සාර්ථක විවාහ ජීවිතයකට අත්‍යාවශ්‍යම සාධකය කුමක්ද?

January 2, 2020
4,771
What is the most important fact for a successful marriage?
ඔයාගේ සහකරු මත යැපීම හෝ විශ්වාසය තැබීමට වඩා එකිනෙකා ගැන මනා අවබෝධයකින් යුක්ත වීම ඔයාගේ විවාහය දිගු කලක් පැවතීමට හේතු වේ. සම්බන්ධතාවයක අන්තර් රඳා පැවැත්ම යනු එකිනෙකා මත යැපීම නොව, අනෙකා සමඟ කැමැත්තෙන්ම සමතුලිතව ජීවත් වීමයි. ශක්තිමත් සහ විශ්වාසයකින් යුක්ත හැඟීම් පිළිබඳ අන්තර් සබඳතාවයකින් සාර්ථක විවාහයකට පිය නගන්න. අද හැඩකාරී අපි ඔයාට සාර්ථක විවාහයකට අන්තර් සබඳතාවය අත්‍යවශ්‍යද යන්න මේ ලිපියෙන් කියලා දෙනවා.

අන්තර් සබඳතාවය….

විවාහය යනු තවත් කෙනෙකු සමඟ ජීවිතය බෙදාගන්නා ඉතා සුන්දර කාලයකි. ඔයා සිතන පතන විදිහට ගැලපෙන සැමියෙකු සොයා ගැනීම එතරම්ම පහසු නැහැ. ඊට හේතුව මනුෂ්‍යයන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් සේම හැම මනුෂ්‍යයෙක් තුළම අඩුපාඩු අඩු වැඩි වශයෙන් තිබෙනවා. දෙදෙනා අතර විශ්වාසය, ඉවසීම, තේරුම් ගැනීම, ලිංගිකත්වය හා මුදල් යන කරුණු මත විවාහයක් ගොඩ නැගුණත් සාර්ථක විවාහ ජීවිතයකට අන්තර් සබඳතාවය අත්‍යාවශ්‍යම සාධකයක් වෙනවා.

අන්තර් රඳා පැවැත්ම ඔයාගේ ජීවිතයට එතරම් වැදගත් නම් වර්ධනය කර නොගන්නේ ඇයි? 

ඒකට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සමාජයෙන් යැපීමට ඔයාට සැමවිටම උගන්වා තිබීමයි. මෙම යැපීම නොගැළපෙන විට, ඔයා වෙන්වීමට සහ ස්වාධීන වීමට උත්සහ දරනවා. මේ ක්‍රියාවලියෙන් මිදිලා ඔයාට ස්ථිර සම්බන්ධතාවයක් අවශ්‍ය නම් සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තමයි මේ.

විශ්වාසය  
විවාහය වැනි සමීප සම්බන්ධතාවයකදී විශ්වාසය ගොඩනඟා ගැනීම සහ ඔබ දෙදෙනාම එකිනෙකා තුළ තමන්ගේ ඇති දුර්වලකම් පිළිබඳව විවෘත වීමට ආරක්ෂිත අවකාශයක් ඇති බවට සහතික කර ගැනීම වැදගත්ය. එවන් විවෘතභාවයකින් බෙදාහදාගන්නා අතීත දුර්වලතා අනාගතයේ රණ්ඩු වලට ඈඳා නොගෙන ඉන්නට තරම් විශ්වාසයක් සහ අවකාශයක් ඇති කරගන්න ඕන. 

සන්නිවේදනය 
සන්නිවේදනය මඟින් ඔයාට සහ ඔයාගේ සහකරුට බොහෝ දුරක් යා හැකි අතර එය අන්තර් රඳා පැවැත්මේ සමතුලිතතාවය ළඟා කර ගැනීමේ ප්‍රධාන ලක්ෂණයකි. එකිනෙකාට ඇහුම්කන්දී කතා කිරීමට ඉඩ ලබා දෙන්න. ඕනෑම ප්‍රශ්නයක් හිතේ තබා ගන්නේ නැතිව, ගෞරවනීය හා සන්සුන් ලෙස කතා බහ කර විසඳා ගන්න.

යහපත් සීමා මායිම්
කිසිම සීමාවක් මායිමක් නැතුව ඉබාගාතේ සම්බන්ධයක් පවත්වාගන්නවාට වඩා යම් යම් යහපත් සීමාවන් අවබෝධයෙන් සහ පරිණතභාවයෙන් පවත්වා ගැනීම ශක්තිමත් සබඳතාවයකට හොඳ අඩිතාලමක්. 

වගකීම් භාර ගැනීම
ඔයාගේ වචන සහ ක්‍රියාවන් ගැන සුපරීක්ෂාකාරී වන්න. ඔබ කරන දේ සඳහා වගකීම භාර ගැනීම සහ අවශ්‍ය විට සමාව ඉල්ලීම වැදගත්ය.

ඔයාගේ සම්බන්ධතාවයට අන්තර් රඳා පැවැත්ම හඳුන්වා දිය හැකි තවත් බොහෝ ක්‍රම තිබේ, නමුත් මෙම සංකල්පයේ පදනම වන්නේ එකිනෙකාගේ තෘප්තිය සහ පහසුව පිළිබඳ දෙදෙනා හැඟීම් බෙදා ගැනීමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1502 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:00:53 PM
Script:/article/1502/what-is-the-most-important-fact-for-a-successful-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:00:54 PM
Script:/article/1502/what-is-the-most-important-fact-for-a-successful-marriage.html