අවස්ථාවට ආදරය කරන පෙම්වතෙක් හරියටම හඳුනා ගන්නේ කොහොමද?

October 10, 2018
13,676
How to find out whether your boyfriend truly love you
ආදරය කියන්නේ සුන්දර අත්දැකීමක් කියලා ඔයාට අපි අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑනේ. නව යොවුන් වියේ ඉන්න ඔයාට වගේම කාලයක් ආදරය කරලා දැන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඔයාටත් මේ අත්දැකීම් අනන්තවත් ඇති. අද තියෙන සමාජ තත්ත්වය අනුව තමන්ට පුළුවන් වෙන්නේ තමන් ගැන විතරයි විශ්වාසයෙන් කටයුතු කරන්න. මොකද අද අපි අවට ඉන්න කිසිම පුද්ගලයෙක් විශ්වාස කරන්න බෑ. ඔයා ආදරය කරන පෙම්වතියක් නම් ඔයා කොහොමද ඔයාට ඔයාගේ පෙම්වෙතා ඇත්තටම ඔයාට ආදරය කරනවාද? එහෙමත් නැත්තම් අවස්ථාවට ආදරය කරනවාද? කියලා හරියටම දැන ගන්නේ. අද අපි ඔයාට කියන්නේ ඔයාගේ පෙම්වතා ඔයාට ඇත්තටම ආදරය කෙනෙක්ද එහෙමත් නැත්තම් අවස්ථාවට ආදරය කරන කෙනෙක්ද කියලා හරියටම හඳුනා ගන්න පුළුවන් කරුණු කිහිපයක්. ඔයා මේ ලිපිය කියලවාම බලන්නකෝ එතකොට ඔයාටත් පුළුවන් ඔයාගේ පෙම්වතා අවංක පෙම්වතෙක්ද කියලා දැන ගන්න.

ඔයාව මුණ ගැහෙන්නේ ඕයාට ඕන වේලාවට නෙමෙයි ඔහුට ඕන වේලාවට

ආදරය කරන කාලේට ඉතිං කෙල්ලෝ කොල්ලෝ තමන්ගේ පෙම්වතා පෙම්වතිය එක්ක ඇවිදින්න තියෙනවා නම් වෙන මුකුත් ඕන නෑනේ. ඉතිං ඔයාගේ පෙම්වතා ඔයාට ඕන වේලාවට හිතාමතාම එන්නේ නැතුව මගහරිනවා නම් ඔහු එක්ක තව දුරටත් සම්බන්ධතාව තියාගන්නවාද කියලා ඔයාට හිතලා බලන්න වෙනවා. අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ පෙම්වතා අතිශය කාර්යබහුල වටපිටාවක ඉන්නවා නම් ඔහුට ඉඩ ලැබෙන හැම වේලාවකම ඔයා එක්ක කතා කරන්න වේලාවක් වෙන් කර ගනීවි. එහෙම නැතුව ඔයා එන්න කියන වෙලාට එන්නේ නැතුව ඔහුට ඕන වෙලාවට නම් එන්නේ ඔහු ඇත්තටම ඔයාට ආදරය කරන සැබෑවට නෙමෙයි අවස්ථාවට.

ඔයා එක්ක වැඩිපුර වේලාවක් කාලය ගත කරන්න ඔහු තුළ රුචිකත්වයක් නෑ

ඔයාව මුණ ගැහෙන්න හිදලා හිටලා හිරි ඔයාගේ පෙම්වතා ආව කියලා හිතමුකෝ. ඉතිං ඔයා එක්ක වැඩි වේලාවක් කාලයක් ගත කරන්න කැමැත්තක් නැත්තම් ඇත්තට ඔහු ඔයාට අවංකව ආදරය කරන්නේ නෑ. ඉතිං මේ වගේ කෙනෙක් එක්ක ඔයා තවදුරටත් ජීවත් වෙන එක තේරුමක් නෑ නේද? ඒ විතරක් නෙමෙයි ඔහුගේ සියලු වැඩ කටයුතු අවසන් වුණු පසුවයි ඔයාව බලන්න එන්නේ. ඇතැම් විට ඔහු ගණදෙනු කරන්නේ කාර්යබහුල වටපිටාවක නොවුණත් එවැනි බවක් ඔබට පවසන්නේ ඔයාගේ සම්බන්ධතාව අනවශ්‍ය යැයි විය හැකියි. මොකද ඔයා ඔහුව විවාහ උනා කියමු. මෙය ඔයා කවදා හරි බෙහෙවින් පසු තැවෙන කාරණාවක් වෙයි.

