ජන්ම නැකතින් කියවෙන ලිංගිකත්වය

June 2, 2017
30,229
Janma nakathin kiyawena lingikathwaya
රවි, චන්ද්‍ර ආදී වෙනත් ග්‍රහයින් නිකුත් කරනු ලබන කිරණ පුද්ගලයාගේ කාම ශක්තිය හා ආශාවන් කෙරේ යම් බලපෑමක් ඇති කරයි. මේ ග්‍රහ කිරණ අතරින් චන්ද්‍රයා නිකුත් කරන කිරණ පුද්ගලයාගේ කාම ශක්තිය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරයි. සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා විවාහයට පත්වන දෙදෙනාගේ කාමාශාවන් සහ ශක්තිය සමාන තත්වයෙන් පැවතිය යුතුයි. ස්ත්‍රී, පුරුෂ දෙදෙනාගේ ලිංගික ශක්තිය තීරණය කරනු ලබන්නේ කෙනෙකු උපන් අවස්ථාවේදී චන්ද්‍රයා ගමන් කල නැකත අනුවය.

01. අස්විද නැකත

අස්විද නැකතින් යම් කිසි පුද්ගලයෙක් ඉපදුනානම් ඔහුගේ හෝ ඇයගේ ලිංගික ශක්තිය බෙහෙවින්ම තියුනු ස්වභාවයක් ගනී. මොවුන්ට තම ප්‍රතිවිරුද්ධ ලිංගිකයා පහසුවෙන් සතුටට පත් කිරීමේ හැකියාව පවතී. රවි, චන්ද්‍ර දෙදෙනා බල තත්වයෙන් පසුවන විට උසස් ආකාරයේ ලිංගික ජීවිතයක් ගත කිරීමට පිලිවන. කේතු කියන ග්‍රගයා ලිංගික ශක්තිය හීන කරන ග්‍රහයෙක් වේ. අස්විද නැකතින් උපන් පුද්ගලයාට කේතුගෙන් බලවත් හානියක් ඇති නොවේ. යම් කිසි කෙනෙකුගේ කේන්දරය කේතු, අඟහරු, සිකුරු ග්‍රහයින් සංයෝග වූ විට වේගවත් ආකාරයේ ලිංගික ශක්තීන් ඇති කරයි. මේ සංයෝගයට සෙනසුරුගේ දෘෂ්ඨියට ලක්වූ විට එවනි පුද්ගලයින් පහසුවෙන් සතුටු කිරීමට අපහසුය. විවාහයෙන් පසු අනියම් සම්බන්ධතා ඇති වීමට මේ ග්‍රහ බලය උපයෝගී වේ.

02. බෙරණ නැකත

සිකුරු ග්‍රහයා කාමාධික ග්‍රහයෙක් වුවත් සිකුරු හිමි බෙරණ නැකතින් උපන් පුද්ගලයන් තුල බලවත් ලෙස කාමාශාවන් පවතින්නේ නෑ. මොවුන් සමහර අවස්ථා වලදී උදාසීන ගති ඇති කෙරේ. ලිංගික ජීවිතයට සෘජු සම්බන්ධයක් පවත්නා ස්ථානයක සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටියදී සෙනසුරු හෝ කේතුගේ දෘෂ්ටියට ලක්වූ විට ශක්තිය බෙහෙවින් හීන කරයි. උදාසීන වේ. රවි, අඟහරු, සිකුරු හතරවැන්න තුල බලවත් වුවහොත් මොවුන් තුල වඩාත් ප්‍රබල කාම ශක්තියක් ඇති කෙරේ.

03. කැති නැකත

අන්‍යයන් තමා කෙරෙහි යොමු කරවා ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. ලිංගික ශක්තිය වේගවත් නිසා පහසුවෙන් තෘප්තිමත් භාවයට පත් නොවේ. මොවුන් සිප වැලඳ ගැනීමට වැඩි කැමත්තක් දක්වයි. රවි, සිකුරු සමඟ සංයෝග වූ විට මොවුන්ගේ ලිංගික ශක්තිය බෙහෙවින්ම වැඩි දියුණු වේ. නමුත් රවි, සිකුරු සංයෝගය සෙනසුරු හෝ කුජ විසින් දකින ලද්දේ නම් මේ තත්වය වෙනස් වේ. එවිට ලිංගික ජීවිතයේ තෘප්තිය ගිලිහී යාමට පිලිවන. කේතුගේ දෘෂ්ඨියට ලක්වූයේ නම් බෙහෙවින්ම ලිංගික ශක්තිය හීන වේ.

