පවුලේ සතුට වර්ධනය කරව​න මේ ලක්ෂණ ඔයාගේ පවුල තු​ළත් තියෙනවද බලන්න

April 9, 2020
4,887
See if you have these qualities in your family
පවුලක වටිනාකම දැනෙන්න බිරිඳ සහ සැමි​යා තුළ එකිනෙකා ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනා. ඕනෑම පවුලක අඩුපාඩු කම් තිබෙනවා. ඉතින් ඒ අඩුපාඩුකම් ආදරයෙන් පහදා දී, වැරදි හදා ගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීම බිරි​ඳකගේ වගකීමයි. අද හැඩකාරී අපි ඔයාට යහපත්, සතුටුදාය​ක පවුල් ජීවිතයක් සමග ජීවිතය ජය ගන්න මේ ලිපියෙන් කියලා දෙනවා.

පවුලේ හැමෝම එකට එකතු වෙලා කෑම කන්න

පවුලේ හැමෝම එකට එකතු වෙලා ආහාර වේලක් සඳහා වාඩි වෙන්න. ගෙදර පිළියෙල කරන ලද ආහාර වේලක් ගැනීම මගින් දරුවන් පවා සෞඛ්‍ය සම්පන්න දේවල් අනුභව කිරීමට පෙළඹෙනවා. සාමාන්‍යයෙන් දිනපතා ඔයාගේ පවුලේ අය එකට හි​ඳ ආහාර බෙදා නොගන්නේ නම් සතියකට ආහාර වේල් දෙකක් එලෙසින් ගැනීම​ට ඉලක්ක කිරීමෙන් මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න. පවුලේ එකිනෙකා සමග අදහස් හුවමාරු කරගනිමින් සම්බන්ධතා දියුණු කරගන්න මෙය උදවුවක් වේවි.

අනෙකාගේ නිදහසටද ගරු කරන්න

පවුලක් ලෙස එකට හි​ඳ දේවල් කිරීම වටිනවා වගේම, පවුලක් තුලදි තනිවම කාලය ගත කිරීමට​ද අවශ්‍ය වෙන අවස්ථාද තියෙනවා. නිහ​ඬව තනිව කල්පනා කිරී​මෙන් මිනිසෙකුට ගැටළු විසඳීමට සහ තවත් බොහෝ දේ කරන්න​ට හැකියි. එවන් අවස්ථාවක ඒ පුද්ගලයාට ඒ නිදහස ලබා දීම කළ යුත්තක්. ශක්තිමත් සම්බන්ධතා ඇති පවුල් එකිනෙකාට තනිවම කාලය ගත කරන අවස්ථා වලදී ගරු කිරීමේ සහ නිදහස ලබා දීමේ පුරුද්දක් ඇති කර ගන්නවා.

හැමෝගෙම උදව් අරන් උයන්න

එකට එකතු වී නිවසේදී ආහාර පිසීම සෞඛ්‍ය සම්පන්න පවුලකට ප්‍රයෝජනවත් වෙනවා. ගෙදර හැදූ ආහාර සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න වෙනවා පමණක් නොව, එකට ආහාර පිසින විට පවුලේ සාමාජිකයන්ට එකට කාලය ගත කිරීමට හා සුන්දර මතකයන් ඇති කරගන්නට කටයුතු සලසනවා. මුළුතැන්ගෙය බොහෝ විට නිවසක කේන්ද්‍රස්ථානය වන නිසා එය එකට එක්වීමට හොඳ ස්ථානයක්. එපමණක් නොවෙයි, දරුවන්ට පවා ආහාර පිසීමට ඉගෙන ගන්න මේ නිසා පුළුවන් වෙනවා.

සවන් දීමට ඉගෙන ගන්න

දෙමව්පියන් තම දරුවන් සමඟ කතා කිරීම අමුත්තක් නොමෙයි. පවුලක ශක්තිය වැඩි වෙන්න එක ගුණාංගයක් තමයි එකිනෙකාට ඇහුම්කන් දීම කියන්නේ. සවන් දීම නරක පුරුද්දක් නෙමෙයි, ජීවිතයට හො​ඳ පුරුදු එකතු කර ගන්න. ඒවගේම පවුලේ අනිත් අයට ගරු කරන්නද පුරුද්දක් ලෙස තියා ගන්න. එමගින් පවුලේ සාමාජිකයන් එකිනෙකා ගැන වැඩි අවබෝධයක් ඇති වෙනවා සේම වඩාත් සමීප වෙනවා. 

පවුලක් ලෙස එක් වී ප්‍රවෘත්ති නරඹන්න. මෙම කරුණ නම් තරුණ දරුවන් අකමැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් එය කරන්න උත්සාහ ගන්​න.  

විවෘත හා අවංක වන්න

ඔ​බගේ සහකරු සමඟ විවෘතව හා අවංකව කටයුතු කිරීමෙන් ධනාත්මක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට පුළුවන්. පවුලක සෑම සාමාජිකයෙකු සමඟම අවංක වීම ඉතා වැදගත්. ඔ​බේ සහකරු සහ දරුවන් සමඟ විවෘතව හා අවංකව කටයුතු කිරීම පුරුද්දක් කර ගන්න. නිරෝගී පවුලක පදනම්වලින් එකක් තමයි විශ්වාසය කියන්නේ. විශ්වාසය දිනා ගත හැක්කේ අවංකව හා විවෘතව සිටියොත් පමණි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1544 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:04:00 PM
Script:/article/1544/see-if-you-have-these-qualities-in-your-family.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:04:00 PM
Script:/article/1544/see-if-you-have-these-qualities-in-your-family.html