හෘදයාබාධ අවදානමෙන් මිදෙන්න මේ දේවල් පුරුදු කර ගන්න

March 12, 2018
13,090
Things to do to avoid heart attack risk
හෘදයාබාධය කියන්නෙත් දැන් උණ හෙම්බිරිසාව වගේ ගොඩක් අය අතර සුලබව අහන්න ලැබෙන රෝගයක්. දවසින් දවස බෝ නොවන ලෙඩ රෝග වැඩි වීමක් දකින්න ලැබෙනවා. එකට හේතුවත් අපේම වැරදි තමයි. එත් ඒ වැරදි පුරුදු වලින් ඈත් වෙලා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන දැන් වත් හිතන්න ඕන කියලා ඔයා හිතන්නේ නැද්ද? හෘදයාබාධයක් වැනි දරුණු අසනීපයක් ඇති වෙන්න කලින් ඔයාගේ පරිස්සම ගැන හිතලා මේ දේවල් අනුගමනය කරන්න.

1. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

නින්ද මඟ හරින එක නම් ඒ තරම් හොඳා දෙයක් නෙවෙයි. දවස පුරාම වෙහෙසන ශරීරයට විවේකයක් ලැබෙන්නේ අපි ලබා ගන්න නින්දෙන්. ඒ නිසා දිනකට පැය හතක හෝ අටක සුවදායක නින්දක් ලබා ගන්නේ නැතිනම් එය නිසි අවධානයකට ලක්කළ යුතු කරුණක් වනවා. රාත්‍රියේදී කෙටි නින්දක් ලබා ගැනීම මගින් සමස්ත ශරීරයටම හානියක් සිදු වනවා. විශේෂයෙන් හිසරදය වැනි තත්ත්වයනුත් හෘදයාබාධයන් ඇති කරන්නත් නින්ද මද කම හේතු වෙනවා.

2. කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගන්න

හදවත් රෝග අවම කර ගන්නත් තවත් ලෙඩ රෝග රැසකින් ආරක්ෂා වෙන්නත් කොලෙස්ටරෝල් මට්ටම ක්‍රමානුකුලව පවත්වා ගැනීමට වඩාත් වැදගත් වනවා. හොඳ කොලෙස්ටරෝල් නැතිනම් HDL කොලෙස්ටරෝල් මට්ටම 60 ට වඩා වැඩි අගයක පවත්වා ගැනීම හදවත් සෞඛ්‍යයට හිතකර වන නමුත් අහිතකර කොලෙස්ටරෝල් වැඩි වීම හෘදයාබාධ ඇති කිරීමට හේතු වෙනවා.

3. පුර්ව රෝග ලක්‍ෂණ පිළිබඳ අවබෝධයෙන් පසුවන්න

ලෙඩක් වැළඳුනාට ඒවායේ පූර්ව රෝග ලක්ෂණ ගැන දැනුමක් හා අවබෝධයක් නැති නිසා අපේ ගොඩක් අය ලෙඩ දෙක කර ගන්නවා. නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙනුත් කපන්න බැරි වෙනකල් ඉන්නේ නැතුව මුලදීම ලෙඩ රෝග හඳුනා ගන්න. අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.
හෘද්‍යාබාධයක පුර්ව රෝග ලක්‍ෂණ ලෙස හෘද ස්පන්ධනයේ වෙනස්කම්, හුස්ම ගැනීමේ අපහසුව සහ විඩාව වැනි රෝග ලක්‍ෂණ හඳුනා ගන්න පුළුවන්.

4. මානසික ආතතියෙන් මිදෙන්න

මානසික ආතතිය හදවත් රෝග සහ ආඝාතය වැනි භයානක සෞඛ්‍යය ගැටළු ඇති කරවන්න හේතු වෙනවා. ඒ නිසා හැකි තරම් මානසික ආතතියෙන් මිදෙන්න උත්සාහ කරන්න. මානසික ආතතිය මීට වඩා භයානක තත්ත්වයන් ඇති කරන්නත් හේතු වෙනවා.

5. නිවැරදි ආහාර රටාවක් පවත්වා ගන්න

අප ගනු ලබන ආහාර තමයි මේ වගේ තත්ත්වයක් ඇති කරන්න මුලිකම හේතුව වෙන්නේ. ඒ නිසා හැකි තරම් පිෂ්ටය, මේදය සහිත ආහාර අවම කරන්න. ශරීරයට හිතකර ආහාර පමණක් ලබා ගන්න. අවදානමට පෙර අවදානය දෙන්න. එහෙම වුනොත් ලෙඩක් දුකක් නැතිව ජිවිතේ ගෙවා ගන්න පුළුවන්. ඒකම කොච්චර දෙයක්ද.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 695 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:36 PM
Script:/article/695/things-to-do-to-avoid-heart-attack-risk.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:37 PM
Script:/article/695/things-to-do-to-avoid-heart-attack-risk.html