රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කියන්නේ අද ඉහළ ජනප්‍රියතාවක් ලබාගත්ත ක්ෂේත්‍රයක්. මොකද අද ගැහැණු, පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් මේ රූපලාවණ්‍ය ක්ෂෙත්‍රයට යොමු වෙලා ඉන්නවා. අද ඕනෑම කෙනෙක් තමන්ගේ පෙනුම ලස්සනට තියා ගන්න මොනයම් හෝ සත්කාරයක් කරනවා කියන එක රහසක් නෙමෙයි කියලා ඔයා දන්නවානේ. හැඩකාරී අපි ඔයාට හැමදාම තාවකාලීක නොවන දිගුකාලීන ලස්සනක් ලබා ගන්න කොපමණ නම් දේවල් කියලා දෙනවාද. ගොඩක් යුවතියන් ලස්සන වෙන්න හිතාගෙන වයිට්නින් ක්‍රීම් වර්ග භාවිත කරනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. ඒත් ඔයා විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කළාට කිසිම වැඩක් වෙන්නේ නෑ මොකද ඒ ලබා ගන්න පෙනුම තාවකාලීකයි. ඔන්න හැමදාම වගේ හැඩකාරී අදත් ඔයාට ගෙදර ඉදලම ලස්සන පෙනුමක් ලබාගන්න පුළුවන් සත්කාරයක් ගැන කියලා දෙන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ කොහොමද කෝමාරිකාවලින් නිළියක් වගේ ලස්සන වෙන්නේ කියලා.
තොල්වල අවපැයට
ගොඩක් යුවතියන්ට වගේම පිරිමි පාර්ශ්වයේ ගොඩක් දෙනෙක්ටත් තියෙන ගැටළුවක් තමයි දෙතොල්වල ඇඳුරු පැහැය. එහෙමත් නැත්තම් අවපහැය. ඉතිං මුහුණ කොච්චර ලස්සනට තිබුණත් ඔයාගේ දෙතොල් අවපාට නම් පරිපූර්ණ ලස්සනක් ඔයාට එකතු වෙන්නේ නැති තරම්. මේ අවපැහැය නැති කර ගත්තේ නැති වුණොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට දෙතොල් අවපැහැ බවට පත් වේවි. මෙවැනි ගැටළුවකට කෝමාරිකාවලින් සාර්ථක විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයයි. කෝමාරිකා ජෙල් ස්වල්පයක් අරගෙන එයට ඔලිව් තෙල් බිංදු කිහිපයක් එකතු කරන්න. පසුව මේ ද්‍රව්‍යය ද්විත්වයම හොඳින් මිශ්‍ර කර ගන්න. රාත්‍රී නින්දට කලින් දෙතොල් හොඳින් පිරිසිදු කර මේ විදහට සකස් කර ගත්ත ආලේපනය දෙතොල්වල ආලේප කරලා නිදා ගන්න. මේ විදිහට සති දෙකක් විතර මේ සත්කාරය කරනකොට තොල්වල අඳුරු පැහැය ඉවත් වෙලා යනවා.
හිසකෙස් වැවෙන්න
ඔන්න දැන් ඔයාට කෝමාරිකා භාවිත කරලා හිසකෙස් වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඉතාමත් පුංචි දෙයක්. මුලින්ම කෝමාරිකා පිති කිහිපයක් අරගෙන ජෙල් එක වෙන් කර ගන්න. අවශ්‍ය නම් බ්ලෙන්ඩර් ගර ගැනීමේ හැකියාවද තියෙනවා. මේ කෝමාරිකා ජෙල් එක හිසකෙස් අතර හොඳින් ආලේප කරලා විනාඩි 05 ක් විතර හොඳින් සම්බාහනය කරන්න. සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයාට තව පුංචි දෙයක් කරන්න වෙනවා. එඩරු තෙල්, පොල් තෙල් සහ විටමින් E කරලක් අරගෙන හොඳින් මිශ්‍ර කරලා පුංචි බෝතලයකට හරි කප් එකකට හරි මුලින්ම වෙන් කර ගන්න. එම තෙල් මිශ්‍රණය සහිත බෝතලය හරි කප් එක හරි උණුසුම් ජලය තියෙන භාජනයක ගිල්වලා විනාඩි පහක් විතර තියන්න. එතකොට අර තෙල් ටික රත් වෙනවා. දැන් හිසෙහි ගල්වා ගත් කෝමාරිකා ටික උඩින් මේ තෙල්ද ගල්වලා හොඳින් සම්බාහනය කරන්න. රැයක් තිබෙන්නට හැර සෝදා ඉවත් කරන්න. ඉතිං මේ විදිහට සතියට දෙවතාවක් විතර මේ සත්කාරය කරනකොට හිසකෙස් වර්ධනය හොඳින් සිදු වෙනවා.
