ඔබේ දියවැඩියා මට්ටම පාලනය කිරීම සඳහා හොඳම ව්‍යායාම 5ක්

January 18, 2021
3,842
Best exercises to control diabetics
දියවැඩියාව අරොබික්ස් ව්‍යායාම ආධාරයෙන් පාලනය කරන්න පුලුවන් බව ඔබ දැන සිටියාද? මෙය අමුතු දෙයක් ලෙස පෙනුණත්, අරොබික්ස් ව්‍යායාම කරන ව්‍යායාම මගින් ඉන්සියුලින් අවශ්‍යතාවය අඩු කරන බව සොයා ගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නිතිපතා ව්‍යායාම කිරීමෙන් කෙනෙකුගේ සීනි මට්ටම සහ ආතතිය යන දෙකම එකවර අඩු කර ගන්න පුළුවන්. මෙම ව්‍යායාමය මගින් ශරීරයට ශක්තිමත් බවක් හා සෞඛ්‍ය සම්පන්න බවක් ලබා දෙනවා. ව්‍යායාම කිරීම ඔබේ සමස්ත යහපැවැත්මට දායක වන බව ප්‍රකට කරුණක්. අද හැඩකාරී අපි ඔබට ඉදිරිපත් කරන්නේ දියවැඩියාව සඳහා හොඳම ව්‍යායාම 5ක් ගැනයි.

1. නර්ථනය
නර්ථනය ඔබේ ශරීරයට පමණක් නොව මතකය වැඩි දියුණු කිරීමටද උපකාරී වෙනවා. ඩාන්සින් ස්ටෙප්ස් මතක තබා ගැනීමේදී මොළයේ ශක්තිය වැඩි කරන අතර එය මතකය වැඩි දියුණු කිරීමට දායක වෙනවා. බර අඩු කර ගැනීමට, ශාරීරික ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට සහ නම්‍යශීලී බව වැඩි දියුණු කිරීමට සහ රුධිරයේ සීනි මට්ටම අඩු කර ගැනීමට නර්ථනය කියන්නේ හොඳ ව්‍යායාමයක්. පැය භාගයක් නැටුවොත් කැලරි 150 ක් දක්වා දහනය කර ගන්න පුලුවන් .

2. පිහිනීම
පිහිනීම දියවැඩියාව සඳහා තවත් හොඳ ව්‍යායාමයක් වන අතර එය ඔබේ සන්ධිවලට අධික පීඩනයකින් තොරව ඔබේ මාංශ පේශි ලිහිල් කරයි. ඔබට දියවැඩියාව තිබෙනවා නම් හෝ එය වර්ධනය වීමේ අවදානමක් තිබෙනවා නම් පිහිනිම කරන්න. එයින් ඔබේ ආතති මට්ටම අඩු වීම, කැලරි දහනය කිරීම සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය වීම සිද්ධ වෙනවා. අවම වශයෙන් සතියකට තුන් වතාවක් විනාඩි දහයක් පමණ පිහිනමින් ක්‍රමක් ක්‍රමයෙන් කාලය දිගු කරන්න. ඒ අතරතුර ඔබේ රුධිරයේ සීනි මට්ටම ද නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමට මතක තබා ගන්න.

3. ඇවිදීම
ඇවිදීම නිසැකවම දියවැඩියාව සඳහා පහසුම ව්‍යායාමයක්. විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අය සඳහා ඇවිදිම සුදුසුයි. Brisk walking නැතහොත් සාමාන්‍යයෙන් පැය බාගයක් ඇතුලත කිලෝමීටර 3ක් පමණ ඇවිදීම මගින් ඔබේ හෘද ස්පන්දන වේගය ඉහළ නැංවිය හැකි අතර මෙමගින් ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට උපකාරී වෙනවා. සතියකට තුන් වතාවක් පමණ ඇවිදින්න. ඔබ ව්‍යායාම කරන විට ඉන්සියුලින් නිෂ්පාදනයේ වැඩි විමක් වෙනවා. ඔබ ව්‍යායාම කරන දින අතර වැඩි පරතරයක් තිබේ නම් ඉන්සියුලින් නිෂ්පාදනය මන්දගාමී වෙනවා.

4. යෝගා ව්‍යායාම
යෝගා ව්‍යායාම මගින් ශක්තිය, සමබරතාවය සහ නම්‍යතාවය ගොඩනංවා ගන්න පුලුවන්. මෙය මානසික ආතතිය අඩු කිරීමට උපකාරී වන අතර එමඟින් ස්නායු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරනවා. එමඟින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගි කරනවා. යෝග ව්‍යායාම මගින් මාංශ පේශි වැඩි දියුණු කිරීම නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම හොඳ මට්ටමකට ගෙන ඒමට යෝගා ව්‍යායාම ඵලදායී වෙනවා. ඒ විතරක් නෙමෙයි; පෙනෙන විදිහට, යෝගා ශරීරයේ මේදය අඩු කිරීමට සහ ඉන්සියුලින් ප්‍රතිරෝධයට එරෙහිව සටන් කිරීමටත් උපකාරී වෙනවා.

5. බයිසිකල් පැදීම
බයිසිකල් පැදීම ඔබේ හදවතට පමණක් නොව ඔබේ පෙනහළු වඩා හොඳින් ක්‍රියා කිරීමට පවා උපකාරී වෙනවා. බයිසිකල් පැදීම දියවැඩියාව ඇති අයට වඩාත් සුදුසුයි. බයිසිකල් පැදීම ඔබේ කකුල් වලට රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. එමඟින් කැලරි දහනය කරවන අතර එමඟින් සෞඛ්‍ය සම්පන්න බරක් ද ඔබ තුළ පවත්වා ගන්න උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1935 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:49:40 AM
Script:/article/1935/best-exercises-to-control-diabetics.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:49:40 AM
Script:/article/1935/best-exercises-to-control-diabetics.html