ඉරිදා
ඉරිදා දින මල්වර වු යුවතියට අපල දෝෂ නෑ. අහංකාර ගතිගුණ ඇති වේ. ඒ වගේම අලංකාර ලෙස හැඩ වැඩ වීමට කැමැත්තක් දක්වයි. අගහිගකම් ඇති නොවේ. නිදහසේ හා සතුටින් ජීවත්වීමේ වාසනාව ලැබේ. මහන්සිවීමට අකමැතියි. නම්බුව හා ගෞරවය ආරක්ෂාකර ගනි. තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කිරිමට ඇය කැමතියි. රූමත්ය. අනුන් පාලනය කිරීමටත්, අන් අයගෙන් වැඩ ගැනීමටත්, ප්‍රධානියා ලෙස ජීවත් වීමටත් ආශාවක් දක්වයි. පිරිසිදුව සිටීමටද කැමත්තක් දක්වයි. ඒ වගේම පියාට සුභයි.
සදුදා
සදුදා දින මල්වර වු දියණිය ඉතා වාසනාවන්තයි. චාම් ගති පැවතුම් වලින් යුක්තයි. කරුණාවන්ත තැනැතිතියක් වු ඇය පවුලේ අයට ඉතාමත් ලැදිව අන් අයගේද වැඩපල වලට උදවු දෙයි. ගෙදර දොර වැඩට දක්ෂයි. ඇවිදීමට කැමැත්තක් දක්වයි. ගෙදර දොර හොදින් පාලනය කරමින්, පවුලේ අයට මෙන්ම, නෑයින්ටද, අන් අයටද උදවු කරමින් ඉතාම යහපත් ජීවිතයක් ගෙවයි.
අගහරුවාද
අගහරුවදා මල්වර වු යුවතිය මදක් අහංකාර, මුරන්ඩු ඇති තැනැත්තියක් වේ. ඉක්මනින් කිපෙන කිසිවෙකුට යටත් නැති, සටනට උවද යාමට බියක් නොදක්වයි. ඒ වගේම විවහා ජීවිතයෙන් ඇයට ඒ තරම් සතුටක් නොලැබේ. සැප සම්පත් අඩුය. ඒ උනත් ඇයට හස්ත කර්මාන්තය හෝ දෑගිලි මෙහෙයවා කරන කර්මාන්තයකින් වැඩි පල ප්‍රයෝජණ ලබා ගත හැකිය. නිවසේ වැඩ අධික වන අතර සැප පහසුවද අඩු කෙරේ.
බදාදා
බදාදා දවසේ මල්වර වු යුවතිය ඉගෙනීමට දක්ෂයි. විනොදයෙන් කෙලි සෙල්ලමෙන් දවස ගෙවීමට කැමැත්තක් දක්වයි. නිවසේ වැඩපල වලටද දක්ෂයි. කතා බහට මෙන්ම සංගීතයටද ලේඛන කලාවටද ඇය තුල දක්ෂකමක් නිතැතින්ම තිබේ. සුදුසු වයසේ විවාහයක් සිදුවී පින්වත් දරුවන් ලැබීමටද වාසනාව හිමි වේ. සහොදර, සහොදරියන්ට මෙන්ම දෙමාපියන්ටද ඇය නිසා වාසනාව උදාවේ. සුළු සුළු ගමන් බිමන් යාමටද නිතරම සිදුවේ.
බ්‍රහස්පතින්දා
බ්‍රහස්පතින්දා දවසේ මල්වර වු යුවතිය පවුලේ වැඩි වාසනාවන්තිය වේ. අන් අයට වඩා හොදින් වැඩුණු සිරුරක් හිමි වේ. ඉගෙනීමට දක්ෂයි. ධන ධාන්‍ය සම්පත් හිමිවෙයි. සැපසේ ජීවත් වීමේ වාසනා ගුණය ලබයි. අගහිගකම් ඇති නොවේ. නම්බුවට හා ගෞරවයට කැමති, යහපත් කල් ක්‍රියාවෙන් යුක්තයි. ඒ වගෙම ඇය කතාවෙන් මෙන්ම හැසිරීමෙන්ද මහන්තත්ව ගතියක් පෙන්නුම් කරයි. වාසනාවන්ත විවාහයක් මෙන්ම පින්බර වු දරුවන් ලබයි.
සිකුරාදා
සිකුරාදා මල්වර වු යුවතිය වාසනාවන්තයි. සියලු සැප සම්පත් ලබයි. නිතර පිරිසිදුව හා ලස්සනට සිටීමට ඇය දක්වන්නේ මහත් කැමැත්තකි. දියුණුවට පත්වේ. ධන සම්පත් ලබයි. රූමත් වේ. නිරෝගීය. ඉගෙනීමට දක්ෂය. සංගීතයට කැමතියි. ඉතා ඉක්මනින්ම විවාහයකට වාසනාව ඇයට හිමිවේ. හිත මිතුරන් රැසක් ඇති ඇය පවුලේ සෑම කෙනෙකුටම ලෙන්ගතුයි. වාසනාඅවන්ත දරුවන් ලබයි.
සෙනසුරාදා
සෙනසුරාදා මල්වර වු යුවතිය බොහෝ විට පවුලේ වැඩිමලා හෝ බාලයා වීමට ඉඩ තිබේ. සමාන්‍ය ජීවිතයකට උරුමකම් කියන ඇය ඉක්මනින් කෝපයට පත්වෙයි. අන් අයගේ සතුටට වඩා තමන්ගේ සතුට වෙනුවෙන් වැඩ කිරීමට ඇය කැමතියි. ජීවිතයේ ඉතාමත් වෙහෙස වී වැඩ කිරීමට ඇයට සිදුවේ. විවාහය තරමක් ප්‍රමාද වේ. විවාහය සිදුවන්නේ සාමන්‍ය කෙනෙකු සමගය.
සටහන - සමන්ති චතුරාණී