මෙන්න විවාහයට සුදුසුම කාන්තාව

April 17, 2017
36,559
The 3 Best Women To Marry (According To The Zodiac Signs)
ගැහැනුන් තෙරුම් ගන්න හරිම අමාරු කොට්ටාසයක්ය. පිරිමි එහෙම නැතෙයි කියලනේ පිරිමි කියන්නේ. ගැහැණු අපිට ඒ කතාව බලපාන්නේ අනිත් පැත්තට. පිරිමින්ව තේරුම් ගන්න හරිම අමාරුයි කියලනේ අපේ අදහස. ඒ කොහොම වෙතත්, ජිවිතේ මේ නොතේරුම් කම්, නොලගැපිම් එක්ක අපි දෙවර්ගයාට එකට ජිවත් වෙන්න සිද්ද වෙනවා.

අපි විවාහ වෙන්න සහකරුවෙක්, සහකාරියක් තොරගනිද්දී වැඩිහිටියෝ ගොඩාක් සැලකිලිමත් වෙන දෙයක්නේ හඳහන්. දෙන්නගේ හඳහන් ගැලපෙන්නේ නැති නම්, වෙන මොනවා ගැලපුනත්, විවාහයට නුසුදුසුයි කියලනේ කියන්න.

හැබැයි මේ කතා පරණ තාලේ අයගේය. අපි නම් ඒ අදහස් බැහැර කරලා කියලයි ගොඩක් තරුණ පිරිස කියන්නේ. එහෙම වුනත් සමහරක් තරුණ තරුණියෝ තවමත්, ඒ ගැන සැලකිලිමත් වෙනවා.

ඉතින් විවාහයට සුදුසුම සහකාරිය තෝරාගන්න විදිහක් තමයි මේ. තෝරාගන්නේ උපන් ලග්නෙට අනුව. හැඩකාරි පිටුවේ පළවුනත්, මේක ගොඩාක් වැදගත් වෙන්නේ පිරිමි පක්ෂයට. විවාදයට විවෘත මාතෘකාවක් මේ. කසාද බඳින්න සුදුසුම මෙන්න මේ ලග්න වලින් ඉපදුනු අයලු. ලග්න රාශියේ ලග්න දොළහෙන් ලග්න 3ක් විතරයි විවාහට සුදුසුම කාන්තාවන්ට හිමි ලග්න විදිහට තේරිලා තියෙන්නේ.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් කාන්තාවෝ හරිම හැඟීම් බරයි. ඔවුන් තමන්ගේ සහකරුවාට ආදරය කරන්නෙත් ඉතාමත්ම හැඟීම් බරව. මුළු හිතින්ම. කිසිම දෙයක් ආපසු බලාපොරොත්තු වෙන්නේ නැතුව කොන්දේසි විරහිත ආදරයක් ලබන්න නම් ඔබ කටක ලග්න හිමිකාරියක් හොයා ගන්න. තමන්ගේ ආදරය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නත් මේ අය දෙපාරක් හිතන්නේ නෑ.

ඔබ තෝරාගෙන තියෙන්නේ කටක ලග්න හිමිකාරියක් නම්, බය නැතුව කසාදයකට යන්න. මොකද ඔබ අරගෙන තියෙන්නේ ජිවිතේ ගැන නිවැරදිම තීරණයක්. ඔබව සතුටින් තියන්න ඇය නොකරන දෙයක් නෑ. උවමනා එකටයි එපා එකටයි හැමදේටම හිත කලබල කරගන්න එක තමයි මේ අයගේ නරකට තියෙන ලක්ෂණය. හැබැයි, ඊට වඩා ගොඩාක් හොඳ ලක්ෂණ තියෙනවනේ.

කටක ලග්න හිමිකාරිනියෝ ගොඩාක් වෙලාවට හොඳ කෝකියෝ. ඉතින් කටට රහට කන්න පුළුවන් කම ලැබෙනවා. කොහොමත් ගෙදර පිලිවෙලට තියාගන්න හැම වෙලේම මහන්සි වෙන මේ අය දරුවෝ බලාගන්නත් හරිම දක්ෂයි. ජිවිතයේ පළමු තැන දෙන්නේ තමන්ගේ දරුවන්ටයි, ස්වාමිපුරුශයටයි. පිරිමි කසාදෙට හොයන්නේ හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් ගැහැණු කෙනෙක්නේ. කටක ලග්නයෙන් උපන් කාන්තාවක් තමයි එකට සුදුසුම. මේ අය තමන්ගේ සැමියාගෙන් අවංකකම සහ පිවිතුරු ආදරය හැම වෙලේම බලාපොරොත්තු වෙනවා.

අනිත් ලග්න දෙක මොකක්ද?

විවාහයට සුදුසුම කාන්තාව 02 (මේෂ ලගනයෙන් උපන් කාන්තාව)

විවාහයට සුදුසුම කාන්තාව 03 (සිංහ ලගනයෙන් උපන් කාන්තාව)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 217 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:49:49 AM
Script:/article/217/the-3-best-women-to-marry-according-to-the-zodiac-signs.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:49:49 AM
Script:/article/217/the-3-best-women-to-marry-according-to-the-zodiac-signs.html