කෝපි කුඩු සමඟ සම පැහැපත් කර ගැනීමට ක්‍රම 3 ක්

July 20, 2020
25,535
Fair skin with coffee
දවස පටන් ගන්න උදෙන්ම ඇහැරුණාට පස්සේ බොන පළවෙනි පානයෙන් අපිට ලැබෙන තෘප්තිය වෙන කිසිම දෙයක් එක්ක සසඳන්න බෑ. ඔබත් කෝපි රසිකයෙක් නම් අනිවාර්‍යෙන්ම "කෝපි පානය" ඔබේ දෛනික වීරයා වෙන්නේ ඇයි කියලා ඔබ දන්නවා. මොකද ගොඩක් අයට ඒක ශක්තියක් වන අතර දවසේ ආරම්භයත් එයයි.

ඉතින් කෝපි වලට ඔබේ අභ්‍යන්තරය ශක්තිමත් කරන්න පුළුවන් විදිහටම ඔබේ සමටද ඒ හා සමාන ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන්. කෝපි කුඩු කියන්නේ ඔබේ සමට ආදරය දක්වන්න යොදා ගන්න පුළුවන් හොඳම අමුද්‍රව්‍යයක්. එය සමේ තිබෙන අහිතකර දේවල් පිට කිරීමේ ඉඳන් සම පැහැපත් කිරීම දක්වා වන සෑම දෙයක්ම ඔබට ඉටු කරලා දෙනවා. නිරෝගී දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා ඔබට කෝපි කුඩු භාවිතා කරන්න පුළුවන් ක්‍රම තුනක් මෙන්න...

සම දීප්තිමත් කරවන හා කුරුලෑ පාලනය කරන කෝපි ෆේස් පැක් :

මෙම ෆේස් පැක් එක සමේ සෞඛ්‍යය සඳහා හොඳයි. එය සම එල්ලා වැටීම වළක්වනවා. අඳුරු පැල්ලම් ද මකමින් සම්පූර්ණ මුහුණ සඳහාම ඒකාකාරී දීප්තියක් ලබා දෙමින් සම පෝෂණය කරනවා.

අවශ්‍ය අමු ද්‍රව්‍ය -

කෝපි කුඩු මේස හැඳි 01ක්
කහ කුඩු තේ හැන්දක්
යෝගට් මේස හැඳි 01ක්


ක්‍රමය
කැටිති වලින් තොර පේස්ට් එකක් ලබා ගැනීම සඳහා බඳුනකට සියලුම අමුද්‍රව්‍ය දාලා හොඳින් මිශ්‍ර කරන්න.
එය ඔබේ මුහුණ පුරා ආලේප කර විනාඩි 20 ක් වියළීමට තබන්න.
ඉන් පසුව සීතල වතුරෙන් සෝදා හරින්න.

වයස්ගත වීම වළකන කෝපි ෆේස් මාස්ක් :

සමට ස්වාභාවික තෙතමනය සහිත දිලිසීමක් ලබා ගැනීමට සහ සමේ රැළි, වියළි බව සහ අඳුරු පැල්ලම් වගේ වයසට යාමේ සලකුණු අඩු කිරීමට අවශ්‍ය නම් මෙම පිළියම භාවිතා කරන්න.

අවශ්‍ය අමුද්‍රව්‍ය -

කෝපි කුඩු මේස හැඳි 01ක්
මී පැණි මේස හැඳි 01ක්

ක්‍රමය
අමුද්‍රව්‍ය දෙකම හොඳින් මිශ්‍ර කරලා ඔබේ මුහුණට ආලේප කරන්න.
රවුම් චලිත ආකාරයෙන් එය මෘදු ලෙස මුහුණ මත ස්ක්‍රබ් කරන්න. 
මිනිත්තු 20 ක් වියළීමට ඉඩ දෙන්න.
සීතල වතුරෙන් සෝදා හැරලා මුහුණට මෘදු ක්ලෙන්සර් එකක් භාවිතා කරන්න.

දිලිසෙන සමට කෝපි ස්ක්‍රබ් :

සම සඳහා කෝපි කුඩු සහිත හොඳම නිවසෙමදීම හදාගන්න පුලුවන් ස්ක්‍රබ් එක මේකයි. මෙය භාවිතා කරන්න. එතකොට ඔබේ සම සිනිඳු, සවිමත්, තෙතමනය සහිත හා දීප්තිමත් ස්වභාවයකට පත් වෙනවා. ඔබේ ශරීරයේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ද මේ ස්ක්‍රබ් එක භාවිතා කරන්න පුළුවන්. ඔබේ මුහුණේ සමේ මිය ගිය සෛල හා බ්ලැක් හෙඩ්ස් වගේ සෑම දෙයක්මත් ඒකෙන් ඉවත් කරයි.

අවශ්‍ය අමුද්‍රව්‍ය-

දුඹුරු සීනි හැඳි තුනක්
කෝපි කුඩු මේස හැඳි තුනක්
පොල්තෙල් මේස හැඳි තුනක්

ක්‍රමය

බඳුනකට සියලුම අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා ඔබ නෑමට යන විට මෙම මිශ්‍රණයත් රැගෙන යන්න.
ඔබේ ශරීරය තෙත් කළාට පස්සේ ඔබේ මුහුණේ සිට පාද දක්වා මෙම ස්ක්‍රබ් එක ආලේප කරන්න.
වක්‍රාකාර චලිතයකින් සිරුර පුරා ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ සෝදා හරින්න. ඔබේ ශරීරයට සබන් යොදා සේදීමට පෙර කලත් පසු කලත් ප්‍රශ්නයක් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1713 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:08:09 PM
Script:/article/1713/fair-skin-with-coffee.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:08:09 PM
Script:/article/1713/fair-skin-with-coffee.html