දේහ ලක්ෂණ විද්‍යාව තුලින් කාන්තාවන්ගේ ඇහි බැමි ගැන කියැවෙන ඇනාවැකි

October 22, 2017
7,378
What do the characteristics of eyebrows say about women
1. යම් කාන්තාවකගේ ඇහි බැමි තද කාල වර්ණයෙන් යුක්තව මෘදුව පිහිටියේ නම් ඇය නොඅඩුව සැප සම්පත් විඳින්නියක් වෙයි. අතිශයින්ම දක්ෂ වූ, ඤාණවන්ත ඇය කරුනාවත් දයාවත් උපතින්ම දායාද කොට ගත් තැනැත්තියක් වේ. ඉතා සාර්ථක විවාහ ජීවිතයකට උරුම කම් කියන ඇය මහා පෞරුෂයකින් හෙබි පුරුෂයෙකු සමඟ විවාහ වන්නීය. සැමියාගේද, දරුවන්ගේද ආදරය ලබන්නීය.

2. යම් කාන්තාවකගේ ඇහි බැමි සඟල එකට එක් වී රෝම පිහිටියේ නම් ඇය රාගාධික වේ. කෝපයෙන් යුතු වේ. කිසිවෙකුටත් ඇය කීකරු කිරීමට අපහසුය. හිතුවක්කාරයි. සැප සම්පත් හිමි වුනත් මෙවන් ස්ත්‍රීන් බොහෝ විට තම විවාහ ජීවිතය කඩාකප්පල් කර ගනී.

3. ක්‍රමානුකූල ලෙස ද අලංකාරවත් ලෙසද නොවැඩුණු රෝමයන් සහිත බැමි සඟලකින් යුතු කාන්තාව අදූරදර්ශී වූ, ඉක්මන් තීරණයනට එළඹෙන්නා වූ කාන්තාවක් වේ. ජීවිතය බොහෝ විට අවුල් කර ගනීම සිදු වෙයි. අන්‍යයන් සමඟ මෙවැනි කාන්තාවන්ට හොඳ හිත පවත්වා ගැනීම අසීරු වෙයි. යුග දිවියද සාර්ථක නොවේ. හැම දෙයක්ම අවුල් වේ. ස්වාමියාගේ සැකයට භාජනය වේ.

4. යම් කාන්තාවකගේ ඇහි බැමි දිගු රෝම සහිත වී නම් ඇය බොහෝ විට අලසය. දුක් මහන්සි වන අන්දමේ රැකියාවන්හි නිරත් වීමට සිදු වේ. විවාහය පමා වේ. ගිහි ගෙය ගිනිගෙයක් වීමට බොහෝ විට ඉඩ තිබේ.

5. යම් කාන්තාවක්ගේ ඇහි බැම වටකුරුව පිහිටියේ නම් සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට භාග්‍ය උදා වේ. අන් අයගෙන් කිසිදු උදව් උපකාරයක් නොලබන, තනිව කටයුතු කිරීමට ද, ජීවිතයේ ප්‍රෂ්ණ වලට මුහුණ දීමට ද සිදු වන චරිතයක් වේ. එහෙත් තනිව නැගී සිට ජීවිතය ගොඩ නගා ගන්නට ඇය සමත් වේ. යස ඉසුරින් පිරි ජීවිතයක් ගත කිරීමට ඇය වාසනාවන්තය.

6. යම් කාන්තාවකගේ ඇහි බැමි දෙක අතර විශාල පරතරයක් පවතින්නේ නම් ඇය ඉවසීමේ ගුණයෙන් යුතු කරුණාවන්ත කාන්තාවක් වෙයි. පොදු සේවාවන් වලදී ඇය බෙහෙවින් ඇප කැප වන්නීය. සමාජශීලී අදහස වලින් යුක්ත වේ. විවාහ ජීවිතය උසස් අන්දමින් පවත්වාගෙන යාමටද කීර්තිමත් ජීවිතයක් ගත කිරීමටද ඇයට භාග්‍ය උදා වේ.

සටහන
සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 463 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:15:56 AM
Script:/article/463/what-do-the-characteristics-of-eyebrows-say-about-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:15:57 AM
Script:/article/463/what-do-the-characteristics-of-eyebrows-say-about-women.html