ටෙලිවිෂනයෙන් අපි දැක්ක මතකයේ රැඳුණු තරු සුනඛ සුරතලුන්

January 10, 2020
3,180
Star dogs in television
ආදරය දැනෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. අපිට වගේ කියාගන්න බැරි වුණත් සත්ත්වයන්ටත් ආදරය කියන හැඟීම අපිට වගේම දැනෙනවා. විශේෂයෙන්ම ආදී කාලයේ ඉඳන්ම මිනිසාගේ ළඟම මිතුරා වුණු සුනඛ සුරතලුන් වෙතින් මිනිස්සුන්ට ලැබුණ ආදරය අනෙක් සත්තුන්ට සාපේක්ෂව ගොඩක් හෘදයාංගමව සහ සමීපව අද වෙනකල්ම පැවත එනවා. ඒක ඔවුන් සහ අපි අතර පවතින කවදාවත් බිඳ නොවැටෙන බැඳීමක්. මේ නිසාම ලෝකයට බොහෝ සුනඛ තරු ද බිහි වෙලා තියනවා. කොටින්ම මිනිසාගේ විවිධ කලා මාධ්‍යයන් තුළින් හඳුන්වා දුන්න ලෝකයේම ආදරය දිනා ගත්ත සමහර තරු සුරතලුන් අපේ මතකයේ හැමදාම තැන්පත් වෙලා ඉන්නවා. රූපවාහිනියෙන් අපේ ආලින්දයට ආපු ඒ වගේ සුනඛ තරු කීපයක් ගැන ඔබට කෙරෙන අතීතාවර්ජනයක් මේ...

1. ඩියුලක්ස් බල්ලා

ලෝකයේ දැන්වීම්කරණ ක්ෂේත්‍රය තුළ විශාල පෙරළියක් ඇති කරපු ජනප්‍රියම තරුව තමයි ඩියුලක්ස් වෙළඳ දැන්වීමේ හිටපු බලු සුරතලා. ලංකාවේත් එයා ගොඩක් ජනප්‍රිය වුණා. පැරණි “ඉංග්‍රීසි ෂීප්ඩෝග් (English Sheepdog)” කෙනෙක් තමයි මේ ඩියුලක්ස් තීන්ත වෙළඳ නාමය සඳහා පෙනී සිටින සුරතලා ලෙස යොදා ගත්තේ. ඇත්තටම එයාලා බැටළු පරම්පරාවකින් පැවතගෙන ආපු සුරතලුන් වර්ගයක්. බොහෝ අය මෙම වර්ගයට “ඩියුලක්ස් බල්ලෙකු” ලෙස හැඳින්වීමට පුරුදු වුණේ වෙළඳ දැන්වීමෙන් ලද ජනප්‍රියත්වය නිසාමයි. මෙම සුනඛයා ප්‍රථම වරට වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා හඳුන්වා දෙනු ලැබුවේ 1961 දීයි. එතැන් පටන් ඔවුන් තීන්ත අලෙවි කරන ඕනෑම තැනක, ඩියුලක්ස් රූපවාහිනියේ සහ මුද්‍රිත වෙළඳ දැන්වීම්වල නිරන්තර හා ජනප්‍රිය අංගයක් වුණා. පළමු ඩියුලක්ස් සුනඛයා වුණු Shepton Daphnis Horsa (සුරතල් නම ඩෑෂ්) වසර අටක් එම භූමිකාව රඟපෑවා. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ Fernville Lord Digby වඩාත් ප්‍රසිද්ධ ඩියුලක්ස් සුනඛයා වුණා. වෙළඳ දැන්වීම් රූගත කිරීමේදී ඩිග්බිට තාරකාවක් සේ සළකනු ලැබූ අතර, ඔහුටම වෙන්වුණු මෝටර් රථයකින් තමයි චිත්‍රාගාරයට පවා ගෙන ගිහින් තියෙන්නේ. ඩිග්බිගේ ජනප්‍රියතාවය නිසා 1973 දී බ්‍රිතාන්‍යයේ විකට චිත්‍රපටයක් වූ “ඩිග්බි” චිත්‍රපටයේ ලොව විශාලතම සුනඛයා ලෙස ප්‍රධාන චරිතය රඟපෑමටත් සමත් වුණා. අපේ රටේ මුලින්ම ප්‍රසිද්ධියට පත් වුණේ 80 දශකයේ අගභාගයේ Dulux once තීන්ත දැන්වීම සඳහා පෙනී සිටි ඩියුලක්ස් බල්ලායි. ඉන් පස්සේත් විවිධ වූ ඩියුලක්ස් තීන්ත දැන්වීම් හරහා මේ ඩියුලක්ස් බලු සුරතලුන් අපේ ​ආලින්දයට ගොඩ වැදුනා. මේ එවන් ජනප්‍රිය දැන්වීම් කීපයක්.

