දේහ ලක්ෂණ විද්‍යාව අනුව කාන්තා ගෙලෙහි ලක්ෂණ

September 21, 2017
12,083
What do the characteristics say about women by their neck
දික් වූ ගෙලක් පිහිටි කාන්තාවන් ඉතාමත් උපායශීලී ලෙස කටයුතු කරන, තීක්ෂණ බුද්ධියකින් යුතු අයයි. ඇධික ලෙස අනුරාගී සිතුවිලි වලින් යුක්තයි. ඒ වගේම පුරුෂයන් වසඟයට ගෙන තම සිතැඟි පරිදි විවිධ කටයුතු වල යොදවන්නීය. දැඩි ආත්මාර්ථකාමී ගති ලක්ෂණ වලින් හෙබියි. ජීවිතයේ සැප සම්පත් කෙරෙහි දැඩි ලෙස ඇළුම් කරන මොවුන් බලය ලබා ගැනීමේ චේතනාවෙන් යුක්තයි. මෙවැනි කාන්තාවන් මහා අනතුරු වලට පවා මුහුණපාන අතර සමාජයේ මහත් ව්‍යසනයන් කරවීමට සමත් වෙයි.

කෙටි වූ ගෙලක් සහිත ස්ත්‍රීන් බෙහෙවින්ම සටකපට වූ ස්ත්‍රී මායම් සහිත වන්නීය. දරුඵල අඩුය. කේලම් සහ පරුෂ වචන කියයි. දැඩි සේ ආත්මාර්ථකාමී වේ. කපටිකමින් අන්‍යයන්ගේ සැප සම්පත්, වස්තුව ලබා ගනී. වංචා සහගත චේතනාවලින් යුක්තයි.

මනාව නොවැඩුණා වූ, නහර ඉලිප්පී ගියා වූ ගෙලක් සහිත කාන්තාව නපුරු හදවතකින් යුක්තවූ ස්ත්‍රීයන් වේ. ආගම ධර්මය කෙරෙහි කිසිදු බැඳීමක් නොමැති, සිය යුතුකම් වගකීම් පිලිබඳ සැලකිල්ලක් නොදක්වන ඇය තමන්ගේ අයිතිවාසිකම්, වරප්‍රසාද වෙනුවෙන් නිබඳවම සටන් කිරීමට පෙළඹෙන්නීය.

යම් කාන්තාවකට වක්‍ර භාවයෙන් යුතු ගෙලක් පිහිටන්නේ නම් ඇය බොහෝ වෙහෙස මහන්සි වී අන්‍යයන් වෙනුවෙන් කටයුතු කරයි. එහෙත් ප්‍රශංසා නොලබයි. ජීවිතය ගොඩනගා ගැනීමට දැඩි සේ දුක් විඳියි. ස්වාමියාගෙන් පවා හොඳක් නොඅසයි. මෙවැනි කාන්තාවන් බොහෝ විට දැඩි මානසික පීඩනයකින් යුතුව ජීවිතය ගත කරන්නියන් වෙයි.

ගෙල දෙපස කලු පැහැ වූයේ නම් එවැනි කාන්තාවන් බොහෝ විට පුරසාරම් දොඩන්නියන් වේ. තමන්ට ඇති පමණට වඩා වැඩියෙන් අන්‍යයන්ට පෙන්වමින් කටයුතු කිරීමට මොවුහූ දැඩි කමැත්තක් දක්වයි. ධනය යම් පමණින් හිමි වීමේ භාග්‍යය ඇත. රෝගාබාධ වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩියි.

ගෙල වටා රත් පැහැ වූයේ නම් එවැනි කාන්තාවන් රාජ මහේෂිකාවන් පරිද්දෙන් සැප සම්පත් විඳින්නියන් වෙයි. වාසනාවන්ත ස්වාමි පුරුෂයන්ද දූ දරුවන්ද ලැබීමේ භාග්‍යය ඇත. ගෙදර දොර කටයුතු මනා ලෙස ඉටු කරයි. ඒත් මෙවැනි කාන්තාවන් මුළු සමාජයට හොඳ වූවත් ස්වාමියා හට එතරම් හොඳක් පෙන්වන්නේ නෑ.

මසින් පිරී ගිය ගෙලක් සහිත වූ කාන්තාව බොහෝ සැප සම්පත් උරුම කොට ගන්නීය. ඉතා මෘදු වදනින්ද, දයාවෙන්ද, කරුණාවෙන්ද අන්‍යයන්ට සලකයි. පවුලේ වැඩ කටයුතු මෙන්ම තමන් විසින් නෑ හිත මිතුරන්ට ඉටු විය යුතු සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරයි. සමාජයෙන් ගෞරවයද, නිවසින් දයාවද උරුමකොට ගන්නීය.

පැතලි ආකාරයේ ගෙලක් පිහිටි කාන්තාව බොහෝ විට කල් ගත වී විවාහයට පත් වන්නීය. නැතහොත් විවාහ නොවන්නීය. විවාහ වුවද ඉතා කෙටි කලකින් කනවැන්දුම් තත්වයට පත් වීමටද ඉඩ කඩ ඇත්තේය. ජීවිතය පිලිබඳ පුළුල් අවබෝධයක් ඇය සතුව පවතියි. අන්‍යයන්ට උදවු පදවු කිරීමට වෙහෙස වන්නීය.

ගෙලෙහි හරහට රේඛාවක් සහිත වූයේ නම් ඒ කාන්තාව බෙහෙවින් වාසනාවන්ත කාන්තාවක් වයි. යස ඉසුරින්ද, ධනයෙන්ද, බලයෙන්ද සපිරි පුරුෂයින් විවාහ වන්නීය. ඉතා කෙටි කලකින් ඉතා දියුණු තත්වයකට පත් වන්නීය. මෙවැනි කාන්තාවන් සමාජයේ බොහෝ ඉහල තනතුරු වල වැජඹෙති. පරිපාලනයේ දක්ෂතා දක්වයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 425 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:46:24 AM
Script:/article/425/what-do-the-characteristics-say-about-women-by-their-neck.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:46:25 AM
Script:/article/425/what-do-the-characteristics-say-about-women-by-their-neck.html