විවාහයට සුදුසුම කාන්තාව 03

May 1, 2017
26,279
The 3 best women to marry according to the zodiac signs - Part 3
විවාහයට සුදුසුම කාන්තාවෝ ඉපදිලා ඉන්නේ මොන මොන ලග්න වලින්ද කියලා හොයපු වෙලාවේදී අපිට දන ගන්න ලැබුනේ ලග්න තුනක් පමණයි ඒ වෙනුවෙන් සුදුසුම කියලනේ. අපි මේ ගැන කලින් ලිපි 2ක්ම පල කළා. ඒ අවස්ථාවලදී අපි කතා කලේ මේෂ සහ කටක ලග්න හිමිකරිනියන් තමයි විවාහයට සුදුසුම කාන්තාවන්ට අයත් වෙන අය කියලා. ඉතින් තව ලග්නයක් ඉතුරුයි නේ. මොකක්ද ඒ ලග්නය?

මේ ලිපි පෙළ කියවනකොට මගේ ලග්නයත් තියෙනවද.. මගේ ලග්නයත් තියෙනවද කියලා ඔබට හිතෙන්න ඇති නේද?

ඔන්න එහෙමනම්, මේ ලිපි පෙලේ අවසාන සටහන. විවාහයට සුදුසුම කාන්තාවෝ ඉපදෙන තුන් වන ලග්නය මොකක්ද?

සිංහ ලග්නය

සිංහ ලග්න හිමිකාරියෝ ස්වභාවයෙන්ම හරිම ස්ථිර අදහස් ඇති සැර පරුෂ ගති පැවතුම් ඇත්තියන්. ශක්තිමත් රණකාමියෝ වගේ. ඔවුන් විශ්වාස කල නොහැකි මට්ටටමේ ශක්තියක් උරම කරගෙනයි මේ ලෝකයට එන්නේ. ඉතින් තමන්ගේ සහකරුවත්, තමන් හරමටම ශක්තිමත්, දැඩි පෞර්ෂයකින් යුක්ත විය යුතුයි කියන මතයේ සිංහ ලග්න හිමිකාරිනියෝ ඉන්නවා. තමන්ගේ මතයට තම සහකරුවැව නම්මා ගන්න එක මොවුන්ට මහා ලොකු දෙයක් නෙමෙයි. මොකද සිංහ ලග්නය හිමිකරිනියෝ සතුව උප්පත්තියෙන්ම තියෙන ජවයට සහ ආකර්ෂණයට පිරිමින් ඉක්මනින්ම වසඟ වෙනවා.

මොවුන් ඉතාමත්ම අවංක, ඍජු, තමගේ සහකරුවා වෙනුවෙන් අවංකව කැප වෙන පිරිසක්. ඔහු වෙනුවෙන්, ඕනෑම දෙයක් කරන්න මොවුට පුළුවන්. සිංහ ලග්න කාරියන්ගේ ආදරය පිරිලා ඉතිරිලා යනවා. ඒ ආදරය සහකරුවට දරා ගන්න බැරි තරම්. සිංහ ලග්න කාරියකගෙන් තරම් ආදරයක් ඔබට කවමදාකවත් වෙන කාගෙන්වත් හිමි නොවේවි. හරියටම කිව්වොත් මොවුන් පිරිසිඳු බවේ සහ පරාර්ථකාමී බවේ සංකේතය වගේ.

තමන්ගේ සහකරුවට විතරක් නෙමෙයි, තමාගේ පවුලට සහකරුවාගේ පවුලට යුතුකම් ඉටුකරමින් ඔවුන්ව ඈ ආරක්ෂා කරන්නේ සිංහ දේනුවක් වගේ. තමන්ගේ අයව ආරක්ෂා කරගැනීමට ඇය ඕනෑම දෙයක් කරනවා. හිතෙන්නේ නැද්ද විවාහයට සිංහ ලග්න හිමිකාරියක් හොයා ගන්න එක හොඳයි කියලා?

අපි මේ සඳහන් කරපු මේෂ, කටක, සිංහ ලග්න හිමිකාරියක් හොයාගන්න උත්සාහ ගන්න. ඔබේ ජිවිතයේ ඔවුන් එක්ක සාර්ථක කරගන්න. මේ කියපු දේවල් හැම වෙලාවේම සාකච්චාවට විවෘතයි. මොකද ජෝතිෂ්‍ය විශ්වාස කරන සහ නොකරන පිරිසක් ඉන්නවනේ. ඒ වගේම තමයි, තමන්ගේ අදහස්, ගති පැවතුම් එක්ක තමයි ජිවිතයේ අනිකුත් සියලුම දේවල් තීරණය වෙන්නේ.

විවාහයට සුදුසුම කාන්තාව 01 (කටක ලගනයෙන් උපන් කාන්තාව)

විවාහයට සුදුසුම කාන්තාව 02 (මේෂ ලගනයෙන් උපන් කාන්තාව)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 251 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:46:42 AM
Script:/article/251/the-3-best-women-to-marry-according-to-the-zodiac-signs-part-3.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:46:42 AM
Script:/article/251/the-3-best-women-to-marry-according-to-the-zodiac-signs-part-3.html