ඔබ ආහාර ගන්නා ආකාරය පිළිබඳ දේහ ලක්ෂණ විද්‍යාවෙන් කියැවෙන පලාපල

October 25, 2017
7,490
What does the way you eat say about yourself
අපේ ප්‍රධාන ආහාරය බත්. දවසේ තුන් වේලම බත් කන අය සිටී. මේ අතර මුළු දවසටම එක වේලක් පමණක් බත් කන අයත් සිටියි. ඒ වගේම සමහරු දවසට දෙවේලක් පමනක් බත් කයි. අද අපි කතා කරන්න හිතුවා බත් ආහාරයට ගැනීමේදී පුද්ගලයාගෙන් පුද්ගලයා තුල ඇති වන පුරුදු තුලින් ඔහුගේ හෝ ඇයගේ ගති ගුණ සොයා බලන්න.

* සමහර පුද්ගලයන් බත් කන විට මුළු සිරුරම දහඩියෙන් තෙත් වෙයි. මේ අය පරක් තෙරක් නොදැන කටයුතු කරයි. තමාට කියා කිසිවක් ඉතුරු කර ගන්නේ හෝ ගෙයක් දොරක් සාදා ගැනීමක් හෝ නොකරයි. සුරාවට ගිජුය. වාචාල කතා කියයි. මෙවැනි පුද්ගලයන්ගේ විවාහ ජීවිතය බොහෝ විට අසාර්ථක වේ.

* රහසිගත සල්ලාල කම් ඇති අය ආහාර ගැනීමට පසු ඇඟිලි ලෙවකනු දැකිය හැකිය. සිත නිතර අසහනයෙන් පෙලෙයි. රාගාධික සිතුවිලි අධිකය. අනුන්ට දැනගැනීමට නොහැකි රහස් චරිතයකි. පුරුෂයන්ට පමණක් නොව මේ තත්වය ස්ත්‍රීන්ටද බලපානු ඇත.

* ඉතා ක්‍රමවත්ව සන්සුන්ව ආහාර ගන්නා අය බුද්ධිමත්ය. මොවුන් මානව දයාවෙන් යුතුය. තම බඳුනේ ආහාර කොටසක් ඉතුරු කරගන්නා ස්ත්‍රී පුරුෂයන් දයාව කරුණාව ඇති පරාර්ථකාමී පුද්ගලයන්ය. ගරු සරු ලබයි. භව භෝග සම්පත් ලබයි.

* ඇඟිලි තුඩු වලින් පමණක් ආහාර අනුභව කරන්නෝ ඉතා ගුණයහපත් අයයි. මෙවන් අය ඇසුරු කිරීම ඉතා යහපත්ය. අනුන්ට උපකාර කරයි. සමාජ කටයුතු කරන ගුණගරුක අයයි.

* වම් අතින් බත් කන අය සිටී. මොවුන්ගේ බුද්ධියද ශක්තියද හොඳය. මොවුන්ගේ දියුණුව මද වශයෙන් සිදු වෙයි. ජීවිතය දුක් බරය. දුක් කරදර බාධක එමටය. අනුන්ගේ දෝෂාරෝපණ ඇසීමට සිදු වේ.

සටහන
සමන්ති චතුරාණි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 471 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:11:39 AM
Script:/article/471/what-does-the-way-you-eat-say-about-yourself.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:11:39 AM
Script:/article/471/what-does-the-way-you-eat-say-about-yourself.html