මෙම විලාසිතා භාණ්ඩ ඔයාගේ සෞඛ්‍යයට හානියක් ගෙනෙන බව ඔබ දැන සිටියාද?

June 7, 2020
4,436
Did you know these fashion items will harm your health
හුස්ම ගැනීම, කෑම ගැනීම සහ නිදා ගැනීම වැනි මේ හැම දේම කරන්නේ ජීවත් වෙන්නයි.  ඔයා අඳින විලාසිතා ආයිත්තම් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර විලාසිතා භාණ්ඩ සහ උපාංග බොහොමයක් ඔයාගේ සෞඛ්‍යයට හානි කරනවා. ඔයා සමහර විලාසිතා භාණ්ඩ නිතිපතා භාවිතා කරන නිසා දිනෙන් දින ශරීරය දුර්වල වෙන්න පටන් ගන්නවා. ඉතිං එවන් විලාසිතා භාවිතා කරන්න කලින් ඕනම කෙනෙක්ට දෙපාරක් හිතන්න වෙනවා මේක ගන්නවද නැද්ද කියලා.

ටයිට් ජීන්ස්
අපි හැමෝම ටයිට් ජීන්ස් ඇඳීමට පුරුදු වී සිටින අතර ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙක් මෙයට කැමතියි. මෙම ටයිට් ජීන්ස් ඔයාගේ සෞඛ්‍යයට හානි කරන බව ඔබ දැන සිටියාද? ටයිට් ජීන්ස් ඔයාගේ කකුල් වලට රුධිර ප්‍රවාහය සීමා කරන අතර කකුල් වල ස්නායු හා නහර වලට හානි සිදු විය හැක. තවද ඔයාගේ ඉණ ප්‍රදේශයේ ගැටළු ඇති කරන්න පුළුවන්. ඔයා ටයිට් ජීන්ස් තෝරා ගන්නේ නම්, කකුල් චලනය කිරීමට සහ පහසුවෙන් හුස්ම ගැනීමට හැකි එකක් තෝරා ගැනීමට වග බලා ගන්න.

Flip-flops
ඔයා Flip-flops වැනි පාවහන් තෝරා ගන්නේ නම් කාලයත් සමග දරුණු කොඳු ඇට පෙළ ආශ්‍රිත ගැටළු සහ ඔයාගේ විලුඹේ වේදනාව වැනි බරපතල සෞඛ්‍ය සංකූලතා ඇති කරන්න ඉඩ තියෙනවා. එමනිසා, පාදවලට අවශ්‍ය සහයෝගය ලබා දිය හැකි වන පරිදි නිවැරදි පාවහන් පැළඳීමට වග බලා ගන්න.

බර ආභරණ
ඔයා බර ආභරණවලට කැමති ඇති. නමුත් ඒවගේ ආභරණ පැළඳීමෙන් වෙහෙසකර බවක් දැනෙනවා. බර කරාබු ඔයාගේ කන් පෙති බර කර ඒවා දිගු කිරීමට හේතු වන අතර බර මාලයක් පැළඳීමෙන් එය ඔයාගේ ඉරියව්වට බලපානවා. එම නිසා බරින් අඩු ආභරණ පැළඳීමට වග බලා ගන්න.

නොගැලපෙන බ්‍රා
ඔයා ප්‍රියතම බ්‍රා වලින් පවා ප්‍රධාන සෞඛ්‍ය ගැටළු ඇති කරනවා. නොගැලපෙන බ්‍රා ඇඳීමෙන් රුධිර සංසරණය සීමා කිරීම, ඔයාගේ කොඳු ඇට පෙළට බලපෑම් කිරීම සහ උරහිස්වල වේදනාව පවා ඇති කරනවා. ඔයාගේ බ්‍රා එක ඔයාගේ ප්‍රමාණයට වඩා කුඩා හෝ විශාල නොවිය යුතුයි.

පිජාමා
කාන්තාවන් දවස පුරා නිවසටම සිරවී සිටින නිසා, ඔයාගේ සැප පහසුම ඇඳුම පිජාමා එක තමයි. ඔයාගේ පිජාමා වලට  ශරීරයෙන් පිට කරන බැක්ටීරියා සහ දහඩිය ද රඳවා ගත හැකි බැවින් සෑම දිනකම නැවුම් පිජාමා එකකට මාරු වීමට වග බලා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1640 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:00:47 AM
Script:/article/1640/did-you-know-these-fashion-items-will-harm-your-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:00:48 AM
Script:/article/1640/did-you-know-these-fashion-items-will-harm-your-health.html