මේත් එක්කම මේ ඩියුලක්ස් බල්ලා සම්බන්ධයෙන් එක් කණගාටුදායක ආරංචියකුත් සඳහන් කරන්න ඕනෙ. ඒ තමයි, Kennel Club එකෙන් කියන විදියට මේ ඕල්ඩ් ඉන්ග්ලිෂ් ෂීප් ඩෝග් වර්ගය වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ දීලා තිබී​ම. ඒ නිසා මේ අයගේ
වොච් ලිස්ට් එකට ඕල්ඩ් ඉන්ග්ලිෂ් ෂීප් ඩෝග් වර්ගයත් ඇතුළත් කරලා තියෙනවා. එහෙම වුණත් මේ ඩියුලක්ස් බලු සුරතලුත් අ​පේ මතකයේ නම් සදා රැඳී තිබේවි!









2. ස්කූබි ඩූ

2005 වසර ආසන්න කාලයේ විතර සිරස නාලිකාවේ විකාශය ආරම්භ කරපු අතිශය ජනප්‍රිය කාටූන් මාලාවේ සිටි බලු සුරතලා තමයි “ස්කූබි”. ස්කූබි-ඩූ කියන්නේ 1969 සිට වර්තමානය දක්වා නිපැයුණු සජීවිකරණ රූපවාහිනී කතාමාලා කිහිපයකින් සමන්විත
ඇමරිකානු සජීවිකරණ කාටූන් නිර්මාණයක්. “ස්කූබි-ඩූ, වෙයාර් ආ යූ!” නමැති මුල් කතාමාලාව, හන්නා-බාර්බරා නිෂ්පාදන වෙනුවෙන් 1969දී නිමැවුනේ, ජෝ රූබි සහ කෙන් ස්පියර්ස් යන රචකයන් විසිනුයි. අධිස්වභාවික අභිරහස් සිදුවීම්, විහිලු තහළු හා වැරදි උපාය මාලාවන් සංකලනයක් ඔස්සේ අභිරහස් විසඳන ගැටවර/ගැටවරියන් සතර දෙනා සහ ඔවුන්ගේ සුරතලා වන ස්කූබි ඩූ තමයි මේකේ ප්‍රධාන චරිත 5 ට පණ පෙව්වේ. ෆ්‍රෙඩ් ජෝන්ස්, ඩැෆ්නි බ්ලේක්, වෙල්මා ඩින්ක්ලි, ෂැගී රොජර්ස් සහ ස්කූබි-ඩූ
නම් ඔවුන්ගේ කතා කළ හැකි දුඹුරු ග්‍රේට් ඩේන් සුනඛ සුරතලා මෙම කාටූන් මාලාවෙන් අපේ නිවසේ ආලින්දයට ඇවිල්ලා අපේ පුංචි කාලය සන්තෝසයෙන් පුරවපු හැටි ඔබට තාමත් මතක ඇති.