04. රෙහෙණ නැකත

මෙම නැකතින් උපන් ජන්මියාට ලිංගික ආශාවන් පාලනය කර ගත හැකියි. ප්‍රතිවිරුද්ධ ලිංගිකයා හැම අතින්ම සතුටට පත් කිරීමට  උනන්දු වේ. මෙම නැකතින් උප්පත්තිය ලැබූ දෙදෙනෙකු අතර පවත්නා ලිංගික ජීවිතය වඩාත් සාර්ථක වේ. චන්ද්‍රයා සමඟ කුජ සම්බන්ධ වූ විට නිතර ලිංගික සේවනයේ යෙදීමට කැමත්තක් දක්වයි. මේ සංයෝගයට සිකුරුගේ දෘෂ්ටියට ලක්වේ නම් උසස් ආකාරයේ ලිංගික රසඥතාවන් භුක්ති විඳීමට හැකියි. චන්ද්‍රයා කේතුගෙන් පීඩාවට පත් වුවහොත් ලිංගික ජීවිතය අපේක්ෂා කල ආකාරයෙන් නොපවතී. එම සංයෝගයට සෙනසුරුගේ දෘෂ්ඨිය ලැබුනොත් ලිංගික දුබලතා ඇතිවේ. විකෘති කාමාශාවන්ද ඇති වීමට පිලිවන.

05. මුවසිරස නැකත

මොවුන්ගේ ලිංගික ශක්තිය බෙහෙවින් වැඩි දියුණුයි. පහසුවෙන් සතුටට පත් නොවේ. ඒකාකාරි ස්වභාවයට වඩා විවිධත්වය නිතර අපේක්ෂා කරයි. ප්‍රතිවිරුද්ධ ලිංගිකයාට උපරිම සතුටක් ලබා දීමට වැඩි වෙහෙසක් ගනී. නිතර ලිංගික සේවනයට වැඩි කැමැත්තක් දක්වයි. කුජ, සිකුරු හෝ චන්ද්‍රයා සමඟ සම්බන්ධ වූ විට ලිංගික සැපත වඩාත් උසස් ආකාරයෙන් පවත්වාගෙන් යා හැකිය. අඟහරු (කුජ) හා කේතු සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වූ විට මොවුන් බලහත්කාරයෙන් පවා ලිංගික සැපතට යොමුවේ. කුජ, සිකුරු, රවි සංයෝගය සෙනසුරු හා කේතු විසින් දකී නම් ලිංගික ජීවිතය අවුලෙන් අවුලට පත් වේ.

06. අද නැකත

කුඩා කාලයේ සිටම ලිංගික ආශාවන් වර්ධනය වේ. නමුත් ලිංගික ආශාවන් ක්‍රියාකාරිත්වයේදී පුංචි පුංචි දුර්වලතා මතු වේ. සමහර අවස්ථා වලදී නිසි තත්වයෙන් ලිංගික සැපත ලබා ගැනීමට අපොහොසත් වේ. ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ සතුට සම්බන්ධයෙන් මොවුන් උනන්දුවක් නොදක්වයි. රාහු බලවත් ආකාරයෙන් සිටියේ නම් ලිංගික ජීවිතය සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කෙරේ. "අද" නැකතින් ඉපදී රාහු සමඟ කුජ සංයෝගව සිටියේ නම් මොවුන්ට වැඩි වේලාවක් රති සුව විඳීමට පිලිවන. රාහු, සඳු සංයෝග වූවොත් ලිංගික ආසාවන් වැඩි කෙරේ. නමුත් මෙම සංයෝගයට සෙනසුරුගේ දෘෂ්ඨියට ලක්වුවහොත් ලිංගික ජීවිතය නිසරු වේ.

07 පුනාවස නැකත

පුනාවස නැකතින් උපත් ලබන පුද්ගලයන්ගේ ලිංගේන්ද්‍රය ස්ථුල භාවයෙන් යුක්තයි. මොවුන් ප්‍රතිවිරුද්ධ ලිංගිකයා සම්බන්ධයෙන් වැඩි අවධානයක් හා සැලකිල්ලක් දක්වයි. වයස මුහුකුර යෑමත් සමඟ ලිංගික ජීවිතය කෙරෙහි උදාසීන ගති ඇති වේ. ගුරු 7 වෙනි කොටුව තුල තැන්පත්ව ඇත්තේ නම් එවැනි ගති ඇති වේ. ගුරු සමඟ චන්ද්‍රයා සහ කුජ සංයෝග වූ විට ලිංගික ජීවිතයේ දක්ෂතා ඉස්මතු වේ. රාහු ග්‍රහයා මෙම යෝගයට සම්බන්ධ වූ විට ලිංගිකත්වයේදී විවිධත්වය අපේක්ෂා කරයි. චන්ද්‍ර, සිකුරු සංයෝගයට කේතු කුමන අයුරින් හෝ සම්බන්ධ වු විට ලිංගික ජීවිතයේ යම් යම් දුර්වලතා ඇති කරයි.

