ආදරේ කරද්දී ඔයා ලඟත් මේ පුරුදු තියෙනවා නම් අදම අත්හැර ගන්න. නැත්නම් ඔයාගේ ආදර කතාව අනතුරේ

July 7, 2017
14,840
How to Not Let Little Things Get to You in a Relationship
අපි ආදරේ කරන්න පටන් ගන්නේ ඒ ගැන මුලින් ඉගෙන ගෙන නෙවෙයිනේ. ඒ වගේම තමයි ඉතින් ඒ ගැන කවුරුවත් කියල දෙන්න ඕනෙත් නැහැනේ. හැබැයි මෙහෙම පටන් ගන්න ආදරේ රැක ගන්නේ කොහොමද කියල නම් අනිවාර්යෙන් කියලා දෙන්න වෙනවා. හේතුව ගොඩක් දෙනෙක් ළඟ තියෙන නරක පුරුදු නිසා සම්බන්ධතාවය තුල ප්‍රශ්න ඇති කර ගන්නවා. ආදරේ අහිමි කර ගන්නවා. අන්න ඒ නිසා ඔයත් අනිවාර්යෙන්ම කියවලා බලන්න මෙයින් එක පුරුද්දක් හරි හරි ඔයා ලඟත් තියෙනවද කියල. තියෙනවා නම් අදම අත් ඇර ගන්න.

1. ගෞරවය

මෙන්න මේක ගොඩාක් වැදගත් දෙයක්. තමන්ගේ සහකරුවාට හරි සහකාරියට හරි කිසිම ගෞරවයක්, පිළිගැනිමක් නොදීම. විවාහකයින් අතර මේ දේ ගොඩක්ම දකින්න පුළුවන්. ළමයි ඉස්සරහා අම්මා තාත්තට බණිනවා. තාත්තා අම්මට බනිනවා. එතකොට තමන්ගේ යාලුවෝ ඉස්සරහ ගෑණු ළමයට බනිනවා, ලැජ්ජා කරනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඉක්මනටම ආදර කතාවට තිත තියන්න වෙන එක තමයි.

2. ඉරිසියාව

මේක නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. boyfriend වෙන ගෑණු ළමයෙක් එක්ක ඕනවට වඩා ඇඟෑලුම් කමින් කතා කරනකොට girlfriend ට ඉරිසියා හිතෙනවා. මේක ඉතින් සාමාන්‍ය දෙයක්. හැබැයි සීමාව ඉක්මවා තියෙන ඉරිසියාව නම් එච්චර හොද නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් හිතේ හිර කරන් ඉරිසියාවෙන් පුපුර පුපුර ඉන්නේ නැතුව හොඳම දේ තමයි කතා කරලා ඒ දේවල් විසඳ ගන්න එක.


3. තරහ හිතේ තියාගෙන ඉඳීම

මේක නම් කාන්තාවන් තුළ තියෙන ගොඩක් ලොකු වැරැද්දක්. අපි හැමෝම අතින් වැරදි වෙනවනේ. ඉතින් ආදරේ කරද්දි වෙන වැරදි වලදී දෙන්නම එවා හිතේ තියන් ඉන්න එක නවත්තලා ඒවා ගැන කතා කරන්න. ප්‍රශ්න විසඳ ගන්න. සමාව දෙන්න. සමහර අය සමාව දුන්නට ඒවා හිතේ තියන් ඉන්නවා. හිටපු ගමන් ආයෙත් ඇදල ගන්නවා. ඉතින් හැමදාම ප්‍රශ්න. වැරැද්දට සමාව දෙන්න පුලුවන් නම් සමාව දීලා, කතා කරලා ඉවර කරන්න. ආයි ඉස්සරහට ඇදගෙන යන්න එපා.

4. කවදාවත් හොඳක් නොකීම

සමහර අය තමන්ගේ සහකරුගෙන්, සහකාරියගෙන් කොච්චර ආදරේ ලැබුනත්, තමන් වෙනුවෙන් කැප වෙලා හිටියත් සත පහකට ගණන් ගන්නෙ නෑ. කොච්චර දේවල් කරත් ඒවාට වටිනා කමක් දෙන්නේ නැහැ. කිසිම අගය කිරීමක් නැහැ. කවදාවත් හොදක් කියන්නෙම නැහැ. සීයක් දේවල් කරත් නොකරපු එක දේ තමයි පේන්නෙ. ඉතින් මෙහෙම උනහම දෙන්න අතර ප්‍රශ්න ඇති වෙන එක අහන්නත් දෙයක්ද. අපි කරන පුංචි දේකට පවා හොඳක් කියලා අගය කරනවා නම් අපි කවුරුත් කැමතියිනේ.

5. නිතරම කේන්තියෙන්

සමහරු ඉන්නවා හැම තිස්සෙම දුම්මල වරම අතින් අරගත්තු ගමන් ඉන්නේ. වචනයක් වරදින්න බෑ. ආදරය කරද්දී ඉතින් මේකත් ලොකු ප්‍රශ්නයක් තමයි. ඕන දේටයි එපා දේටයි හැම එකටම එපා. ඒකෙන් වෙන්නේ අනික් කෙනාත් කේන්ති අරන් කෑ ගහන්න පුරුදු වෙන එක. එහෙම කේන්ති ගන්නවා කියන්නේ එක ඔබේ ආදර සබදතාවයට ලොකු හානියක්.


6. වෙනත් සම්බන්ධතා

මේක ටිකක් සංකීර්ණ කාරණාවක්. ආදරය කරන්න පටන් ගත්ත ගමන් අනෙත් අය එක්ක තියෙන යාළු මිත්‍රකම් අතෑරලා දාන්න ඕන නැහැ. හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනේ. ඒ නිසා ලිමිට් එක පන්නලා අනවශ්‍ය විදියට කරන ගනු දෙනු තියා ගන්න එපා. සමහර අය එක පාර දෙතුන් දෙනෙක්ට ආදරය කරනවා. ඒවා ලොකු ප්‍රශ්න ඇති කරන්න හේතු වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා මේ වෙනකොටත් ඔයා ආදරය කරන කෙනෙක් නම් අනිත් මිනිස්සුත් එක්ක තමන්ගේ තියෙන සම්බන්ධතාවල ලිමිට් දැනගෙන කටයුතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 340 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:02:25 PM
Script:/article/340/how-to-not-let-little-things-get-to-you-in-a-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:02:25 PM
Script:/article/340/how-to-not-let-little-things-get-to-you-in-a-relationship.html