කාන්තා නළල් තලයෙන් කියවෙන රහස්

April 27, 2017
13,294
What the Forehead Reveals
සපුමලී හා වනමලී වනේ බැද්දේ පිපිනු මල් දෙකක් වැනිය. බොහෝ තරුණයන්ගේ නිතර බැල්ම වැටුනේ වනමලීටය. වනමලී නව යොවුන් වියේදී ධනවත් කඩවසම් තරුණයෙකු සමග විවාහ විය. එහෙත් සපුමලී ගෙදරට මහලු විය. දෙදෙනාගේ වෙනස නළල් තලයෙන් කැපී පෙනුනි.

සපුමලිගේ නළල් තලය පුළුල්ය. ටිකක් ඉදිරියට නොරා තිබේ. එහෙත් වනමලීගේ නළල් තලය පුර නවවක තිථීයේ සඳ වැනිය. සපුමලී උගත්ය. බුද්ධිමත්ය. එහෙත් විවාහය ප්‍රමාද විය. කාන්තා නළල් තලයෙන් බොහෝ කරුණූ කියවෙයි. ඉදිරියට නෙරා ගිය නළල්තලය ව්‍යාපාරික කටයුතු වලට යහපත් පිහිටීමකි. එවැනි කාන්තාවට ගැඹුරු බුද්ධියක් තිබේ. එවැනි කාන්තාවන් විවාහය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. ඔවුන්ට බොහෝ විට හිසේ රෝග හටගනී. හුදකලාව ජීවත්වීමට කැමැති. වැඩි කතාබහක් නැත. රූපය ගැන උනන්දුවක් දක්වන්නේ නැත. හදිසි තීරණ ගනී. කෝපයට පත් වු විට වෙව්ලයි.

සමහර කාන්තාවගේ නළල් තලය සතරැස් හැඩයක් ගනී. එවැනි කාන්තාවන්ට පුරුෂ ගති ගුණ පිහිටයි. මැදිවියේදී විවාහයෙන් තනි විය හැක. ඉගෙනීමට, කෑම රසවත්ව පිළියෙළ කිරීමට දක්ෂය. දරුවන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු ලැබීමට වාසනාව තිබේ. නළල් තලය දසවක තිථීයේ සඳමෙන් පිහිටි කාන්තාව ඉතා වාසනාවන්තය. එවැනි තරුණියන්ගේ විවාහය නියමිත වයසේදී සිදුවේ. ඔවුහු බොහෝ සැප විඳීති. වටිනා රථවාහනවලට හිමිකම් කියති. යහපත් දු දරුවන් ලබති. ඔවුන්ට ඉහළ තනතුරු ලැබේ. එවැනි කාන්තාවෝ පිනට දහමට ලැදිවෙති. එවැනි කාන්තාවන්ගේ සැමියා උගත් ප්‍රසිද්ධ නෙකු බවට පත්වෙයි.

නළල් තලය ඉතා පටු කාන්තාවගේ විවාහය ප්‍රමාද වෙයි. එවැනි කාන්තාවන් ඉක්මණින් කෝපයට පත්විය හැක. හදිසි සැත්කම් වැනි දේට මුහුණ දීමට සිදු වෙයි. ඔවුන් පරපුරුෂයන් කරා යාමට පුළුවන. ගමන් බිමන්යාමට රුචියක් දැක්විය හැක.

සමහර කාන්තාවන්ගේ නළල යටට නෙරා තිබේ. එවැනි කාන්තාවන් ඉගෙනීමට දක්ෂය. ඔවුන්ට ගැඹුරු බුද්ධියක් පිහිටයි. ඔවුන් නිතර කල්පනා කරන්නේ වැඩිදුර ඉගෙනීම ගැනය. හුදකලා ජීවත් වීමට රුචියක් දැක්විය හැක. විවාහ ජීවිතයේදී බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි. තම සැමියා යටත් කරගෙන ජීවත් වීමට නිතර සිතයි. මෙවැනි කාන්තාවන්ට දරුවන් ටික දෙනෙකු ලැබේ.

සටහන : අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 245 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:50 AM
Script:/article/245/what-the-forehead-reveals.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:50 AM
Script:/article/245/what-the-forehead-reveals.html