොවිඩ් 19 වෛරසය දින තුනක් පමණ ජීවත් වෙන බව දැන් සඳහන් කරනවා. තඹ පෘෂ්ටයක් මතදී වෛරසය පැය දෙක තුනකින් විනාශ වෙන නිසා ඉදිරියේදී මෙම ස්පර්ශ වෙන ස්ථාන තඹ යොදා සකස් කිරීමට යෝජනා වී තිබේ. ඒ වගේම දැනට මෙම ස්ථානවල තඹ ආලේප කිරීම අනාගතයේදී සිදු වේවි. ඒ නිසා සුපිරි වෙළඳසැලකින් විතරක් නොවෙයි, කුමන හෝ ආයතනයක දොරටුවේ විශේෂයෙන් සුදු යකඩ කොටස ඕනෑම වෛරසයකට ජීවත්වීමට ඉතාම හොඳ පරිසරයක්. මේ නිසා තමන්ගේ වාහනයේ වුනත් දොරටුව ගැන සැක බිය තිබෙන නිසා වාහනයට ඇතුලු වුනාම සෞඛ්‍යාරක්ෂක දියරයක් භාවිතා කරනවා.

පුරුද්ද නම් හොඳයි..

මේ පුරුද්ද ඉතාම හොඳයි. පසුගිය දිනක විස්කොන්ස්හි වාහන අංඟනයක නවතා තිබූ වාහනයක් ඇතුලත සනීපාරක්ෂක දියර ඇසුරුමක් පුපුරා ගියා. බියක් ඇති කර ගන්න එපා. අපි දකින පුංචි ඇසුරුමක් නොවෙයි. මෙය සනීපාරක්ෂක දියර විශාල පරිමාවක් අඩංගු ඇසුරුමක්. ඒ වුනත් ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්ස්හි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සනීපාරක්ෂක දියර සෘජු හිරු එළියට නිරාවරනය වීම නිසා මේ අන්දමින් පිපිරීමේ සම්භාව්‍යතාවයක් ඇති බවයි. මෙහි අන්තර්ගත මද්‍යසාර නිසා මෙම අවදානම ඇති වෙන බැව් ඔවුන් පෙන්වා දෙනවා. ඒ නිසා වාහනය නවතා යන විට සෘජු ලෙසින් හිරු එළිය නොලැබෙන අන්දමට සනීපාරක්ෂක දියර බෝතලය තබා යන ලෙස ඔවුන් උපදෙස් දෙනවා. එහෙම නැත්නම් තමන්ගේ අතේ හෝ පසුම්බියේ ගෙන යා හැකි ඇසුරුමක් පාවිච්චිය වඩාත් යෝග්‍ය බැව් සඳහන් කරනවා.

දැන් ඉතින් දෙවතාවක් හිතන්න එපා. වාහනයෙන් පිටතට එද්දී එක්කෝ මේ ඇසුරුම සෙවන සහිතව තබන්න... නැත්නම් ඔබ සමග රැගෙන යන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-01 00:00:00' and A.id <> 1733 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 7:16:22 PM
Script:/article/1733/be-aware-when-you-leave-sanitiser-in-the-vehicle.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 7:16:23 PM
Script:/article/1733/be-aware-when-you-leave-sanitiser-in-the-vehicle.html