කාන්තාවන්ට බහුලව වැළඳෙන නීරක්තියට ඔබත් ගොදුරු වී දැයි බලන්න

June 17, 2018
17,716
Are you a victim of anaemia
නීරක්තිය කියන්නේ කාන්තාවන් අතර බහුල රෝගී තත්ත්වයවයක්. විශේෂයෙන්ම පෝෂණ ඌනතා සමඟ මෙවැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිවියට පත්වීමත් සමඟ මසකට වරක් කාන්තාවකගේ ශරීරයෙන් රුධිරය අධික ලෙස පිටවන නිසා මෙම අවදානම වඩා වැඩි වෙන්නේ කාන්තාවන් තුළ. 

රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අවම වීම තමයි අපි නීරක්තිය කියලා හඳුන්වන්නේ. එහෙම නැත්තම් රුධිර සෛල වල අඩුවීමක් නිරක්තිය විදියට හඳුන්වන්න පුළුවන්. පිරිමියෙකුගේ නම් සාමාන්‍යයෙන් හිමොග්ලොබින් ප්‍රමාණය වෙන්නේ 13 - 14 ත් අතර.  කාන්තාවකගේ නම් මේ ප්‍රමාණය තුළ 12-13 ත් අතර පැවතිය යුතු වෙනවා.

දෙපාර්ශ්වයේම මෙම ප්‍රමාණයන්ට වඩා හිමොග්ලොබින් අඩු මට්ටමක පවතිනවා නම් ඒක අපි නීරක්තිය කියලා තමයි හඳුන්වන්නෙ. විශේෂයෙන් දරුවන් වර්ධනය වන විට අවශ්‍ය පෝෂණය නොලැබී යාමෙන්, විශේෂ යකඩ හා ප්‍රෝටීන් අවප්‍රමාණ වීමේන් ඇතිවෙන්නේ පෝෂණ නිරක්තිය. එමෙන්ම ඇතැම් රෝග නිසාත් නීරක්තිය ඇතිවෙනවා.

නීරක්තිය ඇති වෙන්න මෙන්න මේ කියන තතත්වයන් බලපානවා 

විටමින් B ඌනතාවය 
folic acid ඌනතාවය
වකුගඩුවල දුර්වලතාවයන් 
උදරයේ තුවාල ඇතිවීම 
මාස් ශුද්ධියේ දී විවිධ රෝගී තත්ත්වය නිසා වැඩිපුර රුධිර වහනය වීම
ශල්‍යකර්ම 
ඇටමිදුළු වල රෝග  

කියන තත්තවයන් නීරක්තිය ඇති වෙන්න හේතු වෙනවා.  ඉතින් මේ කියන තත්ත්වයන් අවම කර ගන්න හැම කාන්තාවක්ම උත්සාහ කරනවා නම් නීරක්තිය එහෙම නැත්නම් හිමොග්ලොබින් අඩුවීම අවමකරගන්න පුළුවන්.

නීරක්තිය ඇතිවෙන ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් බලපානවා. එකක් තමයි පෝෂණ උණතාවයන්. අනිත් එක තමයි රෝගයක් විදිහට වැළඳෙන නීරක්තිය. ඉතින් මේ රෝගයට ප්‍රතිකාර කරන්න කලින් රෝගියාට වැළඳිලා තියෙන්නේ එම තත්වයන් දෙකෙන් මොන රෝගයද කියන එක අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගත යුතුමයි. 

පෝෂණමය ඌනතාවයක් නිසා නීරක්තිය ඇති වෙලා තියෙනවා නම් විශේෂයෙන් යකඩ ඌනතාවය සඳහා ඖෂධ පෙති හෝ එන්නත් මගින් අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඒ වගේම යකඩ අවශෝෂණය වැඩි කරගවන්න එම එන්නත විටමින් C සමග තමයි ලබා දෙන්නේ. ෆෝලික් ඇසිඩ් සහ විටමින් B 12 කියන්නෙත් පෝෂණ ඌනතාවයන් නිසා ඇතිවන නීරක්තියට ලබාදිය යුතු අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන්. 

එහෙම නැතුව නීරක්තිය රෝගයක් විදිහට වැළඳිලා තියෙනවා නම් රුධිර සෛල හා ඇට මිදුළුවල රුධිර සෛල වැඩි කරවන හෝමෝන ලබා දෙන එක තමයි ප්‍රධාන වශයෙන්ම කරන ප්‍රතිකාරය. ඇටමිදුළු වල දුර්වලතා තියෙනව නම් හෝමෝන ලබා දීම වගේම හිමොග්ලොබින් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක පවතිනවා නම් රුධිර පාරවිලයනය කිරීමට සිද්ධ වෙන්න පුළුවන්.

රෝගයක් විදිහට හෝ පෝෂණ උණතාවයක් විදියට හෝ නීරක්තිය තියෙන අයෙක් අනිවාර්යෙන් තමන්ගේ ආහාර වේලට යකඩ බහුල ආහාර එකතු කරගත යුතුමයි. එහෙම නැති වුනොත් තත්ත්වය පවතිනවටත් වඩා භයානක වෙන්න පුළුවන්. කව්පි, කඩල, මුං ඇට, පරිප්පු වැනි ධාන්‍ය වර්ග අනිවාර්යෙන් එවැනි පුද්ගලයකුගේ ආහාර වේලට එක්තු වීය යුතුයි.  ඒ වගේම නිවිති වගේ පලා වර්ග කිසිසේත්ම මග නොහැරිය යුතුයි. කිරි බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර, ඒ වගේම හරක් මස් ,පීකුදු කියන්නෙත් ලේ වඩවන ආහාර. 

ඒ වගේම නීරක්තිය වැරදිලා තියෙන කෙනෙක් විශේෂයෙන් අමතක නොකළ යුතු කරුණක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන ආහාර වේලක් ලබා ගත් විගසම  කිසිම වෙලාවක තේ කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර, පාන වර්ග ලබා නොගැනීම. ආහාර ගත් විගස තේ කෝපි වැනි පානයන් ලබාගැනීම නිසා යකඩ අවශෝෂණය පමා වෙනවා. ඒ නිසා මේ කියන කරුණු ගැන අනිවාර්යෙන් වැඩි අවධානයක් දුන්නොත් නීරක්තිය ඇති වීම අවම කරගන්න හැම කාන්තාවකටම පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 890 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:39 PM
Script:/article/890/are-you-a-victim-of-anaemia.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:40 PM
Script:/article/890/are-you-a-victim-of-anaemia.html