3. චූටි කුකූ

ඇස්ටරික්ස් (Asterix) කියන්නේ ප්‍රංශ භාෂාවෙන් මුලින්ම පළ වී පසුව විවිධ භාෂාවලට පරිවර්තනය වූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර කතා මාලාවක්. ලංකාවේ මෙය “සූර පප්පා” නමින් ප්‍රසිද්ධ වුණේ එහි සිංහල හඬ කැවූ කාටූන් මාලාව සිරස නාලිකාවේ විකාශනය වීමත් සමග යි. සූර පප්පා සහ ජිම් පප්පා විතරක් නොවෙයි වෙද පප්පා, ලොකු පප්පා, කෑ කෝ පප්පා, මල් කුමාරි යන චරිත වගේම ඒකෙදී කාගෙත් ආදරය දිනා ගත්ත ජිම් පප්පාගේ ආදරණීය පුංචි බලු සුරතලා වුණ “චූටි කුකූ”ත් කාටූන් නිර්මාණය වගේම ඉතාම ජනප්‍රිය වුණා. “Dogmatrix” තමයි චූටි කුකූගේ කථා මාලාවේ සැබෑ නම වෙන්නෙ. චූටි කුකූත් හරි හරියට සූර පප්පාට සහ ජිම් පප්පාට එයාලගේ වීරක්‍රියා ජයග්‍රහණය කරන්න උදව් වුණ හැටි ඔබට මතක ඇති. ඇස්ටරික්ස් මුල් කතා මාලාවෙ ඉතිහාසය
1959 කරා දිවෙනවා. මේක ප්‍රංශ චිත්‍ර කතා ආකෘතිය අනුගමනය කරමින්, ප්‍රංශ සංස්කෘතිය හා බැඳුණ කතා මාලාවක් වුණු අතර රෙනේ ගොසිනි සහ ඇල්බෙයා උඩර්සෝ “සූර පප්පා” නිර්මාතෘන් වුණා.

4. ස්නෝවී

20 වැනි සියවසේ ජනප්‍රියම කාටූනය ‘ටිං ටිං’ වන බවට කිසිදු සැකයක් නෑ. 1929 බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පළ වූ ‘le vingtieme siecle’ නමැති පුවත්පතේ ළමා අතිරේකයේ පළ වූ ‘චිත්‍ර කතාවක්’ වූ එය පසුව ‘පුංචි තිරයේ’ කාටූන් කතා මාලාවක් වශයෙන් ද විකාශය වුණා. පසුව 2011 දී ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වූ ‘ස්ටීවන් ස්පීල්බර්ග්’ අතින් ‘රිදී තිරයට’ ද නැඟුණු එය, ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් උපයමින් වාර්තා පිට වාර්තා තැබුවා. දක්ෂ පුවත්පත් ජනමාධ්‍යවේදියෙක් වුණ ටිං ටිං වගේම රම් සහ විස්කි ලෝලියෙකු වන, නිතරම විකට කතා කියන, දුම් පයිප්පය කටින් ඉවතට නොගන්නා කැප්ටන් හැඩොක්, ප්‍රොෆෙසර් කැල්කියුලස් සහ තොම්සන් සහ තොම්සන් රහස් පරීක්ෂක නිවුන් සහෝදරයන් දෙදෙනා ද අපේ මතකයේ රැඳී සිටිනවා වගේම ටිං ටිං ගේ ආදරණීය බලු සුරතලා ස්නෝවිත් ඒ නිර්මාණයට විශේෂ තරු ගුණයක් අරගෙන ආවා. එහි නිර්මාණකරුවා වන්නේ බෙල්ජියම් ජාතික ‘ජෝජස් රෙමී’, එහෙමත් නැත්නම් අපි කවුරුත් “හර්ජ්” නමින් හඳුනන නිර්මාණකරුවායි.

5. ලැසී

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු “ලැසී” කියන්නෙත් 90දශකයේ ශ්‍රී ලංකාවේ
ප්‍රේක්ෂකාගාරයට සමීප වුණු විදේශීය කතා මාලාවක්. ලැසී කියන්නේ කැනේඩියානු රූපවාහිනී කතා මාලාවක් වන අතර එය 1997 සිට 1999 දක්වා කැනඩාවේ YTV සහ එක්සත් ජනපදයේ Animal Planet network නාලිකාවල තමයි ප්‍රථම වරට විකාශය වුණේ. පුංචි පිරිමි ළමයෙක් සහ ඔහුගේ විශ්වාසවන්ත සුනඛයා පිළිබඳ මුල් ලැසී කතා මාලාවට (1954-1973) සාපේක්ෂව 1997 නැවත නිර්මාණය වුණු කතා මාලාව නවීකරණය කර තිබුණා. ඒ කාලේ ළමා පරපුරේ ආදරය සහ ජනප්‍රියත්වය දිනා ගත්ත විශිෂ්ට රංගන තරුවක් වීමට ලැසීට පුලුවන් වුණා. Rough Collie වර්ගයට අයත් සුරතල් සුනඛයෙක් තමයි ලැසී චරිතයට පණ පෙවුවේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,452
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,838
   34

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,846
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed