උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

March 14, 2017
55,063
Birthmark Meanings
අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා. ඉතිං මේ උපන් ලපවලින් හෙලිවන ජීවන තොරතුරු බලලා ඔබටත් පුලුවන්, ඔබ ගැන දැනගන්න.

වම් කම්මුල : අවංක අදහස් දරණ, කරුණාවන්ත, අන් අය වසග කරගත හැකි, විනොදකාමි, ක්‍රියාශිලි අයෙකි. හොද මග ගියොත් සම්මානයෙන් පිදුම් ලබයි. නොමග ගියොත් අපකීර්තියට ලක්වේ.

වම් කම්මුලේ උපන් ලප දෙක තුනක් ඇත්නම් : ඉගෙනීමට දක්ෂ, ශාස්ත්‍රීය කටයුතුවලට ලැදි, ධන සම්පත්වලට හිමිකම් කියන අයෙකි.

ඇහි බැමේ : රාගධිකයි. බොහෝ සබදතා ඇතිකර ගනී.

නාසයටත් මුඛයටත් අතර උපන් ලප : සමජයේ සැලකිලි ලබන ප්‍රසිද්ධ අයෙකු වේ.

නලල මත උපන් ලප : ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව වැඩ කරන, කිසිම කරුණකදි පසුබට නොවන අයෙකි.

නිකටේ උපන් ලප : රාගධිකයි.

ගෙලේහි උපන් ලප : නිතර සිත් වෙදනාවන්ගෙන් පීඩා විඳී.

පපුවේ උපන් ලප : අසුබ පල ගෙනදේ, ජීවිතය දුකින් ගෙවා දමයි.

ශරීරය පුරා උපන් ලප : නිතරම රෝග වලින් පෙලේ. දුක් කරදර නිමක් නැත.

ගෙලෙහි ලප තුනක් පිහිටීම : ජනප්‍රිය අයෙකු වේ. ධන සම්පත් ලබයි.

කන්වල උපන් ලප : උගත්කමින් ප්‍රයෝජන ලබයි. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරයි.

නාසයේ උපන් ලප : කපටිකමෙන් ජීවත් වෙයි. අන් අයට රිදවා තමන්ගේ කාර්යය කරගනි.

දිවේ උපන් ලප : බොරු කියමින් සුරතල් වන්නට වෙර දරයි. වංචනිකය. ජීවිතේ අවුල් කර ගනී.

නලල මැද උපන් ලප : වාසනාවන්ත, දරුවන්ට ආදරේ කරන හොද පවුල් ජීවිතයක් ගතකරන අයෙකි.

දකුණු අතේ උපන් ලප : හොර සිත් ඇති, ප්‍රවේශම් විය යුතු අයෙකි.

අත්වල උපන් ලප : අත්වල හා අල්ලේ උපන් ලප පිහිටීම අපකීර්තියට ලක්වීමේ ලක්ෂණයකි.

උඩු තොල් වල උපන් ලප : කාන්තාවන් නම් නරක දේ සදහා පෙලඹේ. පිරිමි අයෙකු නම් නොකල වැරදි වලටත් වන්දි ගෙවීමට සිදුවේ. බොහෝ විට මෙවන් අය සමාජයේ ජනප්‍රිය අයයි.

පාදයේ උපන් ලප : ගුණමකු, කුහක පුද්ගලයින්ය. අන් අයට ද්වේෂ කරයි.

ඉකිලියේ උපන් ලප : වාසනාවන්තය. දුදරුවන්ට මෙන්ම සැමියාට, බිරිදට ආදරය කරයි.

යටි තොලෙහි උපන් ලප : අධික රාග ආශාවන්ට ලක් වෙයි.

පෙකනිය හා ඒ අවට : වාසනාවන්තය. ආහාර පානයෙන් අඩු නැති වාසනාවන්ත දිවියක් ගෙවයි.

ඉල පෙදෙසෙහි උපන් ලප : ජනප්‍රිය අයකු වේ.

පියයුරෙහි උපන් ලප : පති භක්තිය ඇති වාසනාවන්ත කෙනෙකි.

සටහන - සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 124 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:50:26 AM
Script:/article/124/birthmark-meanings.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:50:27 AM
Script:/article/124/birthmark-meanings.html