පෙම්වතාව සතුටින් තියන්න කැමති ගෑණු ළමයි අනිවාර්යෙන් කරන දේවල්

March 29, 2018
10,352
Things to do to keep your boyfriend happy
ඕනෑම ගෑණු ළමයෙක් කැමතියිනේ තමන් ආදරේ කරන කෙනා එක්ක හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න. හැමදාමත් ආදරෙන් ඉන්න නම් දෙදෙනා අතරේ තියෙන බැඳීමත් ශක්තිමත් එකක් වෙන්න ඕන. තමන්ගේ පෙම්වතා එක්ක ආදරයෙන් කාලය ගත කරන්න තමයි හැම ගෑණු ළමයෙක්ම කැමති. ඒත් ඉතින් තමන්ගෙ හිතේ තියෙන ආදරේ එයාට පෙන්නන්නේ කොහොමද? එක හරිම ලේසියි. මහා ලොකු දේවල් කරන්න ඕන නැහැ.

1. ඇහුන්කන් දෙන එක හොඳ පුරුද්දක්

මෙන්න මේක හරිම වැදගත්. ඔයා එයාගේ ගෑණු ළමයා විතරක් නෙවෙයි හොඳම යෙහෙළියත් වෙන්න ඕන. හොඳම යාළුවෙක් ළඟ තියෙන ඉහලම ගුණයක් තමයි අනිත් කෙනාට ඇහුන්කන් දෙන එක. ඒ වගේම ඔහුගේ හැම දුකකදිම, වේදනාවකදිම තනි නොකරන එක. ඔයත් ඒ වගේ පෙම්වතියක් වුනොත් ඔයා වගේ කෙනෙක් ලැබීම ගැන එයා අනිවාර්යෙන් ගොඩාක් සතුටු වෙයි.

ඒ නිසා ඔයාගේ පෙම්වතා කියන දේට ඇහුම්කන් දෙන්න. එයා කැමති අකමැති දේවල් ගැන ඔයත් එක්ක කතා කරන්න එයාව උනන්දු කරවන්න. එකිනෙකා ගැන හොඳින් හඳුනා ගන්න එය ගොඩාක් වැදගත් වෙනවා. බැඳීමක් ශක්තිමත් වෙන්නේ අන්න එතකොටයි.

2. ආදරණිය වචන මොන තරම් නම් හිතට සතුටක් ගෙන දෙනවද.

ඔයාට එයා ආදරෙන් කතා කරනවා නම් ඔයත් කැමතියි නේද? එයත් ඒ වගේම තමයි. ඒ වගේම මේක ඔයාට කොච්චර ලේසියෙන් කරන්න පුලුවන්ද? හැබැයි ගොඩක් දෙනෙක් නොකරන දේත් මේක. පොඩි පොඩි දේවල් අල්ලාගෙන නිතරම රණ්ඩු කරන්න බලන් හිටියට ආදරෙන් කතා කරන්නෙම නැති තරම්. ඒත් ගෑණු ළමයා තමන්ට ආදරෙන් කතා කරනවට මොන පිරිමි ළමයද අකමැති වෙන්නේ. ආදරේ තවත් වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා හැම වෙලාවකම ඔහුට ආදරෙන් කතා කරන්න.

3.හැමදාම එකම විදියට ආදරේ කියන්න එපා

ආදරේ කියලා කටින් කියනවට වඩා වෙනස් විදියේ දෙයක් කරලා එයාට ඔයා කොච්චර ආදරේ කරනවද කියලා දැනෙන්න දෙන්න. එයා කැමති දේවල් කරන්න, එයා ආස කරන කෑම බිම හදලා දෙන්න, පොඩි පොඩි surprise එහෙමත් නරකම නැහැ.

4. විනෝදයෙන් කාලය ගත කරන්න

එයා එක්ක ගත කරන කාලය පොඩි පොඩි දේවල්වලට රණ්ඩු වෙලා නාස්ති කරගන්න එපා. දෙන්නා  අතර  මොන ප්‍රශ්නය තිබුණත් හම්බවෙලා කතා බහ කරලා ආපහු එනකොට ඒ ප්‍රශ්න විසඳගෙන එන්න පුරුදු වෙන්න. එහෙම නැතුව දවසටත් කොහේ හරි තිබුණු ප්‍රශ්නයක් ඇදල අරගෙන රණ්ඩු කරලා, අඬලා, තරහින් එන්න එපා. එහෙම වුනොත් දෙන්නට දෙන්නව වැඩි දවසක් නොයා එපා වෙයි. මේ සම්බන්දය තව දුරටත් ඕන නැහැ කියල ඔයාට හිතෙයි. ඒ නිසා මොනවා හරි හිත් රිදවීමක් වුණොත් ඒවා දුර දිග ගෙනියන්නේ නැතුව ඉක්මනින්ම විසඳා ගන්න.

5. හැම දේම ගැන සැකෙන් බලන්න එපා
 
අනවශ්‍ය සැකය කියන්නේ ආදර සම්බන්ධතා විතරක් නෙවෙයි ඊට වඩා සංකීර්ණ පවුල් ජිවිත වුනත් බිඳ දමන්න හේතු වෙන දෙයක්. ඒ නිසා අහේතුකව පෙම්වතාව සැක කරන්න එපා. ඔයාල අතරේ සතුට නැති වෙන්න ඒක හේතු වෙනවා. විශ්වාසය කියනේ ඒ තරම්ම වටිනා දෙයක් කියලා ඔයා මතක තියා ගන්න ඕන. ඒ නිසා සැකය කිසිම වෙලාවක ඔයාල අතරට ගෙන්න එපා. මේ දේවල් මේ විදියට වෙද්දී පෙම්වතා සතුටින් තියන්න අමුතුවෙන් දේවල් කරන්න ඕන වෙන්නේ නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 731 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:46:19 PM
Script:/article/731/things-to-do-to-keep-your-boyfriend-happy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:46:20 PM
Script:/article/731/things-to-do-to-keep-your-boyfriend-happy.html