දේහ ලක්ෂණ විද්‍යව අනුව කාන්තාවන්ගේ නාසයෙන් කියැවෙන ලක්ෂණ

September 26, 2017
3,353
What do the characteristics of nose say about women
කාන්තාවන් නිතරම කැමතියි ලස්සනට ඉන්න. උත්පත්ති පිහිටීම අනුව කාන්තාවන්ගේ රූපය විවිධාකාර වේ.

සිහින් උල් වූ නාසයක් සහිත වූ කාන්තාව බොහෝ ශිල්ප ශාස්ත්‍ර වල නිපුණතා දක්වන්නියන් වෙයි. ඒ වගේම තීක්ෂණ ඥාණයක් සහිත මනා කලා කෞශල්‍යයක් ඇය සතුව පිහිටා තිබේ. එහෙත් ආත්මාර්ථකාමී චේතනාවලින් යුක්ත වේ. අන්‍යයන්ට උදව් පදව් කිරීම අඩුයි. කාගේ සිත රිදුනත් කියන්න තියෙන දේ කියයි. කරන දේ කියයි. බොහෝ විට කරුණාවක් නොදක්වයි. මුදල් ලොකු කොට තකයි. උපක්‍රමශීලීයි. එනමුත් සමාජයෙන් ගෞරවය වගේම ජනප්‍රිය භාවය ලබයි.

කෙටි සිදුරු සහිත මනාව පිහිටි නාසය පිහිටි කාන්තාව බෙහෙවින් බුද්ධිමත් වේ. තීක්ෂණ ලෙස සිතයි. යුක්තිගරුකයි. කරුණාවන්ත වෙයි. දුර දිග සිතා නිවැරදි තීරණ ගනී. ඉසුරුමත් ජීවිතයකට හිමිකම් කියයි. තම ස්වාමියාගේ ආදරය නොමදව ලබයි.

යම් කාන්තාවකට මොලොක් වූ නාසයක් පිහිටියේ නම් ඇය බෙහෙවින් පරෝපකාරයේ යෙදෙන්නියන් වේයි. පොදු සේවා කටයුතු වලට සම්බන්ධ වන්නීය. තමන්ගෙන් යමක් සමාජයට දායාද කිරීමට උත්සුක වන්නීය. අන්‍යයන් වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කරන ඇය කිසිවිටෙක ලාබ බලාපොරොත්තු නොවේ. ඒ වගේම චාම් ජීවිතයකට උරුමකරුම කම් කියයි.

යම් කාන්තාවකට සිහින් සිදුරු සහිත දික් වූ නාසයක් පිහිටියේ නම් ඇය පිරිස් පාලනයට දක්ෂ වන්නීය. තීක්ෂණ බුද්ධියක්ද, උපායශීලී ඥාණයක්ද අය සතුව පිහියි.

යම් කාන්තාවකට පැතලි නාසයක් පිහිටියේ නම් ඇය සටකපට මායම් අගතැන්පත් වන්නීය. ඉතා දක්ෂ අන්දමින් අන්‍යයන් පොලඹවා ගනිමින් තමන්ගේ දියුණුවට කටයුතු සලසා ගන්නීය. දැඩි ආත්මාර්ථකාමී ගති ගුණ සහිතයි.

නාසය සිහින්ව, දිගුව අග මනාව රවුම්ව මොටව ගියේ නම් එවන් කාන්තාව ආගම ධර්මයට ලැදි සියුම් ඥාණ ශක්තියක් ඇති ස්ත්‍රියක් වේ. බොහෝ විට අන්‍යයන්ගේ බසට අවනත නොවෙයි. ඉක්මන් කෝපයට පත් වෙයි. ඕනම කෙනෙක් වැරදි දෙයක් කලහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට මදක්වත් පසුබට නොවේ.

සිහින් වූ නාසය අගින් බිඳුණු ස්වඹ්හාවයක් තිබේ නම් ඇය සමාජෂීලී කාන්තවක් නොවේ. නිතර වාසයට කැමති වේ. අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට ලක් වේ. ජීවිතය පිලිබඳ කිසිවිටෙක තෘප්තිමත් නොවේ. දූ දරුවන්ට පණ මෙන් ආදරය කලද ඔවුන්ගෙන් පෙරලා ආදරය නොලබයි.

නාසය අග පැතිලිව ගලා ගිය ස්වභාවයක්තිබේ නම් හෝ නාසය තැලී ගිය ආකාරයකින් යුක්ත වේ නම් එම කාන්තාව නැණ නුවණින් අඩු වූ හැඟීම් වලට වහල් වූ කාන්තාවක් වේ. ජීවිතය පිලිබඳ පුළුල් බලාපොරොත්තු සහිත නොවේ. විවාහ වුවද එය සාර්ථක විවාහයක් නොවන්නටද පිලිවන.

සටහන
සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Like to have attractive hair?
   15,379
   538

ඔයත් කැමතිද ආකාර්ෂණීය කෙස්කළඹක හිමිකාරිණියක් වෙන්න

පංචකල්‍යාණය අතුරෙන් ඉතාමත් වැදගත් කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. ඉතිං ඔයාට ශක්තිමත්, දිගු වගේම සුන්දර කෙස්කලඹක් නෑ කියලා ඒ ගැන හිතමින් වද වුණු කාලේ දැන් ඉවරයි
Do you like to keep your clothes look new everyday?
   455
   374

ඔයාගේ ඇඳුම් හැමදාම අලුත් විදිහට තියා ගන්න කැමතිද?

අද හැඩකාරි ඔයාට ඇඳුම් අලුත් විදිහට හැමදාම  තියා ගන්නේ කොහොමද කියලා කියන්නයි යන්නේ
Chicken Mongolian Rice Recipe
   418
   342

චිකන් මොන්ගෝලියන් රයිස් - Recipe

ඔයාට ඔයාගේ ගෙදර ඉඳලාම වෙනස්ම ක්‍රමයට චිකන් මොන්ගෝලියන් රයිස් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා
Food that ruin our skin
   955
   258

සමේ ලස්සන විනාශ කරන අපි නොදැනුවත්කමින් ගන්නා ආහාර 12ක්

දිනෙන් දින වයසත් සමග අපේ සම වියපත් වීමකට ලක් වෙනවා. ඒත් ඔබ ගන්නා වැරදි ආහාර වලින් ඒ තත්වය වඩා නරක අතට හරවගන්න ගන්න එපා. සමේ පැහැපත් බව, තරුණ බව රැක ගන්න මේ ආහාර වලින් වලකින ලෙසයි පෝෂණවේදීන් පවසන්නේ
Sonam Kapoor Saree fashions that you also can try
   161
   130

ඔයාටත් ඇඳින්න පුලුවන් සෝනම් කපූර් සාරි විලාසිතා

අද හැඩකාරි අපි කතා කරන්න යන්නේ සෝනම් කපූර්ගේ සාරි විලාසිතා ටිකක් ගැන. මේ සුන්දර, වෙනස්, අලුත්ම විලාසිතා වලින් ඔයාටත් හැඩවෙන්න පුලුවන්

Latest Articles

Most Viwed