දරුවන්ගේ නින්දේ වටිනාකම දෙමාපියන් වටහාගත යුත්තේ මේ හේතු නිසායි

June 5, 2020
10,080
The importance of children’s sleep
සාමාන්‍යයෙන් ළමයින්ගේ හිත් වල ප්‍රශ්න නැති නිසා ඇඳට වැටුණු සැනින් නින්ද යනවා. බියකරු සිහින නැති සුවපත් නින්දක් දරුවන්ට ලබා දීම අපි කාගේත් බලාපොරොත්තුවක්. නින්දට යාමේදී නිදහසට කරුණු මවා පා නින්ද මග හැරීම සෑම වයස් කාණ්ඩයකම ළමයින් අතර බහුලව දක්නට ලැබෙන අතර එමගින් දෙමාපියන්ට බොහෝ කලකිරීමට පත් වෙනවා. නින්ද දරුවන්ට කොතරම් වටිනවද කියලා ඔයා දැනටමත් දන්නවා. ඉතිං අද හැඩකාරී අපි ඔයාට ළමයින්ට නින්ද මග හැරෙන්න බලපාන හේතු ගැනයි කියන්න හිතුවේ.

කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් විවිධ රෝග දරුවන්ගේ නින්දට බාධා ඇති කරනවා. මෙය ළමුන් අතර දැකිය හැකි පොදු ලක්ෂණයක්. අද ළමයින් අධික ලෙස මානසික ආතතියෙන් පෙළෙන අතර නිදා සිටිය යුතු ප්‍රමාණයට වඩා අඩු නින්දක් තමයි ලබන්නේ. ඇත්ත වශයෙන්ම දරුවන්ට නින්ද අහිමි වෙනවා. ළමයින්ට වැඩි නින්දක් අවශ්‍ය බව විශේෂඥයින් පවා පවසා තියෙනවා.

“නින්දට ප්‍රමාණවත් කාලයක් වෙන් කිරීම යනු දරුවෙකුගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ හොඳම ක්‍රමයකි.” මෙය කුඩා දරුවන්ට මෙන්ම යොවුන් වියට පැමිණි අයටද අදාළ වෙනවා.

වයස අනුව (සෑම පැය 24 කට වරක්) ඔයාගේ දරුවාට කොපමණ නින්දක් අවශ්‍යද යන්න තීරණය කරන්න.
ළදරුවන් (මාස 4-12): පැය 12-16 නින්දක් 
කුඩා දරුවන් (අවුරුදු 1-2): පැය 11-14 අතර නින්දක්
පෙර පාසල් දරුවන් (අවුරුදු 3-5):  පැය 10-13 නින්දක්
පාසල් වයස (අවුරුදු 6-12): පැය 9-12 නින්දක්
යෞවනයන් (අවුරුදු 13-18): පැය 8-12 නින්දක්

ළමයින් නිදා නොගන්නේ නම් කුමක් සිදුවේද?

ප්‍රමාණවත් නින්දක් ලබන්නේ නැති ළමයින්ට පුළුල් පරාසයක ශාරීරික හා මානසික ගැටළු ඇතිවීමේ අවදානමක් පවතිනවා.

නිතර තුවාල කර ගැනීම
අවධානය මද බව
මනෝභාවයන් වෙනස් වීම
දුර්වල පාසල් කාර්ය සාධනය
තරබාරුකම
දියවැඩියාව
අධි රුධිර පීඩනය
මානසික අවපීඩනය
කාංසාව
සියදිවි නසාගැනීමේ සිතුවිලි

යෞවනයන් හට නින්ද නොලැබීම නිසා මානසික අවපීඩනය හා සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති වෙන බව පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා. මධ්‍යම රාත්‍රියෙන් පසුව නින්දට යන යෞවනයන් මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීමට 20% ප්‍රතිශතයක් ඇති බවත් එම පරීක්ෂණ වලින් සොයා ගෙන තියෙනවා.

යෞවනයන් තුළ නින්ද නොයෑම නිසා ඔවුන්ගේ මනෝභාවයන්, හැසිරීම, පාසලේ ක්‍රියාකාරීත්වය සහ සබඳතාවලට බලපෑම් කළ හැකි අතර මානසික අවපීඩනයට හේතු වෙනවා. අපගේ දරුවන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට නින්ද අත්‍යවශ්‍ය වෙන්නේ මේ නිසයි. 

නින්දේ ඇති වාසි මොනවාද?

නින්දට ප්‍රමුඛතාවය දීමට දෙමාපියන් විසින් ළමයින් සහ යෞවනයන් බලගන්වන විට, එයින් ලැබෙන ප්‍රතිලාභ බොහෝමයි.  ළමයින්ට වයසට ප්‍රමාණවත් නින්දක් ලැබෙන විට, ඔවුන් ඉගෙනීමට වැඩි අවධානයක්, වඩා හොඳ හැසිරීමක්, යහපත් සබඳතා ඇති කර ගැනීමක්, චිත්තවේගයන් පාලනය කිරීම්, විෂය කරුණු මතක තබා ගැනීම් සහ වැඩි දියුණු කිරීම් තුළින් හොඳ සමස්ත ජීවන තත්ත්වයක් ලබමින් සතුටුදායක ජීවිතයක් ගත කරනවා.

ළමයින් විවිධ හේතූන් මත නින්ද සමඟ පොරබදින අතර, එම ගැටලු විසඳීමට දෙමාපියන්ට ඉවසීම අවශ්‍ය වෙනවා. නින්දේ ගැටලු මග හැර ප්‍රමාණවත් පැය ගණනක් නිදා ගැනීමට ඉගෙන ගත් පසු, ඔවුන් කාංසාව සහ ආතතිය වැනි රෝග ලක්ෂණ අඩුවෙන් අත්විඳින අතර වඩා හොඳ නින්දකට මග පාදනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1638 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:53:44 PM
Script:/article/1638/the-importance-of-children-s-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:53:45 PM
Script:/article/1638/the-importance-of-children-s-sleep.html