ඔයාට ලබා දෙන්නේ අඩු අවධානයක් නම්

අපි මෙහෙම හිතමුකෝ ඇත්තටම ආදරය කරන දෙනේනෙක් නම් දෙදෙනාට තියෙන ප්‍රශ්ණ ගැටළු සම්බන්ධයෙන් හොයලා බලනවා. දෙදෙනාගේම දුකේදී වගේම සැපේදීත් පෙනී ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ පවුලේ අය ගැන හොයලා බලනවා. ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒත් ඔයාට ආදරය කරන්නේ නැති , ඔයාව අවස්ථාවට විතරක් ආදරය කරන කෙනා ඔයාට එතරම් අවධානයක් යොමු කරන්නේ නෑ. ඔහුට ඔයාව මතක් වෙන්නේ ඔයා කොල් ගත්තම එහෙමත් නැත්තම් මැසේජ් කලාම විතරයි. ඔයා ගැන දැන ගන්නවත් ඔයාට අවධානය දෙන්නවත් ඔහු තුළ එතරම් උමනාවක් හෝ අවශ්‍යතාවක් නෑ.

නෑදැයින්ට වගේම හිතමිතුරන්ට හඳුන්වා දෙන්න කැමති නෑ

ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නෑ. ඔයාට අවංකව ආදරය කරන්නේ නැති කෙනෙක් නම් ඔහුගේ හිතුවත්නට හඳුන්වලා දෙන්න කැමැත්තක් නෑ වගේම ඔයා ඔයාගේ නෑදෑ හිතවතුන්ට ඔහුව හඳුන්වලා දෙනවාටත් ඔහු තුළ එතරම් කැමැත්තක් නෑ.
ඔයාගේ පෙම්වතා ඇත්තටම ඔයාට ආදරෙයි නම් ඔයාව නැදෑ හිතවතුන්ට හඳුන්වලා දෙන්න කැමතියි. මොකද කවදාහරි ඔයාලා දෙන්නා දිගු ගමනක් යන්න කැමැත්තක් තියෙනවා නම් ඔහු ඔයාගේ පවුලේ අය එක්ක කතා කරන්න පසුබට වෙන්නේ නෑ. මෙවැනි හැසැරීමක් ඔයාගේ පෙම්වතා තුළ තියෙනවා නම් එහෙම කරන්නේ ඔයාව සැබෑ පෙම්වතිය කර ගන්න අවශ්‍ය නොමැති නිසා. මොකද ඔයා එයාගේ සෑබෑ ආදරය නොවන නිසා.

අනාගතය සම්බන්ධයෙක් ඔයා එක්ක කතා කරන්න උවමනාවක් පෙන්වන්නේ නෑ

ඔයාලා දෙන්නාගේ අනාගතය ගැන කතා කරන හැම අවස්ථාවක ඔහු එය මගහරිනවා වෙන්න පුළුවන්. ඔයා ඔයාගේ පෙම්වතා එක්ක අනාගතය සම්බන්ධයෙන් යමක් පැවසීමට උත්සාහ කළත් ඔහු එයට කිසිම විටෙක අවධානයක් යොමු කරන්නේ නෑ. ඔයා අනාගතය සම්බන්ධයෙන් එහෙමත් නැත්තම් ඔයාලා දෙන්නාගේ දියුණුව සම්බන්ධයෙන් යම් දෙයක් පැවසුවත් හිතාමතාම එය ප්‍රතික්ෂේප කරනවා. බෑ, බලමු, පස්සේ වගේ උත්තර තමයි ඔයාට ලැබෙන්නේ.

ඔයාට කතා කරන්නේ මැසේජ් එවන්නේ අඩුවෙන්

ඇත්තටම ඔයාගේ පෙම්වතා ඔයාට ගොඩක් ආදරය කරනවා නම් ඔයාට වගේම ඔහුටත් ඔයාව නිතරම මකත් විය යුතුයි. එහෙම නැත්තම් ඔයා කෝල් කරනකොට මැසේජ් කරනකොට විතරක් නම් ඔහුට ඔයාව මතක් වෙන්නේ ඔයාට ලැබිලා තියෙන්නේ සැබෑ ආදරයක් නම් නෙමෙයි. ඔයා කෝල් එකක් ගන්නකොට වුණත් ඔහු ඔයාට කතා කරන්න උනන්දු වෙන්නේ නැ. කොයි වෙලාවේ බැලුවත් ඔහු මොනයම් හෝ වැඩක් බව පවසනවා. ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. ඔයාව මගහරින්න තියෙන උනමනාව නිසා ඔහු මෙහෙම කරනවා විය හැකියි. ඔයාගේ පෙම්වතා ඔයාට ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඔයාගෙන් දුරස් වෙන්නේ නෑ. ඔයාට තවත් ළං වෙනවා. ඔයාගෙන් දුරස් වෙන්න උත්සාහ කරන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1112 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:33:27 AM
Script:/article/1112/how-to-find-out-whether-your-boyfriend-truly-love-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:33:28 AM
Script:/article/1112/how-to-find-out-whether-your-boyfriend-truly-love-you.html