08 පුෂ නැකත

සෙනසුරුට අයිති පුෂ නකතින් උප්පත්තිය ලබන්නන් ලිංගික ජීවිතය සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියා කරන්නන් වෙයි. මෙම නැකතින් උප්පත්තිය ලබන පිරිමි බොහෝ අවස්තා වලදී කාන්තාව කෙරෙහි දක්වන සැලකිල්ල අඩුවන අතර ඇය කෙසේ හෝ අවනත කර ගැනීමට සැරසේ. කාන්තාව සෑම විටම පිරිමියා සතුටට පත් කිරීමට උනන්දු වේ. සඳු, සිකුරු සංයෝගයට කුජ ග්‍රහයාගේ දෘෂ්ටියට ලක් වූ විට කාම ශක්තිය බෙහෙවින් උත්කෘෂ්ඨ තත්වයට පත්වේ.

09 අස්ලිය නැකත

බුධගේ අස්ලිය නැකතින් උපන් පුද්ගලයා තුල උසස් ලිංගික ශක්තියක් නොපවතී. මෙම නැකතින් උපන් කාන්තාව ලිංගික සේවනයට කැමති වුවද පුරුෂයාට උසස් රසයක් ලබා දීමට අසමත් වේ. පිරිමියා තුලද මෙම තත්වය පවතී. නමුත් බලවත් කාමයෝග පවතී නම් නැකතේ බල තත්වය වෙනස් වේ. බුධ, සිකුරු සංයෝගව සිටියදී එම සංයෝගයට කුජ විසින් දෘෂ්ඨි ලැබුවේ නම් ලිංගික ජීවිතය යහපත් වේ. 7 වැන්න දුර්වල වුවහොත් ඔහු හෝ ඇය ලබන පුද්ගලයා සම්භෝගයේදී දක්ෂයකු නොවේ.

10. මා නැකත

මා නැකත කේතුට අයත් නැකතක්. මේ නැකතින් උපන් පුද්ගලයා තුල ඇති කාම ශක්තිය නිස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා සම්බෝගයේදී උසස්ම රසයක් භුක්ති විඳී. ස්ත්‍රිය පිරිමියාට වඩා දක්ෂය. ඒ නිසා මේ නැකතින් උපන් කාන්තාවට ඕනෑම් පිරිමියකු සතුටට පත් කිරීමේ හැකියාව පවතී. පුරුෂයාගේද කාම ශක්තිය තියුණුයි. චන්ද්‍රයා, සිකුරු ලිංගික ආශාවන් උද්දීපනය කරන ස්ථානයක තැන්පත්ව සිටී නම් ඔවුන්ට සිය සහකරු හෝ සහකාරිය උසස් ආකරයෙන් සතුටට පත් කිරීමට හැකිය. චන්ද්‍රයා, ශනි, කේතු යන ග්‍රහයින් දෙවැන්න, හත්වැන්න, අටවැන්න යන ස්ථානයක තැන්පත් වූ විට කාම ජීවිතය අවුලෙන් අවුලට පත් වේ.

11. පුවපල් නැකත

සිකුරුට හිම පුවපල් නැකතින් උපන් පුද්ගලයාගේ කාම ශක්තිය කුඩා කාලයේ පටන්ම උසස් තත්වයෙන් පවතී. පුවපල් නැකත හිමි කාන්තාව පිරිමියාට වඩා දක්ෂය. එනිසා කුමන තත්වයේ පිරිමියෙකු වුනත් සතුටු කිරීමට හැකියි. සිකුරු, රවි සංයෝගව සිටියදී කුජ ග්‍රහයාගේ දෘෂ්ඨියට ලක් වුවොත් ඒ පුද්ගලයාගේ කාම ශක්තිය බෙහෙවින්ම වැඩි දියුණු වේ.

12 උත්‍රපල් නැකත

මෙම නැකතින් උපත ලැබූ පුද්ගලයා කාම සේවනයේදී ඉවසීමෙන් හා සංගමයෙන් යුක්තව කටයුතු කිරීමට පෙලඹේ. ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ අදහස අනුව ලිංගිකව හැසිරීමට හැම අවස්ථාවකදීම උනන්දු වේ. තමා සතුටක් ලබනවා සේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයාටද එම සැපත ප්‍රධානය කිරීමට කැමැත්තෙන් සිටී. රවි, සිකුරු සංයෝග වී සිටීම කාම ජීවිතය උසස් තත්වයට පත් කෙරෙන ග්‍රහ බලයකි. සිකුරු, කේතු සමඟ යෝග වීම යහපත් කාරණයක් නොවේ. රවි, බුධ සංයෝගය නිතර දක්නට ලැබෙන එකකි. මෙම සංයොගයට කුමන ආකාරයකින් හෝ ශනි, කේතු සම්බන්ධ වුවොත් ලිංගික ජීවිතයේ සාර්ථකභාවය හීන කරයි.

ඊලඟ සතියෙන් ඉතිරි නැකැත් පිලිබඳ විස්තර බලාපොරොත්තු වන්න.

** ඔබේ නැකත නොදන්නේ නම් අපට උපන්දිනය, උපන් වේලාව හා ඉපදුන ස්ථානය message කරන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 297 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:26:38 AM
Script:/article/297/janma-nakathin-kiyawena-lingikathwaya.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:26:38 AM
Script:/article/297/janma-nakathin-kiyawena-lingikathwaya.html