කාන්තාවන් ගැන කතාකරද්දී, ඈත අතීතයේ කාව්‍යයන් වල පවා කාන්තාවන්ගේ මුහුණ සමාන කරලා තියෙන්නේ චන්ද්‍රයාටයි. චන්ද්‍රයා ලෝකයේ මවු වේ. ස්ථීරත්වයට සූර්යා මෙන්ම චංචලත්වයට චන්ද්‍රයා බලවත් වේ. සිතට අධිපතිකම දරන්නේද චන්ද්‍රයායි. ශරීරයේ තෙත ගතියට හෙවත් සෙමට අධිපති වේ.
විශේෂයෙන් චන්ද්‍රයා උච්ච වීම ස්ත්‍රී කෙන්දරයක ඇති උසස්ම ගුණයකි. ස්ත්‍රී පක්ෂයට චන්ද්‍රයාගේ මහ දශාව ලැබුණහම සිරුර දීප්තිමත්ව, රූප ස්වභාවය පවා වර්ධනය වේ. චන්ද්‍රයා උච්ච වු ගැහැණූ ඉක්මනට නාකි වන්නේ නැතැයි කියමනක් ගැමියන් අතර ප්‍රචලිතව ඇත්තේ ඒ නිසා විය හැකියි.
පුර චන්ද්‍රයා සියළු යහපත දෙන ශුභ ග්‍රහයෙක් වගේම අව චන්ද්‍රයා සියළු අයහපත දෙන අශුභයක් වේ. ඒ විතරක් නෙවෙයි චන්ද්‍රයාගේ චපල ගති නිර්මාණය වන බවත් ජෝතිෂයෙහි සඳහන් වේ. චන්ද්‍රයා උච්ච්ව (කටක රාශියේ චන්ද්‍රයා ස්වක්ශේත්‍රව සිටීම සහ වෘෂභ රාශියේ චන්ද්‍රයා උච්ච්ව සිටීම) බලවත්ව උපදින අය පෙර පින් තිබෙන අය වේ. ඔවුන් පිංවතුන් බැවින් වඩාත් නැඹුරු වන්නේ ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර ජීවිතයටයි. උච්චත්වයට පත් චන්ද්‍රයා මනුෂයෝ සුගතගාමි කරවීමට මහත් උත්සහයක් ගනී.
පලාපල කනනයෙදීත්, ආයුෂ ගණනය කිරීමෙදීත් චන්ද්‍රයාට හිමි වන්නේ ඉතා වැදගත් තැනකි.
ග්‍රහ ගෝචරයේදීත් පලාපල කතනයට චන්ද්‍රයා මුල් කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
සටහන : සමන්ති චතුරාණි