මුහුණේ ලප කැළැල් ඉවත් කර ගන්න
කුරූළැ අසාදන, හිරු එළියට නිරාවරණය වීම වැනි හේතු සාධක නිසා ඔයාගේ මුහුණෙත් ලප කැළැල් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතිං ඔයාගේ මුහුන කොච්චර පාට වුණත් වැඩක් නෑ ලප කැළැල් වැඩි නම්. ඉතිං මුහුණේ තියෙන මේ ළප කැළැල් ඉවත් කර ගන්න නම් ඔයාට සාර්ථක විසදුමක් හොයා ගන්න වෙනවා. දැන් ඔයාට සරල සත්කාරයකින් පහසුවෙන්ම මේ ලප කැළැල් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. කෝමාරිකා ජෙල් ටිකක් හොඳින් බ්ලෙන්ඩර් කරගෙන එයට විටමින් E කරලක් එකතු කර ගන්න. හොඳින් මිශ්‍රකර රාත්‍රී නින්දට පෙර මුහුණේ ආලේප කරන්න. වැදගත්ම දේ වෙන්නේ ඔයා මේ ආලේපනය මුහුණේ ආලේප කරන්න කලින් හොඳින් මුහුණ පිරිසිදු කළ යුතුයි. දිනපතා වුණත් ඔයාට මේ සත්කාරය කළ හැකියි. ටික දවසක් යනකොට ලප කැළැල් අඩු වෙලා පැහැදිළි සමක් ඔයාට ලැබෙනවා.
තරුණ පෙනුම රැක ගන්න
වයසට යන එක සමාන්‍ය දෙයක් වුණත් අපි හැමෝම සාමාන්‍යයෙන් වයසට යනවට කැමති නෑ. විශේෂයෙන්ම අකලට වයසට යන්න කවුරුත් කැමති නෑ. ඔයාට දැන් කෝමාරිකා යුෂ භාවිත කරලා අකලට වයසට යන එක අඩු කරගත හැකියි. කෝමාරිකා ඔයාගේ සමේ වියළීම, හිරු එළියෙන් සමට හානී වීම අඩු කරලා සම රැලි වැටීම නතර කරනවා. මේ විදිහේ ප්‍රතිඵල ඔයාගේ සමට ලබා ගන්න නම් ඔයාට දිනකට දෙවතාවක් විතර කෝමාරිකා ආලේප කරන්න වෙනවා. ඉතිං මුහුණ හොඳින් පිරිසිදු කර දිනකට දෙවතාවක් විතර කෝමාරිකා ආලේප කරන්න. ඔයාගේ මුහුණේ සුමුදු බව වැඩි කර පැහැපත් පෙනුමක් ලබාගත හැකියි.
කුරුළෑ සුව කර ගන්න
කුණු දුහුවිලි වේගයෙන් මුහුණේ සම මතුපිට රැදීම, හෝමෝන ක්‍රියාකාරිත්වය හා ආහාර රටාව තුළ සිදුවන විවිධ වෙනස්කම් නිසා ඔයාගේ මුහුණේ අඩු වැඩි වශයෙන් කුරුළෑ ඇතිවීම සිදු විය හැකියි. ඔයා හොඳින්ම දන්නවානේ කුරුළෑ ලප කැළැල් ඔයාගේ මුහුණේ පෙනුම සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ඉතිං දැන් කොමාරිකාවල තියෙන සිසිල් ගුණය ඔයාගේ මේ කුරුළෑ අසාදනවලට සාර්ථක විසදුමක්. ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. කුරුළෑ තියෙන සම මතුපිට කෝමාරිකා ජෙල් ආලේප කරලා විනාඩි 20 ක් විතර ගියාට පස්සේ මඳ උණුසුම් වතුරින් සෝදා ඉවත් කර ගන්න. දින කිහිපයක් මේ සත්කාරය කරනකොට ඔයාගේ මුහුණේ කුරුළෑ අසාදන ටිකෙන් ටික අඩු වෙලා යාවී.