පිරිමි මේ දේවල් කරන්නේ ඔහුගේ හිතේ තියෙන ආදරය ඔබට පෙන්වන්න

June 21, 2017
16,858
6 Ways How Men Show Love For Their Women
අපි හැමෝම කැමතියි ආදරේ කරන්න වගේම ආදරේ ලබන්න. මේ දෙකම ජීවිතේට ලැබෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. අපි අපේ ආදරේ අනිත් කෙනාට පෙන්නන්න එක එක විදිහේ දේවල් කරනවා. එක අතකින් අපි අපේ ආදරේ අනිත් කෙනාට පෙන්නලා බලාපොරොත්තු වෙන්නේ ඒ කෙනාගේ ආදරය ලබාගන්න.

කොහොම උනත් පිරිමි තමන්ගේ ආදරය පෙන්නන්නේ කාන්තාවන්ට වඩා ටිකක් වෙනස් විදිහට. වෙලාවකට කාන්තාවන් මේක වැරදියටත් තේරුම් ගන්නවා. මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවා පිරිමි තමන්ගේ ආදරේ පෙන්නන්න කරන දේවල් ගැන.

1. තෑගි දෙනවා

පිරිමි බොහෝ වෙලාවට තමන්ගේ සහකාරියට විවිධ තෑගි ගෙනත් දෙනවා. මොකද මේ අය හිතන්නේ කාන්තාවන් විවිධ තෑගි වලට වැඩි කැමැත්තක් දක්වනවා කියලා. මේ නිසා පිරිමි උත්සහ කරන්නේ තමන්ට පුළුවන් විදිහට වටිනා තෑගි ගෙනත් දීලා තමන්ගේ සහකරියව සතුටු කරන්න. හැබැයි ඉතින් අද ඉන්න ගොඩක් තරුණියන් කරන්නේ මේ විදිහට තමන්ගේ සහකරුවා ගෙනත් දෙන තෑගි වල අඩු පාඩු හොයන එක. මේ නිසා වෙන්නේ ඔහු ඔබට ආදරෙන් ඒ දේ ගෙනාවත් ඔහුගේ හිත රිදෙන එක. මේ නිසා කාන්තාවන් තේරුම් ගන්න ඕනේ ඔහු ඔබ වෙනුවෙන් යමක් ගෙන එන්නේ ඔහුගේ ආදරය ඔබට පෙන්වන්න අවශ්‍ය නිසා බව.

2. කෑම බීම බෙදා හදා ගන්නවා

හිතන්න ඔබ දෙදෙනා එකට ඉන්න අවස්ථාවක ඔහු ice-cream දෙකක් මිලදී ගන්නේ නැතිව එකක් මිලදී ගන්නවා කියලා. මේ වගේ වෙලාවට සමහර තරුණියන් හිතන්නේ ඔහු ලොබ කමට එකක් මිලදී ගත්තා කියලා. එත් ඇත්තටම ඔහුට අවශ්‍ය එය ඔබත් සමග බෙදාගෙන කන්න. මේ නිසා පිරිමි ගොඩක් වෙලාවට උත්සහ කරනවා කෑම බීම ඔබත් සමග බෙදාගෙන කන්න. මොකද එතකොට ඔහුට පුළුවන්නේ ඔහුගේ ආදරේ ඔබට හොදටම පෙන්නන්න.

3. නිතරම ඔබ ගැන සිතනවා කියා පෙන්වන්න උත්සහ කරනවා

පිරිමි හිතන්නේ කාන්තාවන් කැමති නිතරම ඔවුන් ගැන සොයා බලනවාට කියා. මේ නිසා පිරිමි හිතනවා ඔවුන්ගේ ආදරේ ඔබට පෙන්වන්න හොදම ක්‍රමයක් තමයි ඔබ ගැන නිතර සිතන බව ඔබට පෙන්වීම කියා. මේ නිසා ඔවුන් ඔබට නිතරම දුරකතනයෙන් කතා කරමින් ඔබට කෙටි පණිවිඩ එවමින් කාලය ගත කිරීමට උත්සහ කරනවා. සමහර තරුණියන් මෙය කරදරයක් ලෙස සිතමින් වෙලාවකට ප්‍රශ්න ඇතිකර ගන්නවා. මේ නිසා ඔබේ පෙම්වතාත් මේ වගේ කෙනෙක් නම් ඔබ ටිකක් තේරුම් ගන්න ඔහුට අවශ්‍ය ඔහුගේ ආදරය ඔබට පෙන්වීමට බව.

4. ඔබ වෙනුවෙන් කෑම සකස් කරනවා

ඔහුට හොදට කෑම ඉවීමට නොහැකි උනත් ඔහු ඔබ වෙනුවෙන් කෑම සකස් කරනවා කියන්නේ ඔහුට අවශ්‍ය ඔහුගේ හිතේ තිබෙන ආදරය ඔබට පෙන්වීමටයි. මේ වගේ වෙලාවට ඔහුගේ කෑම වල අඩුපාඩු හොයන්නේ නැතුව ඔහු ඔබ වෙනුවෙන් කල දෙයට ස්තුති කරන්න. එය ඔහුට විශාල සතුටක් වේවි.

5. නිතරම ඔබේ කැමැත්තට අවස්ථාව දෙනවා

ඔබ දෙදෙනා කෑමකට එළියට යන්න සුදානම් උනත් ඔහු ඔබෙන් අහනවා ඔබ කන්න කැමති දේවල් ගැන සහ යන්න ඕනේ තැන ගැන. film එකක් බලන්න ගියත් එහෙමයි. මොන දෙයක් කරන්න ගියත් ඔහු ඔබෙන් අහනවා ඔබේ කැමැත්ත. සමහර තරුණියන් නම් මේකට කැමති නැහැ ඒ අය හිතන්නේ පිරිමි කෙනා හැම දෙයක්ම තීරණය කරලා ඔවුන්ව පුදුම කරන්න ඕනේ කියලා. අන්තිමට පොඩි හරි වැරද්දක් උනොත් ඔවුන් සහකරුවට දොස් කියනවා. මේ නිසා ඔහු ඔබේ කැමැත්ත අකමැත්ත අහනවා නම් ඔහුට ඔබ කැමති අකමැති දේවල් ගැන කියන්න. එවිට ඔහුට වගේම ඔබටත් සතුටින් කාලය ගත කරන්න පුළුවන්.

6. ඔබ කියන දේවල් වලට හොදින් ඇහුන්කම් දෙනවා

පිරිමි අය කියන්නේ වැඩිපුර කතාකරන්න වගේම අහගෙන ඉන්න කැමති අය නෙවෙයි. නමුත් ඔබේ සහකරුවා ඔබ කියන දේවල් හොද අවධානයකින් අහගෙන ඉන්නවා කියන්නේ ඔහුට ඇත්තටම අවශ්‍ය ඔහු ඔබට ආදරය කරන බව ඔබට පෙන්වීමටයි. මේ නිසා ඔබේ සහකරුවත් ඔබ කියන දේවල් වලට හොදින් ඇහුන්කම් දෙන ඔබට ප්‍රශ්න විසදගන්න නිතර උදවු කරන කෙනෙක් නම් ඔහුගේ ආදරය කවදාවත් අහිමිකර ගන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 322 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:58:54 PM
Script:/article/322/6-ways-how-men-show-love-for-their-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:58:54 PM
Script:/article/322/6-ways-how-men-show-love-for-their-women.html